
(යොහාන් භාසුර)
දේශීය කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීමට නැවත අවසන් දීමෙන් පසුව පොන්නි සම්බා සහල් මෙටි්‍රක්ටොන් 4,331 කට රේගු සටහන්කර ඉදිරිපත් කර ඇති බවත් ඉන් පොන්නි සම්බා සහල් මෙටි්‍රක්ටොන් 3,000 ක් පමණ මේ වන විට මෙරටට ආනයනය කර ඇති බවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිමෙහ්වා මහතා අද (27) ‘ලංකාදීප’යට පැවසීය.
සහල් ආනයනයට ආණ්ඩුව ආසන්නතම අවසර දීමෙන් පසුව රේගු සටහන්කර 46 කට අදාලව මෙම පොන්නි සම්බා සහල් මෙටි්‍රක්ටොන් 4,331 ක් ආනයන කිරීමට නියමිත බවත් එහි ඉතිරි සහල් තොග ද ඉදිරියේදී ලැබෙනු ඇති බවත් පුංචිහේවා මහතා කීය.
මෙම පොන්නි සම්බා සහල් සටහන්කරවලට ඇතුළත් පළමු තොගය කොළඹ වරායට පසුගිය 23 වැනිදා ළඟාවූ බවත් පසුගිය සති අන්තයේ ද සහල් තොගයක් මෙරටට ළඟාවීමට නියමිතව තිබූ බවත් රේගුව පැවසීය.
දේශීය වෙළෙඳපොළේ කාලයක් සිට පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වැනිදා සිට ජී.ආර්. 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණි.
ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව එක් ආනයනකරුවකුට පෙන්නි සම්බා සහල් මෙටි්‍රක්ටොන් 520 ක උපරිමයකට යටත්ව ආනයනයට අවසර ලැබුණි.
මෙරට වාර්ෂික සහල් පරිභෝජනය මෙටි්‍රක්ටොන් ලක්ෂ 24ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති අතර එයට කීරි සම්බා සහල් මෙටි්‍රක්ටොන් ලක්ෂ 2ක් පමණ ඇතුළත් වේ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොන්නි සම්බා ටොන් 4,331 ක් ආනයන කරයි