
(සුජිත් හේවාජුලිගේ)
මුස්ලිම් හෙද නිලධාරිනියන්ට රජයේ රෝහල්වල රාජකාරී කිරීමේදී සිය නිල ඇඳුම වෙනුවට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට රජය ලබාදී ඇති අවසරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විරෝධය පළ කර ඇත
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරන්නේ රජයේ රෝහල්වල හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම ප්‍රමිතියක් මත ජාත්‍යන්තර පිළිගැනීම අනු්ව නිර්මාණය කරන ලද්දක් බවයි.
කාගේ හෝ ඉල්ලීමකට සවන් දීමෙන් මෙම නිල ඇඳුම වෙනස් කිරීමට කටයුතු කරන්නේ නම්, සංගමයක් වශයෙන් ඊට විරෝධය පාමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවනු අැතැයි උන්වහන්සේ සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වලපයයි, ගොඩපයයි තියාගෙන ඉන්නේ, පිස්සු කෙලින්නේ නැතුව දැන්වත් මහණ වෙනවද ?
මරිමෝඩ පිස්සෝ බලයට පත් වුණාම එක එකා සතුටු කරන්න පිස්සු කෙළිනවා. අන්තිමට රටම ව්‍යාකූල කරලා තමයි මොවුන් ගෙදර යන්නේ... ආයේ නම් බලයට එන්නේ නෑ කවදාවත්. නමුත් ප්‍රශ්න වැලක් අටවනවා.
තනතුරකට නිල ඇඳුමක් තුළින් වෘත්තීය අනන්‍යතාවය, ගෞරවය ප්‍රතාපවත් බවක් අමතරව එකතු වෙනවා. එක එක ජාති ආගම් කුලමල අනුව තනතුරේ නිල ඇඳුම වෙනස් වෙනවා නම් ඒක මහ විකාරයක් වෙනවා. එක එක පිරිස් ඇවිල්ලා තමන්ගේ යටි අරමුණු ඉටුකර ගන්න විවිධ දේ ඉල්ලුවාට එකපාරටම හාහ් කියන්නැතුව බුද්ධියයි කශේරුවයි පාවිච්චි කරලා තීරණ ගන්න.
රැකියාවක නිල ඇඳුමක් තියනවා නම්, එය සැමටම එකක් විය යුතුයි.. තමන්ට ඕන විදිහට නිල ඇදුම් අඳින්න ගියොත් කොහොමද ඒක නිල ඇඳුමක් වෙන්නේ..? කවුද, මෙවැනි තීරණ වලට සෞඛ්‍ය ඇමැති අනුබල දෙනවා නම්, ඒක බරපතල වැරැද්දක්... එහෙම ජාතීන්ට අනුව නිල ඇඳුම් තියෙන්නේ මොන රටේද..? මේ රටේ බුද්ධිමත් ජනතාව බලය ලබා දුන්නේ පිස්සු කෙලින්න නොවෙයි කියලා ඔය කවුරු කවුරුත් හිතා ගත්තොත් හොඳයි...
හෑලිමාවෙ ඩෝබිලාට සෝදන්න බැරි තරම් අසූච් ගොඩක් වෙයි වගේ..
නිලය නියමිත නිල ඇඳුමවත් අඳින්න කැමති නැත්නම් එම පුද්ගලයා එම රැකියාවට සුදුසු නොවේ.
ආගමයි, රැකියාවයි පටලව ගන්න එපා… රැකියාවක් ඇති විට අපි එකම නිතියකට යටත් සැවොම එක සමානයි. ආගම එලියෙන් තියලා එන්න ඕනේ