IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වසර දෙකකට පසු කුවේට් එයාර්වේස් ලංකා ගුවනට

(අංජුල මහික වීරරත්න)

කුවේට් එයාර්වේස් ගුවන්සේවය වසර දෙකකට පසුව අද (27) කුවේට් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කරනු ලැබීය.

 සමාරම්භක ගුවන් ගමන වෙනුවෙන් Airbus  A 320 neo ගුවන් යානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ලගා වු අතර සාම්ප්‍රදායික ජල ආචාරය යොදමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එම යානය පිලිගනු ලැබීය.

එහෙම යානයෙන් පැමිණි ගුවන් මගීන්ට ශ්‍රී  ලංකා සංචාරක මණ්ඩලය සිලෝන් තේ (Ceylon Tea) තෑගි පිරිනමා උණුසුම් ලෙස පිළිගත්තේය.

අද සිට සතියකට දින 4ක් කුවේට් එයාර්වේස්  ගුවන් සේවය කුවේට් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා අධිකාරිය පවසයි.

ඔවුන් මේ සඳහා සිය නවීනතම Airbus A320neo ගුවන් යානා භාවිතා කිරීමට නියමිතය. 

1978 ඔක්තෝබර් 15 වන දින කුවේට් රාජ්‍යයේ ජාතික  ගුවන්සේවය වන කුවේට් එයාර්වේස් පලමු වරට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරනු ලැබ ඇත. 2023 ජනවාරි මාසයෙන් පසු කුවේට් එයාර්වේස් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබිණි.



අදහස් (1)

වසර දෙකකට පසු කුවේට් එයාර්වේස් ලංකා ගුවනට

chitra wickramarathna Tuesday, 28 October 2025 08:43 AM

කොවිඩ් කාලේ, අපේ ටිකට් ගෙවීම නැති වුණා, මේ සමාගම හොඳ නැහැ. කුවේට් එයාර්වේස් කවදාවත් පාවිච්චි කළේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site