ගුවන් සේවිකාට ලිංගික අඩත්තේට්ටම් කළ නාවික කපිතාන් රිමාන්ඩ් වෙරි වී එමිරේට් ගුවන් සේවිකාවකාවකට ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි කියන නෞකාවක කපිතාන්වරයකු ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය. 29 May 2025
පෝලන්ත විදේශ ඇමති ජනපති හමුවෙයි පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි (Radoslaw Sikorski) මහතා අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. 29 May 2025
අමාලි රඹුක්වැල්ලගෙන් පැය තුනක ප්‍රකාශයක් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල මහත්මියගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවාය. 29 May 2025
දුම්රියේ තැපැල් මැදිරි අද ගලවයි තැපැල් සේවක වර්ජනය හේතුවෙන් අද රාත්‍රී ධාවනය කෙරෙන කොළඹ කොටුව - බදුල්ල , බදුල්ල - කොටුව , කොටුව - ගාල්ල රාත්‍රී තැපැල් දුම්රියන්හි තැපැල් මැදිරි ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 29 May 2025
සභික ලැයිස්තු බාරදීම හෙටින් අවසන් පළාත් පාලන මැතිවරණයේ සභික ලැයිස්තු බාරදීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට ලබාදී ඇති කාලය හෙට (30) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන්වේ. 29 May 2025
පාස්පෝට් රාත්‍රී සේවය අවසන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24 සේවය හෙට (30) අවසන් කරන බව වැඩබලන ආගමන විගමන පාලන ජනරාල්වරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය. 29 May 2025
මෙම වසරේ වෙඩි තැබීම් 50ක්: මියගිය ගණන 30ක් වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්රදේශලින් වෙඩි තැබීම් සිද්ධීන් 50ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි 29 May 2025
පොලිස් ස්ථානාධිපතිවරුන් 16 කට ස්ථාන මාරු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනකුට ස්ථාන මාරු සහ පත්වීම් ලබාදී ඇත. 29 May 2025
හිටපු ඇමැති දුමින්ද යළි රිමාන්ඩ් වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ශ්‍රීලනිප මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක කළ ඇප ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද (29) ප්‍රතික්ෂේප කළාය. 29 May 2025
ත්‍රස්තවාදය වළක්වන අලුත් පනතට මහජන අදහස් අසයි ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම යටතේ විවිධ සංවිධාන සහ පුද්ගලයින් 240 ක එකමුතුව විසින් සකස් කර අත්සන් කරන ලද යෝජනාවලියක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට අධිකරණ අමාත්‍යාංශයේදී අද බාර දුන්නේය. 29 May 2025
’’ආණ්ඩුව ගැන මිනිස්සු සතුටු නැහැ’’ ආණ්ඩුව මෙතෙක් කළ දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වී නැතැයි පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ට ලක්ෂ විසි තුනක් අඩුවීමෙන් හොඳින්ම අවබෝධ වන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවසීය. 29 May 2025
ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ ලේඛකාධිකාරී පත් කරයි ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ Ceylon Medical College Council – (CMCC) නව ලේඛකාධිකාරී තනතුරට මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පත් කර තිබේ. 29 May 2025
මහනුවර ඩෙංගු අධි අවදානමේ මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු අධි වසංගත තත්ත්වයට ළඟාවී තිබෙන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා පවසයි. 29 May 2025
කෙහෙළියගේ දුව අල්ලස් කොමිසමට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල මහත්මිය අද අල්ලස් කොමිසමට පැමිණියාය. 29 May 2025
ජාතික බදු සතිය 2 වැනිදා සිට ජාතික බදු සතියක් ලබන මස 2 වැනිදා සිට 8 වෙනිදා දක්වා රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ලැබ ඇත. 29 May 2025
තැපෑල වර්ජනයේ අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් තැපැල් වෘත්තීය සමිති කීපයක් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රට පුරා තැපැල් කාර්යාල අඩපණ වී තිබේ. 29 May 2025
ලබන අයවැයට යෝජනා ගැනීම අරඹයි 2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි. 29 May 2025
සාජා ජාත්‍යන්තර සූපවේදී තරගාවලියේදී ජයග්‍රහණ තුනක් 26 වැනි ’’එක්ස්පෝ කලිනරි’’ (Expo Culinaire ) ජාත්‍යන්තර සූපවේදී තරගාවලියට ශ්‍රී ලංකාව් නියෝජනය කරමින් සහභාගී වූ , සූපවේදිනියන් තිදෙනෙකු රන් පදක්කම් 04 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන අද(29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . 29 May 2025
මහින්දානන්දට 20යි - නලින්ට 25යි: දෙන්නම හිරේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් වසර 10ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද නියම කළේය. 29 May 2025
දේශබන්දු කමිටුව වැලිගම සිද්ධියට 11 සාක්ෂි කැඳවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව මාතර වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 11 වැනිදා සාක්ෂි කැඳවීමට තීරණය කර ඇත. 29 May 2025
පානදුර වෙඩිතැබීමක් යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවකු විසින් පානදුර වෑකඩ ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් වෙළදසැලක් ඉදිරිපිටදී එල්ලකල වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 29 May 2025
ඉලොන් මස්ක් ඉවතට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් තමන් ඉවත්වන බව ලොව අංක එකේ බිලියනපති, ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි. 29 May 2025
කුවේටයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් වීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර අද(29 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 29 May 2025
ආනයනය කළ ලුණු මෙට්‍රික්ටොන් 2800 ක් වෙළෙඳපොළට ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 2800 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇතැයි එම ලුණු සමාගම පවසයි. 29 May 2025
අධි සංවේදී ස්කෑනරයක් සමඟ 7ක් අල්ලයි අධි සංවේදී ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සිලාවතුර ප්‍රදේශයේ කැබ් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සිලාවතුර පොලිසිය පවසයි. 29 May 2025
ලක්ෂ 50 ක හෙරොයින් සමඟ යුවළක් මාට්ටු හෙරොයින් ජාවාරමේ නිරතවූ අඹුසැමි යුවළක් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මතුකුඩු ,ප්‍රවාහනය කළ වෑන් රථයක්, හැට දහසක ජාවාරම් මුදල් සහ ජංගම දුරකතන දෙකක් සමඟ අත්අඩංගුවට. ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. 29 May 2025
මත්ද්‍රව්‍ය සමඟ බන්ධනාගාරයට ගිය නියාමක අත්අඩංගුවට හෙරොයින් , අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොළ සන්තකයේ තබා ගනිමින් බොරැල්ල මැගසින් බන්ධනාගාරයට ඇතුළු වීමට ගිය බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි. 29 May 2025
නිරිත දිග වැස්ස වැඩි වේ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් අද දින අපෙක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 May 2025
ඇමරිකා තීරු බදු ගැන දෙවැනි වටයේ සාකච්ඡා ඇරැඹෙයි ඇමරිකා තීරු බදු සම්බන්ධයෙන් වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන දෙවැනි සාකච්ඡා වටය සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගී වූ බව ජනාධිපති කාර්යාලය පවසයි. 29 May 2025
තර්ක විතර්ක මැද දේශබන්දු කමිටුව උණුසුම් වෙයි පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කරන ත්‍රිපුද්ගල කමිටුව දෙපාර්ශවයේ නීතිඥයන් අතර ඇති වූ තර්ක විතර්ක හේතුවෙන් යම් යම් අවස්ථාවල ඊයේ (28) උණුසුම් මුහුණුවරක් ගත්තේය. 29 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026