
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගුව ඊයේ (6) දිනයේ රුපියල් බිලියන 27.7 ක් හෙවත් රුපියල් කෝටි 2770 ක ආදායමක් ලැබූ බවත් එය රේගු ඉතිහාසයේ දිනක දී ලැබූ ඉහලතම ආදායම බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
533
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
482
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රේගුව දිනක වැඩිම ආදායම ලබයි
Lalla Friday, 07 November 2025 12:25 PM
තීරුබදු ගහල රට ගොඩ ගන්න බෑ නේද?. ඔය බඩු ගේන්න වැය කර තියෙන්නේ රටේ විදේශ විනිමය. ඒක ගලපල ගත්ත නියම ආදායම හොයල බලන්න.
Duminda Jayanath UdayakumaraSaturday, 08 November 2025 03:50 AM
ඒක හරි, හැබැයි ලංකාව දැන් ඉන්න තත්වය එක්ක... එකපාර අඩු කළොත් පද්ධතිය කඩාගෙන වැටෙනවා.
Kasun Friday, 07 November 2025 12:27 PM
ඔව් ඉතින් ලෝකෙම නැති ලොකූ බදු එක්ක වාහන එහෙම ගෙන්නුවාම ඕක වැඩිවෙන්න එපැයි.
sene Friday, 07 November 2025 12:38 PM
රේගු බදු ආදායම් ඉහළට , ජනතාවගේ ජීවන තත්වය පහළට, ගැලපුම කොතනද ?
Gayan Friday, 07 November 2025 01:36 PM
බිලියන 27.7 = කෝටි 2770 , කෝටි 277 = බිලියන 2.77 මොකක්ද හරි?
matara sunil Friday, 07 November 2025 02:51 PM
වෙනදා රේගුවට ගෙවන්න ඕන දේවල් කොච්චරක් හොර පාරෙ යන්න ඇත්ද? කට්ටිය බෙදාගන්න ඇත්ද...?
ගුණරත්න Saturday, 08 November 2025 07:59 AM
සමහර මාරි මෝඩ එවුන් හිතාගෙන ඉන්නවා වමට ගැහිල්ල නිසා ඉස්සර ඔහොම බදු ආදායමක් ලැබුනේ නැහැ කියලා. වාහන බද්ද විතරක් වාහන හදන මහා බහුජාතික කොම්පැනිය ගන්න ලාබය වගේ විසිතිස් ගුණයක් නිකම් ඉඳගෙන අයකර ගන්නා ආණ්ඩුවේ කප්පම කියලා මොවුන්ට තේරෙන්නේ නැහැ. මේ අවුරුද්දේ විතරක් වාහන ලක්ෂ දෙකහමාරක් විකිණුනා. ඉතින් කැල්කියුලේටර් එකක් හරි හොයාගෙන ගණන් බලන්න...!
විපරමා Friday, 07 November 2025 04:12 PM
මොනතරම් ආදායම් ලැබුණත් ඇස් වහලා ගසාකන අයත් නැතුව නොවෙයි. කාලයක් තිස්සේ ඒවාට පුරුදු වෙච්චි අයත් තවම ඉන්නවා...
කපුරුහාමි Friday, 07 November 2025 06:39 PM
දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ රේගුව දූෂිතම ආයතනයක්.. දැන් සෑහෙන්න දුරකට ඒ තත්ත්වය වෙනස් වෙලා...
Nishan Saturday, 08 November 2025 02:49 AM
ඒ ආදායම ලැබුවේ මොනවායින්ද කියන්නේ නෑ. ඩොලර් බිලියන එකක් වියදම් කරලා ගෙන්වපු වාහන වලට රටේ මිනිස්සුන්ගෙන් සියයට 400 ක් බදු ගහපු නිසයි ආදායම වැඩි වුනේ කියලා අපි දන්නවා. ඔය රුපියල් ආදායමෙන් වැඩක් නෑ. සල්ලි අච්චු ගැහුවත් රුපියල් ආදායම වැඩි වෙනවා. එහෙම නොකලා කියලා උද්දමණයේ අඩු වීමකුත් නෑ. සංචිතේ ඩොලර් වියදම් කරලා වාහන ගෙනැල්ලා 2028 දී ණය ගෙවන්නේ රුපියල් වලින් වෙන්න ඇති.
අරවින්ද මොණරවිල Saturday, 08 November 2025 10:39 AM
බදු ගහන එකයි, දඩ ගහන එකයි තමන්ගේ එකම ආර්ථික උපාය මාර්ග කරගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදේට නටන, තමන්ට කියලා වැඩපිළිවෙළක් දර්ශනයක් ඒ පිළිබඳව අවබෝධයක් නැති ගොබ්බයෝ සෙට් එකක් තමයි දැන් රට පාලනය කරන්නේ...!