
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේන 16 වන පටුමගේ දි ඊයේ රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කල පුද්ගලයා මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ කොළබ 13, 17 වන පටුමග පදිංචිව සිටි එල් ඩබ්ලිව් ඒ බුද්ධික ප්‍රනාන්දු 41 නැමැත්තාය.
සුඛෝභෝගී මෝටර් රථයකින් පැමිණි පිරිසක් පසුපස එලවා ගොස් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීය.
පලනි රිමෝෂන්ගේ පාර්ශවයේ විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා මීට පෙර සිදුවූ ඝාතනයකට යතුරුපැදියක් ලබාදීම සම්බන්ධයෙන් වූ සැකයක් මත මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට තිබූ තැන තවමත් හිතාගත නොහැකියි.
අනේ රණයෝ, තිබූ තැනට වඩා දැන් තියෙන්නේ ගොඩක් පහළින්... රණයාට ඔල්මොරොන්දම්...