
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙවර අයවැයෙන් විපක්ෂයේ බලාපොරොත්තු බිඳ වැටුණු බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
මෙවර අය වැයෙන් මුළු රටටම සහන ලැබුණු බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙය දුර දිග බලා රට වෙනුවෙන් ගෙනා අයවැයක් බවද ප්‍රකාශ කළේය
වර්තමාන රජයට තව අයවැය පහක් ඉදිරිපත් කිරීමට ඇති බවත් අවසාන අයවැය ඉදිරිපත් කරන විට මේ රට සෑදී අවසන් බවත් මහින්ද ජයසිංහ මහතා පැවසීය
ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ නෙවෙයි, රටේ ජනතාවගේ බලාපොරොත්තුයි බිඳ වැටුනේ. වියදම් කෝටියයි, ආදායම් වැඩි කරගැනීමක් නෑ. ජීවන වියදම අඩුකරන යෝජනා නෑ. අනුර ෆේල්...
සෙනෙවිරත්න... අයවැය යෝජනා ක්‍රියාත්මක වෙනකොට ඔබේ ජීවන බර අඩුවෙයි... බය නැතිව ඉන්න...
මන්ත්‍රීවරුන්ට වාහන එක්ක සහන ලැබුණා, සාමාන්‍ය පොඩි ව්‍යාපාරිකයාත් දැන් බදු ගෙවන්න ඕනෑ. දවසට ලක්ෂයක් වෙළඳාම් කරන එකාත් ගෙවන්න ඕනෑ. දවසට ලක්ෂයක වෙළඳාමක් කියන්නේ පොලේ බුලත් විකුණන එකෙක් වුණත් හොයන ගාන...
ගුරුවරයෙක් වුණත් අවුරුදු ගණනක් වැස්සකට වත් පාසලකට නොගිය කෙනෙක්නේ සමහර විට 2025 අයවැය හැරෙනකොට වෙන අයවැයක් කියවලාවත් නැතුව ඇති ආණ්ඩු පක්ෂවල හැම කෙනෙක්ම ඔහොමනේ හැමදාම කිව්වේ...
විපක්ෂයේ අයගේ විතරක් නෙවෙයි, දුප්පත් මිනිසුන්ගේත් බලාපොරොත්තු කඩ වුනු අයවැයක්