
(ගයාන් සූරිය ආරච්චි)
රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 3 කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයන් තිදෙනෙකු ගාල්ල සීනිගම ප්‍රදේශයේදී අද(8) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම හෙරොයින් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රධාන අණ දෙන නිලධාරී සමන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ කුඩු මත්ද්‍රව්‍ය වලට දඬුවම් ප්‍රමාද වෙන්නේ. පොලිසියට කැමරා දීලා, සාක්ෂිත් එක්ක අල්ලපුවාම, දඬුවම් දෙන්න කාලය ගතවෙන්නේ මොකද? කළු කොට් කාරයෝ, සුදු තොප්පි කාරයෝ නඩු ඇදල ඇදලා, තීරණ පරක්කු කරලා, ඒවායින් ගොඩ යනවාද? මෙයාලාට බැරි නම්, ඉක්මනින් තීරණ දෙන සින්ගප්පුරුවෙන් හරි ගෙනැල්ලා, කාලේ කන්නේ නැතිව වැඩේ ඉවර කරන්න...
රජය විසින් මත්ද්‍රව්‍ය ඉක්මනින් හඳුනාගත හැකි තාක්ෂණික උපකරණ අධිකරණයට හා පොලිසියට ලබාදිය යුතුයි...