
(ලාල් එස් කුමාර)
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන සිටින මිද්දෙණියේ සම්පත් මනම්පේරි ගෙන් ප්‍රශ්න කිරීම් අනූව එම සැකකරු විසින් ජාවාරම් සිදු කිරීම සඳහා යොදාගත් කැබ් රථයක්, මෝටර් රථයක් සහ ජාවාර වලින් උපයා ගත් මුදලින් ලබාගත් බව කියන බස් රථයක් පස්වරුවේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බාරයට ලබාගෙන ඇත.
සැකකරුට අයත් මිද්දෙණියේ පිහිටි නිවසේදී එම රථ තුන අත්අඩංගුවට ගෙන අද (08) දින පස්වරු පහට පමණ පෑලියගොඩ පිහිටි බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එන ලදී.
සැකකරුට අයත් මෙම බස් රථය මිද්දෙනිය - කොළඹ මාර්ගයේ මඟීන් ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩුවලට සම්බන්ධනම් ආදායම හොයාගත්තු විදිහ ඔප්පු කරන්න බැරි නම් පක්ෂ පාට නොබලා ඒ සියලු දේපල තහනම් කළ යුතුයි. නඩු කටයුතු අවසානයේ වැරැදිකරුවන් වුනොත් දේපල රජයට පවරාගත යුතුයි. මේ සීමාවක් නැතිව සල්ලි විසිකරන්න පුළුවන්කම හින්දා තමයි පගා ගහන, දූෂිත පොලිසියේ අය, අනෙක් නිලධාරී නම්මාගන්න පුළුවන්. ආදායම නැවතුනාම ඉබේම රැස් බහිනවා.
21 සෙනග ගේන්න තිබ්බ බස් එකකුත් ඉවරයි…. අනේ අයියේ අපි ඉවරයි…
මේක හංගපු ආයුධ ඇති ඒවා පෙන්නන්න ගෙනියන්නේ නැද්ද?