රඹෑව වැවේ නාන්න ගිය 10හැවිරිදි සිසුවා ගිලී මරුට මොරගොඩ, පණ්ඩිත රඹෑව වැවේ දිය නෑමට ගිය සිසුවෙකු ඊයේ (30) සවස දියේ ගිලීම හේතුවෙන් මරදන් කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව මොරගොඩ පොලිසිය පවසයි. 31 May 2025
පළාත් කිපයකට වැස්ස සමග තද සුළං බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 31 May 2025
හොරා කෑ තව බලකණු විස්සක් කූඩුවට හිටපු ඇමතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් විස්සකට ආසන්න පිරිසක් ඉදිරි දිනවල අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ. 31 May 2025
මහින්දානන්දට පැන්ෂන් දිගටම නලින්ට නෑ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වසර විස්සක කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියමව සිටියත් ඔහුගේ විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරව දිගටම හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 31 May 2025
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. 30 May 2025
සුළඟින් නාගොඩටත් බර හානි නාගොඩ වඳුරඹ යටලමත්ත මාපලගම ප්‍රදේශ හරහා අද සවස හමා ගිය දැඩි සුළඟකින් ගාල්ල නාගොඩ ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට තිබූ විශාල ප්‍රමාණයේ ගස් දෙකක් ගොඩනැගිල්ලකට සහ පාසල් ප්‍රධාන බැම්මට කඩා වැටීම හේතුවෙන් දැඩි ලෙස අලාභ හානි සිදු වී තිබූ ආකාරය දක්නට ලැබිණි. 30 May 2025
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ගලබඩ සහ වටවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් අද (30) රාත්‍රී පැවසීය. 30 May 2025
කෝටි 1000ක් වංචා කළ කතක රිමාන්ඩ් ලක්ෂ පහකට රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් රැකියා විරහිත තරුණ තරුණියන් රවටා රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන පිළිමතලාවේ ප්රොකෙයාර් පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරියක ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය මහත්මිය අද(30) නියෝග කළාය. 30 May 2025
බැංකු මුදල් අයකැමි බැංකුවේ කෝටි 13ක් ඩේලි පොලියට දීලා රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ මුදල් අයකැමිවරයකු බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් දෛනික පොලී ලබා ගැනීමේ අරමුණින් විවිධ බැංකුවල ගිණුම් සදහා මුදල් බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි. 30 May 2025
සෙවනගල උක් ගොවීන්ගේ තිත්ත කතාව සෙවනගල ලංකා සීනි සමාගමේ කර්මාන්ත ශාලාවට උක් අස්වැන්න මිලදී නොගැනීමෙන් උක් ගොවිතැනේ නියැලෙන ගොවි පවුල් 4000 සාමාජිකකයන් 10,000 අධික ප්‍රමාණයක් දැඩි දැඩි අසීරුතාවයට පත්වී සිටින බව උක් ගොවීහු පවසති. 30 May 2025
වර්ෂාවෙන් පුද්ගලයන් 1757ක් අමාරුවේ අධික වර්ෂාව සහ දැඩි සුළං තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක පවුල් 485 කට අයත් පුද්ගලයන් 1,757 ක් ආපදාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30) පැවසීය. 30 May 2025
ලොකු පැටීගේ ගිනි අවියක් සොයා ගනී පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාරද සිල්වා නොහොත් ලොකු පැටි නමැත්තා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සහ උන්ඩ 5 සොයා ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි 30 May 2025
පාසල් සිසුන්ට බඹර ප්‍රහාරයක් මුලතිව් ඔඩ්ඩුසුඩාන් මහ විද්‍යාලයේ ක්‍රීඩා තරඟයක් අතරතුර බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් සිසුන් සහ ගුරුවරුන් ඇතුළු 43 දෙනකු අද දහවල් රෝහල්ගත කොට ඇතැයි මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 30 May 2025
’’අපරාධ රාජ්‍යය’’ හොඳ රටක් කරනවා දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍ය වෙනුවට ලංකාව ලෝකය හමුවේ යහපත් රටක් කරන වගකීම දිවි හිමියෙන් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 May 2025
ඩී.අයි.ජීට දුන් බලය ඒ.එස්.පීට මාරුකරයි ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ 2023 වසරේ ජූලි මස පැවරූ එම කොමිසම සතු බලතල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් අද (30) ප්‍රසිද්ධ කළේය. 30 May 2025
කොලොන්නාවේ වැසි සුළං ආපදාවලට කඩිනම් සහන වැසි හා සුළි සුළං හේතුවෙන් කොලොන්නාව ප්‍රදේශයේ ආපදාවන්ට ලක්ව ඇති ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අද එහි ගියේය. 30 May 2025
කොළඹ ’’ඇළ’’ ලස්සන කරන වැඩ අරඹයි ජගත් පරිසර දිනයට සමගාමීව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හා එක්ව කොළඹ සහ අවට ප්‍රදේශවල ඇළ මාර්ග හා ඒ ආශ්රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භය නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 30 May 2025
රජ්‍ය සේවක වැටුප් එන වසරේ අනිවාර්යෙන් වැඩි කරනවා‘‘ රජ්‍ය සේවක වැටුප් ලබන වසරේදී අනිවාර්යයෙන්ම වැඩි කරන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසයි. 30 May 2025
මහින්දානන්ද නලින් හිරගෙදර මුද්‍රණ වැඩට? බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කෙරුණු මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් බොහෝ දුරට බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයේ යෙදවෙනු ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 30 May 2025
‘මැතිසබේ කෑම අපිට එපා’ වැඩි කෙරැණු මාසික කෑම බිල තමන්ට දරා ගත නොහැකි හෙයින් පාර්ලිමේන්තුවෙන් මින් ඉදිරියට කෑම නොගැනීමට තීරණය කර ඇතැයි සේවකයන් පිරිසක් එහි ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත. 30 May 2025
මරදාන දුම්රිය ස්ථානයේ වහල සුළඟට යයි දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ප්‍රවාහන කොළඹ කාර්යාලයේ වහලයක කොටසක් සුළගින් කැඩියාම හේතුවෙන් මරදාන ප්‍රවේශපත් නිකුත් කරන කාර්යාලට ජලය පතිත වීමෙන් මරදාන ප්‍රවේශපත් කාර්යාලයේ කටයුතුවලට බාධා පැමිණ තිබේ. 30 May 2025
කෝටි 47ක විදේශ දුම්වැටි විනාශ කරයි නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී ශ්‍රී ලංකා අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 473 ක් හේවත් රුපියල් කෝටි 47 කට අධික වටිනා විදේශීය දුම්වැටි ලක්ෂ 31 ක් අද (30) විනාශ කළේය. 30 May 2025
ප්‍රධාන - කැලණිවැලි මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් බේස්ලයින් හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගස් දෙකක් ස්ථාන දෙකකදී කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (30) පැවසීය. 30 May 2025
ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස්වේ නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය සහ මඟපෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීම පිණිස පවත්වනු ලබන ’’ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව’’ (NHDC) අද (30) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී රැස්විය. 30 May 2025
තුසිත හල්ලොලුව රිමාන්ඩ් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දී තිබු රුපියල් ලක්ෂ 4 1/2කට අධික වටිනාකමැති සන්නිවේදන භාණ්ඩ කීපයක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්යක්ෂවරයකු වු තුසිත හල්ලොලුව මහතාගේ ඇප අවලංගු කළ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ජුනි 02 වැනිදා දක්වා ඔහු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට අද (30) නියම කළාය. 30 May 2025
දෙමටගොඩ චමින්දට තවත් නඩුවක් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ මරණීය දණ්ඩනය නියම වී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු යැයි කියන චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්දට අයථා අන්දමින් මුදල් ඉපවූයේ යැයි සඳහන් කරමින් කොළඹ වංචා විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ අද (30) නඩු පැවරීය. 30 May 2025
කුඩා යාත්‍රාවලට ධීවර කටයුතු තහනම් හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු ප්‍රදේශවල කුඩා යාත්‍රාවලට ධීවර කටයුතු කිරීම තවදුරටත් තහනම් බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය. 30 May 2025
අබුඩාබි ’’තෙල් ලොක්කෝ’’ බලශක්ති ඇමති හමු වෙති අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් අතර සාකච්ඡාවක් අද (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 30 May 2025
ඖෂධ සැපයුම් බාධා අඩු කර ගන්න නව තීරණයක් ඖෂධ සැපයුම් ජාලයේ පවතින ගැටලු නිසා ඇතිවන ඖෂධ සැපයීම්, බාධා අවම වන තෙක් හිඟ ඖෂධ ලබා ගැනීම සඳහා විදේශ රජයන්ගේ සහාය ඍජුවම ලබා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. 30 May 2025
ගෘහස්ථ නොවන විදේශ රැකියා ලියාපදිංචියට නව නීතියක් ගෘහස්ථ නොවන රැකියා සඳහා (Non Domestic Sector) ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර එම රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සහතික කිරීම අනිවාර්ය කිරීමට කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කර ඇති බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. 30 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026