(රෝෂන් තුෂාර)
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19 දින සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (10)දින නියම කළේය.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම්කර සිටින විමල් වීරවංශ,ජයන්ත සමරවීර,වීර කුමාර දිසානායක,පියසිරි විජේනායක,රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසාමිල් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව සාක්ෂි විමසීම සිදු කළ අතර පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඡායාරූප අංශ ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදීම සිදු කළේය.
2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබිණි.
මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ඇන්ටන් සේනානායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
වැඩිදුර විභාගය නොවැම්බර් 10 දිනට නියම කෙරිණි.
2025 නොවැම්බර් මස 04
836
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2479
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1780
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි කැඳවීමට දින දෙයි
විපරමා Monday, 10 November 2025 04:15 PM
දූෂිත දේසපාලුවන්ගේ පහත් මානසිකත්වය ලෝකෙටම පෙන්නුවා. ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි .
නජිත් Monday, 10 November 2025 04:56 PM
මේක ඔය කියන තරම් ලොකු වරදක් නම් තඹුත්තේගම කුඩු පියා, කප්පම් වසන්ත, යටත්විජිත ගෝනිබිල්ලා ආදී කට්ටිය කරල තියෙන දේවල් එක්ක එල්ලන්න ඕන.
Jagath Leanage Monday, 10 November 2025 07:40 PM
කලබල වෙන්නේ නැතුව, ඉවසාගෙන, ජේ.වී.පී. එකේම හිටිය නම් එදා, අද විමල් අගමැති...
sangili panikkiya Tuesday, 11 November 2025 06:18 AM
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී බලවේග වල ක්‍රියාකාරකම්.
Nimal Tuesday, 11 November 2025 03:05 PM
මහින්ද හොරකම්කරපු ඉස්සර මූසල ජෙප්පන්ගේ සිනුවේ දියුණුව මෝඩ වහල්ලු