මන්නාරම පැත්තකට මුහුද ගොඩගලයි මන්නාරම නනට්ටාන් වන්කලේ ප්‍රදේශයට මුහුදු ජලය ගලා ඒමට පටන් ගෙන ඇති අතර ජනතාව ඒ හේතුවෙන් දැඩි අපහසු තාවයට පත්ව සිටි. 29 May 2025
සම්මානනීය සිනමා අධ්යක්ෂවරියක මෙරටට ශ්‍රී ලංකාව චිත්‍රපට රූගත කිරීමේදී හොදම පසුබිම් දර්ශන සහිත රටක් බැවින් එය ලෝක සිනමා කර්මාන්තයේ අවදානයට ලක් කිරීමට සහ එය මෙරට සංචාරක කර්මාන්තයතයේ ප්‍රවර්ධනය සදහා දායක කර ගැනීමට , යොදා ගැනීමට සම්මානනීය ඉන්දීය ජාතික සිනමා අධ්යක්ෂ දීපා මෙහෙතා ( Deepa Mehta ) මහත්මිය දිවයිනට පැමිණියාය . 29 May 2025
චීන ව්‍යවසායකයන්ට ලංකාව ගැන හිත යයි ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන අධ්‍යනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීමට මෙරට පැමිණි චීන ව්‍යාපාරිකයෝ සති දෙකක කාලයක් ලංකාවේ රැදී සිටීමට තීරණය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශ පවසයි. 29 May 2025
‘‘යහපත් සමාජයක් හදන්න හැම පියවරක්ම ගන්නවා‘‘ අශිෂ්ඨත්වයේ කෙළවර දක්වා ගමන් කරමින් තිබු රටක් හා සමාජයක් යළි ශිෂ්ඨත්වය කරා ගෙන යාමේ වැඩපිළිවෙළේදී මහා සංඝරත්නය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 29 May 2025
ලෝක උපයෝගිතා කොංග්‍රසයට අනිල් - කුමාර ඇමතිවරු සහභාගි වෙති උපයෝගිතා ක්ෂේත්රයේ තිරසර සංවර්ධනය සහ කලාපීය සහයෝගීතාව උදෙසා ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කරමින් අමාත්‍යවරු දෙපළක් ලෝක උපයෝගිතා කොංග්‍රසයට (2025) සහභාගි වෙති. 29 May 2025
කරන්දෙණි සුද්දාගේ ගෙයක් හසලකින් හමුවේ ඩුබායි රටේ සැඟව සිටිමින් සිය ගෝල බාලයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින බව කියන දකුණේ ප්‍රබල අපරාදකරුවකු ලෙස සැලකෙන සුභනාහන්දි ජයලත්ද සිල්වා හෙවත් කරන්දෙණියේ සුද්දා අපරාධ සිදුකිරීමෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් හසලක,කොවිනාපොළ ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන එහි දෙමහල් නිවසක් ඉදිකර ඇති බව පරීක්ෂණවලින් පෙනී ගිය නිසා රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් එම දේපොළ පෙරේදා (27) සිට දින හතක කාල 28 May 2025
මත් ජාවාරම්කරුවෙක්ගේ කෝටි 10ක දේපොළ තහනම් කරයි නීති විරෝධී ආකාරයෙන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් උපයා ගත්තේ යැයි කියන ඇඹිලිපිටියේ ජයසිංහ ආරච්චිගේ හේමන්ත යන සැකකරුගේ රුපියල් කෝටි 10කට අධික දේපල තහනම් කිරීමට රහස් පොලීසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද(28) කටයුතු කර ඇත. 28 May 2025
රෝහල්වල පී සී ආර් වැඩි කිරීමට පියවර නව කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ දිවයින පුරා රෝහල් තුළ සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොළඹදී පැවසීය. 28 May 2025
මාළිගාවත්ත දුම්රිය අංගනයේ පීල්ලක් කැඩෙයි මාළිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය පීල්ලක් කැඩීයාම හේතුවෙන් අද (28) පස්වරුවේ ධාවනය වන දුම්රියන් ප්‍රමාද විට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය. 28 May 2025
‘‘දුම්රිය පාරිපාලනය වැඩක් නෑ‘‘ මෙරට දුම්රිය සේවාවේ පරිපාලනය ඉතාමත්ම අකාර්යක්ෂමයි. ඔවුන්ට ඉදිරියේදී කාර්යක්ෂමව වැඩ කිරීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම දුම්රිය පරිපාලනය මාරු කර හරිනවා යැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. 28 May 2025
මැත්පැන් සමාගමට කෝටි 135ක බදු ගෙවන්න වෙයි නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් කෝටි 135 බදු මුදල මාසයක් ඇතුළත ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමට අද (10) නියෝග කළාය . 28 May 2025
පාදුක්ක සම්භාණ්ඩ ව්‍යාපාරිකයා පැහැරගෙන මරා පුළුස්සලා පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ සම්භාණ්ඩ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් බුලත්සිංහල නාගහදොළ අතුරු මාර්ගයක දී පහරදී ඝාතනය කර ටයර් දමා පුළුස්සා තිබී සොයාගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 28 May 2025
හල්ලොලුවට වෙඩි තැබූ තිදෙනා රඳවා ප්‍රශ්න කරන්න නියෝග ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනකු පැය විසිහතරක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (28) නියෝග කළේය . 28 May 2025
සෞඛ්‍ය වෘත්තිකයෝ අසූ පහක් පත් වෙති ජනතාවගේ බදු මුදලින් උපාධිධාරියෙක් නිර්මාණය කළ විට ඔහුගේ අනාගත වගකීම රජයට පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. 28 May 2025
රටට අවශ්‍ය මුදලට විකිණෙන ක්‍රීඩකයන් නොවේ මුදලට විකිණෙන ක්‍රීඩකයෙක් නොව ආදරය-යහපත් ගතිගුණ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටට අවශ්‍ය බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. 28 May 2025
කොලොන්නාවේ ගංවතුරට වැට බඳින්න මෙහෙයුම් මධ්‍යස්ථානයක් කොලොන්නාව ප්‍රදේශයේ ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම වෙනුවෙන් සක්‍රීය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය. 28 May 2025
චීන වාණිජ ඇමති ලංකාවට මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වන්ග් වෙන්ටාඕ මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට අද(28) පැමිණියේය. 28 May 2025
මුහුදු ගිය ධීවර බෝට්ටුව කුණාටුවකට අසුවේ මසුන් මැරිම සදහා හලාවතින් මුහුදු ගිය යාත්‍රාවක් මහ මුහුද මැදදී කුණාටුවකට අසුව පෙරළි යාමේන එක් ධීවරයකු අතුරුදහන් වි ඇති බවත් අනෙක් ධීවරයා කරුකුපනේ ධීවරයන් අද දහවල් වන විට බේරා ගෙන ඇති බවත් හලාවත මූලස්ථාන පොලිසිය කියයි. 28 May 2025
දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අවධානමක් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ. 28 May 2025
කොටියෙක් නිසා ලිඳුල ගමක් බියෙන් ලිඳුල නාගසේන හීල් කූල්ට්රි වතු යායේ සැරිසරන හොදින් වැඩුනු කඳුකර කොටියකු නිසා එම වතුයායේ සේවය කරන වතු කම්කරුවන් දැඩි ලෙස භීතියට පත් ව සිටිති. 28 May 2025
දේශබන්දු පොලිස්පති කළාට එරෙහි පෙත්සමට දින දෙයි බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සැප්තැම්බර් 08 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීරණය කළේය. 28 May 2025
‘හරක් කටා‘ගේ නඩුවට දින දෙයි රහස් පොලිසිය භාරයෙන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින ‘හරක් කටා‘ ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව ජුනි 09 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (28) නියම කළේය. 28 May 2025
එජාපයේ තවත් කෑල්ලක් හැලෙයි මහියංගන එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක කරු වීරරත්න මහතා සිය ආසන සංවිධායක ධූරයෙන් අද ඉල්ලා අස්විය. 28 May 2025
හෙරොයින් - අයිස් කිලෝ 600 ගොඩබිමට දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ඊයේ (27) නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600 කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව පැවසීය. 28 May 2025
අපනයන වෙළෙඳපොළ ජයගන්න දිගු කාලීන සැලැස්මක් අපනයන අභියෝග ජයගැනීම සඳහා දිගුකාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් සකස් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 May 2025
තුසිත හල්ඔලුවට වෙඩි තැබීම ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් සුඛෝභෝගී ජීප්රථයට වෙඩි තබා ඔහුට සහ නීතිඥවරයාට පහරදී ලිපිගොනුවක් පැහැර ගෙන පලා ගිය බව කියන සිද්ධිය රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ බව අත්අඩංගුවට ගත් පැදිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යයි කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 28 May 2025
මැතිසබා සේවකයන්ටත් නුවරඑළියේ බංගලාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීමට නුවරඑළියේ පවත්වාගෙන එන නිවාඩු නිකේතනය(General’s House) ආසන්නයේ පාර්ලිමේන්තු සේවකයන් වෙනුවෙන්ද නිවාඩු නිකේතනයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 28 May 2025
අපේ ශ්‍රමිකයන්ට බහරේනයේ කැමැත්ත ශ්‍රි ලාංකික පුහුණු ශ්‍රමිකයින් සඳහා බහරේනයේ රැකියා සඳහා පුළුල් අවස්ථා ලබාගත හැකි බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය . 28 May 2025
ජාත්‍යන්තර වෙඩි තැබීමේ ඉසව්වක පදක්කමක් ශ්‍රී ලංකාවට පළමු වැනි ලෝක ශූරතා ප්‍රායෝගික රයිෆල් සහ කාබයින් පිස්තෝල මාදිලියේ කෙටි රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කයල් ලියනගේ , එම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තුන් වන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගෙන අද(28 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 28 May 2025
පාතාලය එක්ක හාද දේශපාලඥයන්ගේ ලැයිස්තු පක්ෂ නායකයන්ට පාතාලය සමඟ සම්බන්ධ දේශපාලඥයන්ගේ නම් ලැයිස්තු ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන්ට ඉදිරියේදී ලබාදෙන බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය. 28 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026