IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බසයක් මතට ගසක් කඩාවැටී අයෙක් මරුට:දහයක් රෝහලට

(ඩබ්ලිව්. ඒ. අසේල සහ සුරංග රාජනායක)

මහනුවර සිට හේවාහැට බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් මතට අද සවස 4.40ට පමණ හාල්වත්ත ප්‍රදේශයේදී ෆයිනස් ගසක් කඩා වැටීමෙන් බස් රථයේ ගමන් ගත් එක් මගියකු මියගොස් දස දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු පනස් හතක පමණ වන පිරිමි පුද්ගලයෙකි.

තුවාලකරුවන් ගලහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කිරීමෙන් පසු කිහිප දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා ඇත.

ප්‍රදේශයට ඇද හැලුණ තද වර්ෂාවත් සමග හමාගිය තද සුළං සමග  මාර්ගය අයිනේ තිබූ ගසක් කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදුව අවස්ථාවේ බස් රථයේ මගීන් 50ක් පමණ ගමන් කර ඇති අතර ඊට පාසල් දරුවන් කාර්යාල සේවකයන් ද සිට ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

බසයක් මතට ගසක් කඩාවැටී අයෙක් මරුට:දහයක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 533 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 482 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site