
(යොහාන් භාසුර)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ (2026) ජනවාරි මස සිට පාසල් පැවැත්වෙන කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ වන බවත් 1 සහ 6 වැනි ශ්‍රේණිවල දරුවන්ට ජනවාරි මස සිට ‘මොඩියුල’ පාදකකරගත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා අද (6) පැවසීය. බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාතයංශයේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවැති නිල මාධ්‍ය හමුවේදී නාලක කලුවැව මහතා එසේ පැවසීය.
නව අධයාපන ප්‍රතිසංස්කරණ යටතේ 5 වැනි ශ්‍රේණියේ සිට ඉහළ පන්ති සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා පාසල් කාලය දීර්ඝ කරන බවත් එම පාසල පැවැත්වෙන කාලය සියලුම ශ්‍රේණිවලට මිනිත්තු 50 කින් යුත් කාල පරිච්ජේද 7 කින් යුක්තවන බවත් කලුවැව මහතා සඳහන් කළේය.
පළමු සහ දෙවැනි ශ්‍රේණිවල සිසුන්ගේ පාසල් පැවැත්වෙන කාලය වන පෙරවරු 7.30 සිට 11.45 දක්වා කාලය වෙනස් නොවන බවත් තුන්වැනි සහ හතරවැනි ශ්‍රේණිවල දැනට පවතින පස්වරු 7.30 සිට පස්වරු 1.00 දක්වා කාලයේ ද වෙනසක් නොවන බවත් නාලක කලුවැව මහතා කීය. පාසල පැවැත්වෙන කාලය තුළ විවේක දෙකක් දීමට යෝජනා කර තිබුණ ද එය ප්‍රායෝගික නොවන නිසා විවේක කාලය දෙකක් දෙනවාද එකක් දෙනවාද යන තීරණය ගැනීමේ අවස්ථාව විදුහල් බලධාරීන්ට දී ඇති බව කී ඒ මහතා මෙරට සමස්ත පාසල් 10,076 ක පළමු ශ්‍රේණියේ දරුවන් 282,293 ක් සහ හය වැනි ශ්‍රේණියේ දරුවන් 323,896 කින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන බව ද සඳහන් කළේය.
මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ගුරුවරුන් පුහුණුකරුවන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් පුහුණුකර අවසන් කර ඇති අතර පාළාත් නවය තුළ ගුරුවරු 136,065 ක් මේ වන විට පුහුණුකරමින් සිටින බවත් ‘මොඩියුල’ මුද්‍රණය අවසන් අදියරේ පවතින අතර ලබන ජනවාරි මස 1 වැනිදා වන විට ‘මොඩියුල’ ජනතාව අතට පත්කරකන බවත් ඒ මහතා කීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන 1 සහ 6 යන ශ්‍රේණි හැර සෙසු ශ්‍රේණිවල දරුවන්ට පෙර පරිදිම පෙළපොත් ලැබෙන අතර පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් බිලියන 15 ක් ලැබෙන බව කී කලුවැව මහතා පෙළපොත් අහිමිකරන්නේ යැයි ප්‍රකාශ කිරීම අසත්‍යයක් බව ද සඳහන් කළේය.
කාලපරිච්ජේදයක කාලය මිනිත්තු 50 ක් දක්වා වැඩි කිරීමට හේතුව දරුවන්ට ක්‍රියාකාරකම්වල නිරතවීමට අවස්ථාව දීම බව කී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ තීරණ ගැනීමට පාසල් බලධාරීන්ට අවශ්‍ය චක්‍රලේඛණ නිකුත් කර ඇති බව ද සදඟන් කළේය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියත්මක කිරීමට අවශ්‍ය ඩිජිටල් පහසුකම් ලබන මාර්තු මස වන විට පාසල් තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවත් මෙම වැඩසටහන ආරම්භයේදීම දරුවන්ට ඩිජිටල් පහසුකම් අවශ්‍යතාවක් නොවන බවත් ඒ මහතා කීය.
පාසල් 2,500 කට පරිඝනක හෝ සුහුරු පුවරු ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 1,900 ක් වෙන්කර ඇති අතර අන්තර්ජාල පහසුකම් නොමැති ද්විතීක පාසල් 1,873 කට එම පහසුකම් දීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.
ඡායා ළහිරු හර්ෂණ


2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාසල් කාලය පස්වරු 2 දක්වාම තමයි
Nishan Friday, 07 November 2025 03:39 AM
මොඩියුල අච්චු ගහලා විකුණන බිස්නස් එක පැලවත්තේ හිතවතුන්ට දෙයි. ඔවුන් පෝසත් වෙයි දෙමව්පියෝ තව තවත් දුප්පත් වෙයි, ළමයි තව තවත් ඉස්කෝලේ යන එක නවත්වයි. තව තවත් ඉස්කෝල වහයි. තව තවත් හිරගෙවල් අරියි.
සෙනෙවිරත්න Friday, 07 November 2025 07:50 AM
ළමුන් වෙනුවෙන් පැය බාගයක් වෙන්කරවන්න බැරි ගුරු සංගම් කාරයෝ මේකට එරෙහි වෙයි, එතකොට ළමුන්ගේ මානසිකත්වය හොයනවා, හැබැයි සවස තුනේ ඉඳලා ඒ ගුරුවරයාම ඒ ළමුන්ටම ටියුෂන් දෙනකොට ඒ මානසිකත්වය බලන්නේ නැහැ, ඒක නිසා ටියුෂන් වසංගතය අවසන් කරන්න අඩුමගානේ ඒක උසස් පෙළට විතරක් සීමා කරන්න රජය කරන ඕනෑම පියවරකට ජනතාව කැමැතියි, ඒක නිසා සංගම්වල බොරු ගෙරවිලිවලට බයවෙන්න එපා. ජනතාවනි, එයට එරෙහි වන්න. මේ ඔබේ බදු මුදල්...
Jayasekara Friday, 07 November 2025 10:32 AM
ස්ටාර්ලින් ඔබ සහ අර හැමවෙලේම කෑගහන සගා ගැන කොහේද?
සඳමාලි Friday, 07 November 2025 10:41 AM
දෙමාපියො හැටියට අපි දැන් බලාන ඉන්නේ අර ස්ටාලින් උන්නැහැයි, උලපනේ හාමුදුරුවොයි, ගුරු විදුහල්පති සංගමේ ලොකු මහත්තතයි කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා....