IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගම්මන්පිලගේ හඬපටය ගැන වාර්තාවක් කැඳවයි

(රෝෂන් තුෂාර)

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ විද්‍යුත් නාලිකා සහ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කළ බව කියන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගේ "හඬ පට" රජයේ රස පරීක්ෂකවරයා ට යොමු කර පූර්ණ වාර්තාවක් කැඳවන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා රහස් පොලිසියට (06) නියෝග කළේය.

උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශ මගින් ජාතින් අතර අන්‍යෝන්‍ය සුහදතාවය පළුදු වී අසමගිය ඇතිවන ආකාරයේ වරදක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු විසින් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් ද සහිතව හඬ පට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

මාධ්‍ය මගින් විකාශය වූ ප්‍රකාශ වලට අදාල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන සහ හඬ පට අදාළ මාධ්‍ය ආයතන වලින් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම කළේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාල හඬ පට මගින් අපරාධමය වරදකට අදාළව සාක්ෂි අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාව කැඳවීම ට නියෝග කළේය.

 



අදහස් (11)

ගම්මන්පිලගේ හඬපටය ගැන වාර්තාවක් කැඳවයි

ගල්පර Friday, 07 November 2025 09:23 AM

කොහොමත් මෙයා වාසියට ජාතීන් අතර අසමගිය ඇති කරන්න දෙපැත්තේ කතා නිතරම කියනවා.මෙදා පාර නයාට ගහලා පොල්ල කවද්දගෙන තියෙන්නේ.එදා ඒ ළමයි අතුරුදන් වූ අසරණ දෙමාපියන්ට කල අපහාසය පොළොව නුහුලන පවුකාර වැඩක්.ඉහළම දඬුවම දෙන්න කියලා අපි කියනවා.

:       14       26

සමන් - ඕමානයFriday, 07 November 2025 10:08 PM

ජාතියක්, ජම්මයක් නැති ජාන විකෘති පෙරමුණේ (JVP) ජෙප්පන් හා පාපිස්සන් හැම තිස්සේම බලන්නේ සිංහල ජාතියට හා බෞද්ධාගමට කෙලවන්න. ඔවුන්ට වැදගත් වෙන්නේ LTTE ඩයස්පෝරාවේ සල්ලි. ඒ නිසා ඔවුන් හා මුස්ලිම් කාරයින් ඉල්ලන ඉල්ලන හැම එකක්ම දෙනවා. ඔවුන්ගේ ජාතිවාදී කතා හා වැඩ ගැන සම්පූර්ණ නිශ්ශබ්දයි. සිංහල ජාතිය වෙනුවෙන් හඬක් නැගුවොත්, ඔහු පස්සේ පන්නා පන්නා පහර දෙනවා. සැලෙන්න එපා ගම්මන්පිල මැතිතුමනි! ඔබට අපේ ආශිර්වාදය...!

:       0       0

Kalinga Friday, 07 November 2025 01:08 PM

කුහක ජෙප්පන් මාර උත්සාහයක් දෙන්නේ ගම්මන් පිලව ඇතුළට දාගන්න.

:       26       16

අවධාන හිඟන්නාFriday, 07 November 2025 04:46 PM

මම ගම්මන්පිළ

:       7       4

Asela Friday, 07 November 2025 01:21 PM

NPP වහලුන් සහ JVP ත්‍රස්තවාදීන් කඳුළු හෙළන බවත් සුළු ජාතීන් කෙරෙහි අනුකම්පා කරන බවත් හොඳින් දන්නා කරුණකි, මන්ද ඔවුන් කලින් මරා දැමුවේ සිංහලයින් පමණි. NPP කතා කරන්නේ අපි ඊයේ ඉපදුණාක් මෙනි...

:       22       14

අයන්ත රාජමන්ත්‍රී Friday, 07 November 2025 03:03 PM

අවුරුදු 76ක් රට විනාශ කර බංකොලොත් කළවුන්ට කත් අදින අසේල වැන්නවුන් ඊයේ ඉපදුනාටත් අන්තයි.

:       11       21

Lalith Friday, 07 November 2025 03:06 PM

මූසල ජෙප්පන්ට ඕනේ වහල්ලු විතරයි.

:       20       13

Niranga Friday, 07 November 2025 03:28 PM

අයන්ත ඔයා තමයි ඊයේ ඉපදිලා තියෙන්නේ. ඒකනේ මේ රාජ්‍ය දේපළ විනාශ කරපු බෙල්ල වටේ ගහපු අයට කඩේ යන්නේ...

:       17       12

බන්ඩ Friday, 07 November 2025 10:21 PM

අර යාපනේ තිස්ස විහාරේ හැමදාම කෑ ගහන සෙට් එක ගන්න ඕනෑ... ඊට වඩා සැරට උන්නා බේද වපුරනවා. ඒවාට කොන්ද පණ නැද්ද?

:       0       0

Wanasinha Saturday, 08 November 2025 03:35 PM

නූතන ඒකාධිපති වියරුව...

:       1       1

දයාන් කන්නන්ගර Saturday, 08 November 2025 06:54 PM

මේ වගේ ජඩයින් අනුකම්පා විරහිතව මෙල්ල කළ යුතුමයි... මේ ලැබුණු අනගි අවස්තාව ප්‍රයෝජනයට ගෙන අනිත් ගිහි පැවිදි ජාතිවාදී ද්‍රෝහී රාජපක්ෂ වසලයින්ගේ අවශ්‍යතාවය අනුව රට විනාස කරන්න සූදානම් වන සියල්ලම කුඩුපට්ටම් කළයුතුමයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 533 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 482 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site