
( ෂේන් සෙනෙවිරත්න)
පල්ලෙකැලේ කර්මාන්ත පුරයේ ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවක ඇතිවූ විශාල ගින්නක් හේතුවෙන් එම කර්මාන්තශාලාවට බරපතල හානි සිදුවී ඇති බව පල්ලෙකැලේ පොලිසිය කියයි.
මෙම ගින්න ඊයේ (05) රාත්‍රී 8.30ට පමණ ඇතිව තිබෙන අතර පසු දින අලුයම් කාලය වන තුරුත් ගින්න පැවැති බව පල්ලෙකැලේ පොලිසිය කියයි.
මෙම කර්මාන්තශාලාව තුළ ගිනිපෙට්ටි, හඳුන් කූරු හා ඉටිපන්දම් විශාල වශයෙන් ගබඩා කර තිබීම හේතුවෙන් ගින්න නිවා දැමීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද පොලිසිය කියයි.
පල්ලේකැලේ පොලිසිය, ගුවන් හමුදාව, යුද හමුදාව සහ මහනුවර නාගරික ගිනි නිවන ඒකකය මැදිහත්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබුණි.
මෙම ගින්න විදුලි කන්දුවක් හේතුවෙන් ඇතිවූවක්ද එසේත් නොමැති නම් වෙනයම් හේතුවක් නිසා ඇතිවූවක්ද යන්න සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.

2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පල්ලේකැලේ කර්මාන්තශාලාවක් අළු වෙයි
Indika Thursday, 06 November 2025 10:56 AM
පාඩු පිට යන ව්‍යාපාරය ලාභ ලබන්න තියන පහසුම මගක් තමයි ගිනි දෙවිය පිදීම.. මන්ත්‍රාචාරියා හරියට නැටුම නැටුවොත් හරි. නැතින්ස්ම් සොරි...