
(අංජුල මහික වීරරත්න)
ජාතික සමගිය ගොඩනැගීම සඳහා දකුණේ සිට උතුරට නෑගම් යන තරුණ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික තරුණ සේවා සභාව තීරණය කර තිබේ.
මෙම තරුණ හුවමාරු වැඩසටහන "Youth Link Sri Lanka" ලෙස නම් කර ඇත.
මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා කීවේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ජාතික සමගිය ගොඩනැගීම මෙම තරුණ හුවමාරු වැඩසටහනේ මූලික අරමුණ බවයි.
"මේක අවු 30 යුද්ධයක් තිබුනු රටක්. ඉන් සමහරු දේශපාලන වාසි ලබා ගත්තා. ජාතික සමගිය හදන්න උත්සාහයක් කළේ නෑ
. දකුණේ තරුණ තරුණියන්ට උතුරේ සහෝදර සහෝදරියන්ගේ ජීවන රටාව ගැන අධ්‍යයනය කිරීමට ඉඩකඩ සැලසීම මේ වැඩසටහනෙන් සිදු කෙරෙනවා.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න මහතා:-
Youth Link වැඩසටහනට තරුණයින් 850 ක් සම්බන්ධ වෙනවා. ඊට එක් දිස්ත්‍රික්කයකින් තරුණයින් 10 බැගින් තෝරාගෙන් 25 බැගින් කණ්ඩායම් හදානිලධාරීන් සමඟ ඔවුන් උතුරට යනවා.
මෙම වැඩසටහනට අවුරුදු 18 -29 වයසේ තරුණ තරුණියන් සම්බන්ධ වෙනවා.
වැඩ සටහනේ ආරම්භක දිනය අද ( 7)යි. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී උදේ 11ට යන මෙම තරුණ තරුණියන් දූපත් හතරකට ගිහින් විවිධ සාමූහික ක්‍රියාකාරකම් කරනවා යනුවෙන්ද සුපුන් විජේරත්න මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
533
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
482
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණින් උතුරටත් තරුණ හුවමාරු වැඩසටහනක්
පන්සිළු Friday, 07 November 2025 12:07 PM
මේ නිවට වැඩක්. කල යුත්තේ උතුරේ තරුණ තරුණියන් දකුණට ගෙනැවිත් ඔවුන්ගේ ඔළුවල තියෙන මනස්ගාත ඉවත් කර හැරීමයි. දෙමළ ඩයස්පෝරාව සමග එකගෙයි කනවුන්ගෙන් නිවැරදි දෙයක් බලාපොරොත්තු විය නොහැක්යි. දීන දේවල් මයි සුදුවන්නෙ
සමන් ගනිඅච්චි Friday, 07 November 2025 06:15 PM
ඇයි බෙදීමක්. අපි එකම රටක පුරවැසියන් නෙවෙයි ද. සිංහල අර්ථ දැක්වීම මගින් බෙදීමක් තහවුරු කරනව වගේ. මේක "ශ්‍රී ලංකා තරුණ සහයෝගීතා වැඩසටහන" වගේ නමකින් හැදින්විය හැකියි නේද