
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනතාවගෙන් දේපළ බද්ද අය කිරීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බවත් මෙවර අයවැයේදී ජනාධිපතිවරයා ඒ ගැන වචනයක් හෝ නොකියූ බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
2027 වර්ෂයේදී දේපළ බද්ද එන බව බලාපොරොත්තුවෙන් සිටිය යුතු යැයිද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයථා මුදල් වලින් උපයා ගත්තු දේපළ, ආණ්ඩුව මේ පවරා ගන්නා විදිහට ඔබතුමන්ලාට දේපලක් ඉතුරු වෙන එකක් නැහැ. ඒක නිසා ඒ පිළිබඳ ඔබතුමාලා බයවෙන්න එපා.
අනේ යන්න මෙයා යන්න. පුළුවන් නම් විපක්ෂ නායකකම අරගෙන ආණ්ඩුවට ඇටෑක් කරන්න.
ජනතාවට සහන නොදී අසීමිත ලෙස බදු ගහලා මේ දුර්දාන්ත පාලකයෝ සූදානම් වෙන්නේ හොරකම් කරන්න බව පැහැදිලියි. අර මිනිහාගේ කතාවේ වැඩි හරියක් තිබුණේ අධිවේගි මාර්ග, මහ මාර්ග හා රජයේ ඉදිකිරීම් ගැනයි ඒවායේ කොමිස් මුදල පැලවත්තට හැරෙව්වාම සහෝදර කල්ලියට ඊළග පාර ඡන්දය පැරදුණත් තව අවුරුදු විස්සක් තිහක් කරදරයක් නැතිව කාලා බීලා ඉන්න පුළුවන් බව දන්නවා. රාජපක්ෂලා වික්‍රමසිංහලා මේ රටට කෙරුවෙත් ඕකම තමයි. ඔවුන්ගෙයි මුන්ගෙයි අතර වෙනසක් නැහැ.
ආචාර්යතුමනි, ඔහු තවත් දේවල් අමතක කළා. ඔහු දෙදහස් දහනවය තත්වයට රට දෙදහස් විසිනවයේදී පත්කරන බව කීවා මිස රට වසර දහයක් ආපස්සට ගෙන යන බව හෝ නැත්නම් 2019 යහපාලන ආණ්ඩුව හොඳ බව කීවේ නෑ.