
(සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඉන්දීය නිල සංචාරයට මන්ත්‍රීවරුන් කිසිවක් හෝ සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි නොසතුටට පත්ව සිටින බව වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් ඔවුන් නායකත්වය දැඩි ලෙස විවේචනය කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මෙවැනි නිල හමු වලට යෑමේදී අඩු තරමින් ආර්ථිකය සහ විදේශ කටයුතු ඇතුළු විශේෂිත විෂයයන් කෙරෙහි ප්‍රාමාණික දැනුමක් ඇති මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හෝ සම්බන්ධ කර ගත්තේ නම් එය ඉතා ඵලදායී වනු ඇතැයි පක්ෂයේ බොහෝ දෙනාගේ මතය වී ඇත.
විපක්ෂ නායකවරයාගේ මෙම නිල සංචාරයට සහභාගි වී ඇත්තේ ඔහු සහ පක්ෂයේ තවත් නිලධාරියකු පමණි. සංචාරයේදී විපක්ෂනායකවරයා ඉන්දියාවේ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකුම මුණගැසී සාකච්ඡා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර ජනාධිපතිතුමාගේ අඩිපාරේ යනවා. නිකන් මොකටද පක්ෂයේ සල්ලි නාස්ති කරන්නේ... කොස් කටින්...
13 බලාත්මක කරනවා කියලා ඉන්දියාව චූන් කරලා ආවේ පුතානෝ.... ඊළඟ පාරත් කොටි ඡන්ද ටික ලැබෙයි. එච්චර තමයි...
ආයෙ ඕකට කට්ටිය ඔනයෑ අපිට ටීවී එකේ බල බලා හිනාවෙන්නනේ තියෙන්නේ....
කැන්දන් ගිය අනික් නිලධාරියා කවුද? ලක්ශමන් ෆොන්සේකාද?
සජබ = සජිත් ජලනි බලවේගය..?
පුද්ගලික සන්චාරයක් කියලයි කිව්වේ, එහෙනම් ජලනි ඉන්න එපැයි. අඩුම ගානේ ආර්තික ඔස්තාර්වත් සම්බන්ධ කරගන්න තිබුණා. ළාමක ටින් ටින් කියන්නේ නිකම්ද?
ලෝකවටේ ගියේ කට්ටිය පිරිවරාගන. ගෝබ්බයෝ පාලනය කරන කොට. ඒ සෙල්ලම් දැන් බෑ මල්ලි. මේ යන විදියට දේශපාලනය එපා වෙනවා නේද? අතින් දීලා තමයි යන්න වෙන්නේ. ඒත් වැඩක් නැහැ. මාලිමාවට පුලුවන් රට කරගන යන්න. ලාමක ටින් ටින්ට තියෙන්නේ ලොකු මේනියාවක්... නායකකම අර්න් තියෙන්නේ ජනාදිපති විදියට.... නාමල් බේබි වගේ...
මේ දඹදිව වන්දනාවක් නෙවේද?
ඔය සජිත්ට දැන් සජබේ විපක්ශනායකකම හර්ෂට දීලා ගෙදර ගියා නම් ඉවරයි. මොකද සජිත් දැන් ඡන්ද පැරදිලා පැරදිලා කුජීත වෙලා ඉන්නේ. හර්ෂ නම් හොඳට කරගෙන යයි. මාලිමාවත් එක්ක සජිත්ට හැරෙන්න බැහැ.
රටේම ජනතාවත් එතුමා සමග කෝපයෙන් ඉන්න අවශ්‍ය විරෝධය මේ ආණ්ඩුවට එල්ල නොකිරීම ගැන. ආණ්ඩුව පාණ්ඩුව වෙලා ඒකාධිපති වියරුවෙන් ගමනක් යනවා. විපක්ෂ නායක මහතා ආණ්ඩුවට හීලෑ වෙලා දියාරු විවේචන ඉදිරිපත් කරමින් රටට විහිලු සපයමින් ඉන්නවා.