
(ගයාන් සූරිය ආරච්චි)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ 4 වැනි මහලේ වැසිකිලියක තිබී කලල කොටසක් හමුවී ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
එම නේවාසිකාගාරය භාර උප ශාලාධිපතිනිය විසින් කළ පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව එම කළල කොටස පශ්චාත් මතන පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇත.
පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධියට අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵලයක් වෙන්න බැරිද?
කවුරුහරි වැරදි විදිහට හැසිරිලා. බුද්ධිමත් යැයි පිළිගන්න ඉහල අධ්‍යාපනය ලබන තැනක මෙවැනි දේවලුත් සිදුවනවා නම් අනෙකුත් අය ගැන කුමන කතාද ?
විභාග සමත් වුණාට ලෝකයේ ජීවත් වෙද්දී දැනගෙන සිටිය යුතු දේවල් දන්නේ නෑ. දෙමව්පියන් දරුවන්ව පොතට සීමා කිරීමේ ආදීනව තමයි මේ... ලිංගික අධ්‍යාපනය දෙන්නත් බෑ... පන්සල්, පල්ලි විරුද්ධ නිසා... ගැබ් ගැනීම වළකන ක්‍රම දන්නෙත් නෑ කියන්නේ කැම්පස් යන්න තියා සාමාන්‍ය පෙළ කරන තරම්වත් බුද්ධියක් නෑ.