(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ප්‍රතිව්‍යුහගතකරණ කමිටු යෝජනාවට එහි ප්‍රධානීන් සිවු දෙනකුද සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.
එසේ විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපි බාරදී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මෙම කමිටුව පත් කරනු ලැබුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසිනි. එහි අවසන් වාර්තාව ඉකුත්දා කතානායකවරයාට බාර දෙනු ලැබීය.
කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම දැනටමත් සිය විරෝධය පළ කර ඇත.
යෝජනාවලියෙන් පාර්ලිමේන්තුවේ සියලුම සේවකයන්ට බරපතළ අසාධාරණයක් වන බව එකී දෙපාර්තමේන්තු පෙන්වා දෙයි. මෙම ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් එහි සෙසු ප්‍රධානීන්ද ඉදිරි දිනවල සිය මතය මහලේකම්වරියට දැනුම් දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පේනවා නේද අවුරුදු 76 ක්ම රටේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා...
සැප මදිනම් නුවර එළියේ , බදුල්ල, බණ්ඩාරවෙල වැනි හොඳට සැප ගන්න පුළුවන් ප්‍රදේශයක, වෙනත් රජයේ දෙපාර්තමේන්තුවකට මාරුකර හරින්න. පාර්ලිමේන්තුවේ වැඩ කරන්න කැමැති මිනිස්සු ඕනේතරම් ඉන්නවා...