නිර්මාණ හොරාකන පිරිසක් කලා ලෝකය අයිතිකරගෙන
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා රචනා කළ කාණ්ඩ දෙකකින් යුක්ත ‘ගේය කාව්‍ය කර්තෘවරු’ කෘතිය එළිදැක්වීමේ උළෙල මෙම මස 16 වැනිදා (අද) ප.ව. 3.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම කෘති එළිදැක්වීම නිමිත්තෙන් ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණය කරන සංගීත සන්ධ්‍යාවේදී උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක, රන්ජන් සාලිය, සංචලී රත්නායක නිදර්ශන ගීත ගායනා කරති. මෙම කෘතිය එළිදැක්වෙන්නේ ඉමාෂි ප්රකාශනයක් ලෙසිනි.