කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු වන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට සැප්තැම්බර් පළමුවැනිදා පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණි. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නගා ඇති රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටය.
එසේ වුවද සමන් ඒකනායක මහතා තම නිවෙසේ සිට ඒ සඳහා යමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ පරීක්ෂණය කරන නිලධාරියාගෙන් ලැබුණ පණිවුඩයකින් එහි පැමිණීම අනවශ්‍ය බව දන්වා ඇත. ඒ අනුව තවත් සංදර්ශනාත්මක අවස්ථාවක් වැළකී ගියේ යැයි සිතමි.
මේ දිනවල සිදුවන බොහෝ දේවල් නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ ආණ්ඩුව තමන් ඉටු කළ හෝ ඉටු කරන්නට බලාපොරොත්තු වන කාර්යයන් පිළිබඳව ප්‍රකාශ කරනවාට වඩා සතිපතා කිසියම් හෝ සංදර්ශනාත්මක මවාපෑමක් මගින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට කටයුතු කරන ආකාරයයි.
කවර හේතුවක් නිසා හෝ සමන් ඒකනායක මහතාට නොපැමිණීමට දැන්වීම තුළ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඇති වන්නට ගිය තවත් අර්බුදයක් මග හැරුණේ යැයි සිතමි. සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාට සිර දඬුවම් විඳීමට සිදු විය. රජයේ සම්පත් අවභාවිතයක් සම්බන්ධව සිර භාරයට පත් වූ රටේ ප්‍රමුඛතම රාජ්‍ය නිලධාරියා ලලිත් වීරතුංග මහතා විය. ඔහුට චෝදනා එල්ල වූයේ ඔහු විසින් තම ආත්ම වාසිය සඳහා රජයේ මුදල් අවභාවිත කරනු ලැබීමක් පිළිබඳව නොවේ. එවකට පැවැති ආණ්ඩුව ගත් තීන්දුවක් අනුව සිල් රෙදි මිලදී ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් වැය කිරීම පිළිබඳවය. ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට සිර භාරයට පත් කිරීම හේතුවෙන් රජයේ පරිපාලන නිලධාරීන් අතර දැඩි කම්පනයක් ඇතිවූ අතර රජයේ කටයුතු පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී ‘තමන්ගේ බේරීම’ පිළිබඳව ප්‍රමුඛත්වයක් දීමට රාජ්‍ය නිලධාරීන්ට සිදුවන වාතාවරණයක් ඉන්පසු බිහි විය. බොහෝ රාජ්‍ය නිලධාරීන් රාජකාරියේ දී එවැනි ආකල්පයක සිට කටයුතු කිරීම හේතුවෙන් රජයේ කටයුතු ප්‍රමාද වන තත්වයක් ඇතිවිය. රටේ සමස්ත රාජ්‍ය පරිපාලන ක්‍රියාවලියටම සැලකිය යුතු බලපෑමක් එමගින් ඇතිවූ බව පෙනෙන්නට තිබුණි.
සමන් ඒකනායක මහතා මීට පෙර ද මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීය. හිටපු ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය ගමනට මුදල් වෙන් කරනු ලැබ තිබුණේ ජනාධිපති ලේකම් ලෙස සමන් ඒකනායක මහතා විසිනි. එසේ වුව ද ඒවා වියදම් කිරීමේ ක්‍රියාවලියේ දී පවතින මූල්‍ය නීතිරීති හා රෙගුලාසිවලට අනුකුලව කටයුතු කිරීමට සිදු විය. නැවතීමට ස්ථාන වෙන් කිරීම, වාහන කුලියට ලබා ගැනීම ආදි සියලු කටයුතු කරනු ලබන්නේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි. ඒවායේ ගෙවීම් අනුමත කරනු ලබන්නේ තානාපතිවරයාට අනුමත කළ හැකි මුදල් සීමාව ඉක්මවන විට විදේශ අමාත්‍යාංශයේ ලේකම් විසිනි. මෙම වියදම් පිළිබඳව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි සරෝජා සිරිසේන මහත්මියගෙන් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් අරුණි විජේවර්ධන මහත්මියගෙන් හෝ වත්මන් ලේකම් අරුණි රණරාජා මහත්මියගෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගත් බවක් දැනගන්නට නොලැබේ.
හිටපු ජනාධිපති ලේකම්වරයා මෙම ක්‍රියාවලියේ දී තමන්ගේ ප්‍රයෝජනය සඳහා කිසිදු මුදල් භාවිතයක් සිදු කර ඇති බවක් නොපෙනේ. හිටපු ජනාධිපතිවරයාට ලැබුණු ආරාධනා පත්‍රය පිළිබඳව නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බව මීට පෙර ප්‍රකාශයට පත්වී තිබුණ ද මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ වොල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලය විසින් එම ලිපි තමන්ම නිකුත් කළ ඒවා බව සහතික කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවවලට සහභාගී වන විට එරට ශ්‍රී ලංකා තානාපතිනිය ද ඒ අකාරයෙන්ම ආරාධනා ලැබ එම උත්සවයට සහභාගී වූ බව දැක්වෙන ප්‍රකාශ ද ලබා ගෙන ඇත.
පසුගිය මාස කිහිපය තුළ රාජ්‍ය නිලධාරීන්ට මුහුණ දීමට සිදුවූ විවිධ ගැටලු හේතුවෙන් පරිපාලන තීරණ ගැනීම සම්බන්ධයෙන් මන්දගාමී තත්වයක් රට තුළ නිර්මාණය වී ඇති බව පෙනී යයි. පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කුමාර මහතා තම තනතුරින් ඉල්ලා අස්වූයේ ආණ්ඩුව විසින් අල සහ ලූනුවලට බදු පැනවීම සම්බන්ධයෙන් ඔහු එකඟ නොවූ නිසා බව කියවේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා බදු වැඩි කිරීම සඳහා නියෝග නිකුත් කරන ලෙස ඔහුට නියම කර තිබුණ ද, එසේ බදු වැඩි කිරිම නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශ කරමින් එම නියෝග නිකුත් කිරීම වෙනුවට සිය තනතුරින් ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර ඇත.
මෑතක දී අල්ලස් කොමිසමේ ප්‍රධානියකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ කැබිනට් තීරණයක් වුව ද නීත්‍යනුකූල නොවන්නේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමෙන් රාජ්‍ය නිලධාරීන් වැළකී සිටිය යුතු බවය. සැබැවින්ම රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන සම්මතය හා ව්‍යවහාරය අනුව ආණ්ඩුව විසින් ගනු ලබන තීරණවල නීත්‍යනුකූලභාවය පිළිබඳව විමර්ශනය කිරීමට ඔවුන්ට හැකියාවක් සහ අවස්ථාවක් පවතින්නේ ද යන්න විමසිය යුතුව ඇත. රාජ්‍ය නිලධාරීන් වෙත අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීමේ ප්‍රතිඵලය වන්නේ ඔවුන් තීරණ ගැනීමට පසුබට වීමත්, ඒ හේතුවෙන් රජයේ කටයුතු ප්‍රමාදවීම හෝ ඒවා ක්‍රියාත්මක නොවීමත්ය.
එවැනි තත්වයක් තුළ ආණ්ඩුවේ වගකීම වන්නේ රාජ්‍ය නිලධාරීන්ට පීඩනයක් හෝ බලපෑමක් හෝ ඇති නොවන පරිදි තම රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යෑමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට දැනුම් දීමක් කර අන්තිම මොහොතේ නොපැමිණෙන ලෙස දන්වා තිබීම තුළ ආණ්ඩුවේ සුපුරුදු සංදර්ශනයකට ඉඩ ඇහිරුණ නමුදු, එමගින් රජය තවත් අර්බුදයකට යෑමෙන් වැළකුණේ යැයි සිතේ.
ආණ්ඩුව තමන්ට ලැබෙන හැම අවස්ථාවක් සම්බන්ධයෙන්ම සංදර්ශනාත්මක ස්වරූපයෙන් කටයුතු කිරීම පුරුද්දක් කරගෙන තිබෙන බවක් පෙනී යයි. ඉන්දුනීසියාවේ සිට දරුණු අපරාධකරුවන් කිහිප දෙනකු ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ සිද්ධිය උත්සවශ්‍රීයෙන් සැමරීමට කටයුතු කිරීමෙන් ඒ බව යළිත් වරක් මහජනතාවට ප්‍රදර්ශනය විය. එක් අතකින් රජයේ මාධ්‍ය අංශවලට එවැනි කටයුතු හාස්‍යයට ලක් නොවන අයුරින් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද නැත. බලයට පත් වී ගත වූ කාලය තුළ රජය මහජනතාවගේ ප්‍රසාදය දිනාගත් කිසිදු සංවර්ධන කටයුත්තක් පිළිබඳව කතා කිරීමට නොහැකිවීම නිසා එවැනි මවාපෑම් සහ පිම්බීම්වල පිහිට පැතීමට සිදුව ඇති බව ඒවා දකින මහජනතාවට අවබෝධ වේ.
මීට පෙර ද දරුණු ගණයේ අපරාධකරුවන් ශ්‍රී ලංකා පොලිසියේ සහ විදේශ රටවල පොලිසිවල ආධාරයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇත. එය අරුම පුදුම කාර්යයක් නොවන බව අතීත සිදුවීම් තුළින් රටේ ජනතාව අවබෝධ කරගෙන සිටිති. මීට පෙර මේ ආකාරයට රටට ගෙන්වනු ලැබූ පුද්ගලයකු වූයේ ප්‍රබල ගණයේ ත්‍රස්තවාදී නායකයකු වූ එල්ටීටීඊ සංවිධානයේ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ය. ඔහු කොටි සංවිධානය වෙනුවෙන් ආයුධ, මුදල්, යුද්ධෝපකරණ මෙන්ම නැව් සැපයූ ප්‍රධාන පුද්ගලයා ලෙස හඳුනාගෙන සිටියේය. ශ්‍රී ලංකා රජය සහ මැලේසියානු රජය විසින් ක්‍රියාත්මක කරන ලද සුක්ෂම මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මැලේසියාවේ සිටි ඔහු ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකි විය. එසේ වුව ද ඒ පිළිබඳව සංදර්ශන පැවැත්වීමට එවක රජය කටයුතු නොකළේය.
ඩුබායි සිටි මාකඳුරේ මදූෂ් එහි ගත කරන ජීවිතය පිළිබඳව තොරතුරු නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය විසින් හෙළි කර තිබුණි. ඩුබායි පොලිසිය විසින් ක්‍රියාත්මක කෙරුණු මෙහෙයුමකින් සාදයකට සහභාගි වෙමින් සිටි ඔහු ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබූ අතර 2019 වසරේ මැයි 5 වැනිදා ඔහු ශ්‍රී ලංකාවට ගෙන ආවේය. 2024 ජුලි 15 වැනිදා දිමුතු චතුරංග සහ දිනේෂ් සාර්මන් නමැති ප්‍රසිද්ධ අපරාධකරුවෝ දෙදෙනා ද ඩුබායි සිට ශ්‍රී ලංකා පොලිසියේ ද සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ. මේ කිසිඳු අවස්ථාවක ඒ තුළින් වාසි ලබා ගැනීමට හෝ රජය ඉටු කළ මහා කාර්යයක් ලෙස හුවා දැක්වීමට එවක ආණ්ඩු කටයුතු කළ බවක් දැක ගැනීමට නොහැකි විය.
කෙහෙල්බද්දර පත්මේ ගෙන එන අවස්ථාවේ දී රජයේ ඇමැතිවරයකුත්, පොලිස්පතිවරයාත් ගුවන්තොටුපළට යෑම ඔවුන්ගේ තනතුර මෙන්ම රජය ද පහළ මට්ටමකට ගෙන ඒම සඳහා හේතුවී ඇති බව ඒ පිළිබඳ සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය පළ කර තිබූ ප්‍රවෘත්ති මගින් ආණ්ඩුවට තේරුම් ගැනීමට හැකිවනු ඇත.
මෙවැනි සංදර්ශන මත මාලිමා රජයට යැපීමට සිදුව ඇත්තේ මහජනතාව වෙත ඉදිරිපත් කිරීමට රජය ඉටු කළ වැදගත් සංවර්ධන ව්‍යාපෘති හෝ සුබසාධන ක්‍රියාමාර්ග හෝ නොමැති වීම හේතුවෙනි. සංදර්ශන සංවර්ධනය වෙනුවට සැබෑ සංවර්ධනයක් වෙත දැන්වත් යොමු වීමට රජය කල්පනා කිරීමෙන් මහජන ප්‍රසාදය ලබා ගැනීමට රජයට හැකිවනු ඇත.
(***)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ආණ්ඩුවේ සංදර්ශන සංවර්ධනය
janahitha Thursday, 04 September 2025 11:40 AM
ළමයින්ට උගන්වන වැඩේ කරන්න දේශපාලනේ පැත්තක තබන්න උගත් කමෙන් රටට වැඩක් කරන්න ලොක්කා...
MindZap Thursday, 04 September 2025 01:18 PM
අපි නොදන්නා කීර්තිය. කීර්තිය කොහොම වෙතත් එයාගේ නෝනා නම් අර ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයෝ ගෙනාපු නාඩගමේ හොඳ චරිතයක් රඟපෑ කෙනෙක් නේද?
ranjan Friday, 05 September 2025 04:42 PM
උගත්කම තිබුණට දේශපාලන ගණිකාවක් වීම ඉතාම පිළිකුල්...