ගංවතුර – නායයාම් හානි අවම කර ගනිමු
රටේ දිස්ත්‍රික්ක 10ක ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කරමින් මේ දිනවල ඇදහැලෙන මහ වැසි හේතුවෙන් මේ සටහන තබන විට ජීවිත 16ක් අහිමි වී දෙලක්ෂයකට අධික ජනතාවක් අවතැන්වී සිටින බව වාර්තා වී තිබේ. ඒ අතර තිදෙනකු අතුරුදන්ව සිටින බව ද සඳන් විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ (පූර්ව දැනුම් දීම්) ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර තිබුණේ ඉරිදා (06) සවස් භාගය වන විට පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 67,567කට අයත් 270,912 දෙනකුට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටි