IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


වම්බටු අස්වනු වැනසීමේ හේතු බලධාරීන් සොයන්නේ නැද්ද?

නෙළාගත් වම්බටු අස්වැන්න විශාල ප්‍රමාණයක් කෘෂිකර්ම බලධාරීන් ඉදිරියෙ ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් ගලේවෙල බම්බාව ගම්මානයෙන් ඉකුත් දා වාර්තා විය. අස්වැන්න යනු ගොවියකුට තම දරුවකු බඳුය. ඒ අස්වැන්න ගිනි තබා විනාශ කිරීමට සිතක් පහළ කර ගැනීම ඉතා අසීරුවන්නට ඇත. එහෙත් තමන් ඉදිරිපිට නිර්මාණය වී ඇති විනාශකාරී ඉරණමට එරෙහිව වෙනත් විකල්පයක් නොමැති හෙයින් බම්බාව ගොවි ගම්මානයේ ගොවියන්ට එසේ කිරීමට සිදුවී තිබේ. එහෙයින් මෙම ප්‍රශ්නය සුළුවට ගතයුතු නැත.

බම්බාව ගම්මානයේ මහා පරිමාණ වම්බටු ගොවියකු වන එල්.පී. අජිත් ප්‍රියලාල් මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ අස්වැන්න මේ දිනවල ලැබෙන බවත් දින හයකට කිලෝ දොළෙස් දහසක් පමණ අස්වැන්න පණුවන් විනාශ කර ඇති හෙයින් ඒවා ඉවත් කිරීමට සිදුවී ඇති බවය. දින හයකට වරක් කිලෝ දාහතර දහසක අස්වැන්නක් නෙළා ගන්නා බවත් එයින් කිලෝ දෙදහසක් පමණ තෝරා අලෙවි කර ගැනීමට හැකිවූ බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබිණි. එක මුරයකට තමන්ට සිදුවන පාඩුව රුපියල් ලක්ෂ 12 ත් 18 ත් අතර පමණ වන බවද ඔහු පවසා ඇත.

මේ වූකලී එම ගොවි මහතාට පමණක් උරුම වූ ඛේදනීය ඉරණමක් නොවේ.

කෘමිනාශක වර්ග වෙළෙඳ පොළේ අලෙවි කිරීමට නොමැතිවීම, රසායනික පොහොර වෙළෙඳ පොළේ මිලදී ගැනීමට නොමැතිවීම මෙන්ම වගාවලට කාබනික පොහොර ක්‍රමවේදය යටතේ කෘමි උවදුර පාලනය කර ගැනීමට කිසිදු හඳුන්වාදීමක් නොමැති කමත් නිසා බම්බාව ගොවි ගම්මානයේ ගොවියන්ට පොදුවේ මෙම ඉරණමට යටත්වීමට සිදුවී තිබේ.

රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොරට යොමු වීමේ අනගිතම පියවරක් රජය ගත්තේය. එය වූ කලී චිරාත් කාලයක් පුරා ඉල්ලා සිටි දෙයකි. එහෙත් එම පියවරට අවතීර්ණ වීමේදී දියුණු විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. වගාවලට කාබනික පොහොර ක්‍රමවේදය යටතේ කෘමි උවදුර පාලනය කර ගැනීමට කිසිදු හඳුන්වාදීමක් කර නොමැති යැයි බම්බාවේ ගොවියන්ගේ පැමිණිල්ලෙන් කියැවෙන්නේ එයය.

දඹුල්ල මූලස්ථාන කෘෂිකර්ම උපදේශක ඒ.එම්. සුනිල් බණ්ඩාර මහතා අප පුවත් පතට ප්‍රකාශ කර තිබුණේ අතීතයේ වගාවන් කළ ආකාරයටම කාබනික පොහොර නිපදවා ගැනීම කළ යුතු බවත් කාලයක් ගත වෙද්දී මෙම ගැටලුවලට විසඳුම් ලැබෙන බවත්ය. එමෙන්ම කඩිනමින් ගොවීන්ගේ ප්‍රශ්න ගැටලු හඳුනා ගනිමින් ඒවා ඉහළ නිලධාරීන්ට දැනුම් දෙන බවත්ය. එක් මුරයකදී ගොවියකුට රුපියල් ලක්ෂ 12 ක් ලක්ෂ 18 ක් අතර පාඩුවක් සිදුවන පසුබිමක කාලයක් ගත වෙද්දී මෙම ගැටලුවලට විසඳුම ලැබෙනු ඇතැයි යනුවෙන් සිදුකරන අනාගත වාක්‍යවලින් ගොවීන් තමන්ගේ සිත් සනසවා ගනු ඇතැයි සිතිය නොහැකිය.

බම්බාව ප්‍රදේශයේ අක්කර ගණනාවක් පුරා වම්බටු වගාව සිදුවේ. එහිදී දිනපතා හැට දෙනෙකුට පමණ රැකියා ලැබී ඇත. එහෙත් ගොවිතැන පාඩුවන විට ඔවුන් වම්බටු වගාවෙන් ඉවත්වී ඇතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය. වම්බටු අස්වැන්න නරක් වීම පවුල්වල පැවැත්මට තර්ජනයක් වන බරපතළ ප්‍රශ්නයක් ලෙස හඳුනා ගත යුතුවන්නේ එහෙයිනි.

බම්බාවේ ගොවීන් පවසන්නේ මෙරට නිෂ්පාදනය කරන බීජ නොමැතිව විදේශ රටවලින් විශාල මිල මුදල් ගෙවා බීජ ගෙන්වා අලෙවි කළද එම බීජවලට සරිලන තෙල් බෙහෙත් පොහොර නොමැති වීම නිසා වගා කිරීමට නොහැකි බවය. රජය මුලින්ම කළ යුත්තේ රසායනික පොහොර හා තෙල් බෙහෙත් අලෙවිය තහනම් කිරීම නොව මෙරට බීජ නිෂ්පාදනය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවය. එසේ නොමැතිව දෙමුහුන් පිටරට බීජ මෙරටට ගෙන්වා කාබනික පොහොර කොපමණ යෙදුවද ඉන් ප්‍රයෝජනයක් නොමැති බවද එම ගොවියෝ කියති.

එළඹ ඇත්තේ සංක්‍රාන්තික සමයකි. කෘෂි රසායනික පොහොරවල සිට කාබනික පොහොර භාවිතයට යොමුවීමේ සංක්‍රාන්තික සමය තුළදී බොහෝ ප්‍රශ්න ගැටලු මතුවිය හැකිය. කෘෂිකාර්මික නිලධාරීන්ගේ වගකීම වන්නේ මෙම කාරණා සම්බන්ධයෙන් ගොවි ජනතාව මනා ලෙස දැනුවත් කිරීමය. එමෙන්ම ස්වභාවිකව සිදුවන විපත්වලදී එම ගොවි ජනතාවට සාධාරණය ඉටු විය යුතුය. මූලස්ථාන කෘෂිකර්ම උපදේශක ඒ.එම්. සුනිල් බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබුණේ වගාවල පළිබෝධ හානිවලට රජය හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වන්දි නොගෙවන බවය. ඒ සඳහා වැඩපිළිවෙළක් නොමැති බවය. රක්ෂණ ක්‍රමවේදවලට යා යුතු බවය. ගොවි ජනතාවට බලපාන නොවිසඳුණු ප්‍රශ්න බොහෝ බව එමගින් පැහැදිලිය.

(***)



අදහස් (1)

වම්බටු අස්වනු වැනසීමේ හේතු බලධාරීන් සොයන්නේ නැද්ද?

බද්රානි Friday, 09 July 2021 09:30 PM

හදිස්සියකට පරිභෝජනයට ඉතුරු වන්නේ නැහැ... මේ රටේ කාලකන්නින්ගේ පවටම... ඒ වැඩිකමටම වෙන්න ඇති මේ විදිහට පණුවන් ගහන්නේ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 622 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 428 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 332 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1531 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 85 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 701 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 635 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 165 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site