ජනතාව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පරෙස්සම් නූණොත් තව සති දහයකින් පමණ මේ රට කොරෝනා ව්‍යාප්තියේ භයානකම ප්‍රභේදය වන සැර ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදයේ ගොදුරක් බවට පත්වනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයන් විසින් අනතුරු අඟවා තිබේ. මේ බව හෙළිකරමින් කොරෝනා මර්දන කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවට දැනුම් දී තිබුණේ සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද භාවිතය අඛණ්ඩව පවත්වාගත යුතු බවය. ජනතාව එම වගකීම පැහැර හරින්නේ නම් එහි භයානක ප්‍රතිඵල ද අත්විඳීමට සූදානම් විය යුතු බවට ප්‍රබල සංඥාවක් එම පණිවිඩයේ අඩංගුය.
වෛද්‍ය විශේෂඥවරුන්ගේ දැනුම්දීම එබඳු වුව ද පසුගිය සතියේ බස්නාහිර පළාතේ විවෘත කිරීම තහනම්ව තිබූ රෙදිපිළි සහ කඩ සාප්පු සංකීර්ණ විවෘතව තිබූ බව ද අපගේ ලංකාදීප පුවත්පතින් හෙළිදරව් කෙරිණි. මේ බව පෙන්වා දී තිබුණේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය විසිනි. එම සාප්පු සංකීර්ණ පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් විවෘත කිරීමෙන් වැළකී සිටින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විශේෂ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ය. එම නියෝගවලට අවනත නොවීම කොරෝනා ව්‍යාප්තියේ දැඩි අවදානමක් මතු කරන බව පැහැදිලිය. විවෘතව පවතින සාප්පු සංකීර්ණ තුළට ජනතාව සෞඛ්‍ය නීති රීති නොතකා එක්රැස් වුවහොත් එය ඉන්දීය සැර ඩෙල්ටා ප්‍රභේදයට අත වැනීමකි. එම ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ අධික වේගයකින් යුක්ත වීම ඊට හේතුවය.
සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුවත් දිගින් දිගටම පවත්වාගෙන ගිය පළාත් අතර සංචරණ සීමා ද ලිහිල් කිරීමට රජය මගින් තීන්දු ගන්නේ මෙවැනි පසුබිමකය. සංචරණ සීමා ලිහිල් කළ ද පළාත් අතර සංචරණ සීමා පවත්වාගෙන යා යුතු බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබිණි. රට සැමදා වසාගෙන සිටීමට හැකියාවක් නොමැති වුව ද ඉන්දීය සැර ඩෙල්ටා ප්‍රභේදය රට ගොදුරු කරගැනීමට තිබෙන ඉඩකඩ පිළිබඳ සිදුකරන එවැනි අනතුරු ඇඟවීම් නොතකා හැරීම ද සිදු නොවිය යුත්තකි. පවතින අවදානම සම්බන්ධයෙන් නිරන්තරයෙන් ජනතාව දැනුම්වත් කිරීම ද මෙහිදී වැදගත් වෙයි. එය බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතුය. සති දහයකින් පසුව සැර ඩෙල්ටා ප්‍රභේදය මගින් වෙළාගත් ජනතාවක් සිටින රටක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු නැත.
මේ කෙසේ වුව ද කොරෝනා වසංගතය විවිධ විකෘති මවමින් දිගින් දිගටම ව්‍යාප්ත වන්නේ නම් ඒ සඳහා කාලීන විසඳුම් සොයා ගැනීමට තවදුරටත් පමා නොවිය යුතුය. ලොව පුරා බොහෝමයක් සෞඛ්‍ය විශේෂඥයන්ගේත් විද්වතුන්ගේත් අදහස වන්නේ කොරෝනා වසංගතය නිමාවක් දකින දිනය කවදාදැයි කිසිවකුටත් කිව නොහැකි බවය. ඇතැම් විට එය සෙම්ප්‍රතිශ්‍යාව මෙන් පොදු බෝවෙන රෝගයක් වශයෙන් සැමදා ලොව පුරා පවතිනු ඇති බවට පුරෝකථනය කරන පිරිසක් ද වෙති. එය කොතරම් දුරකට සැබෑ විය හැකිදැයි අපි නොදනිමු. එහෙත් කොරෝනා වසංගතයට මුහුණදීමේ දීර්ඝ කාලීන විසඳුම්වලට අපේ රට ද හුරු විය යුතු බවට විවාදයක් නැත.
සිංගප්පූරුව පසුගියදා මේ සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ලොවේම අවධානයට ලක්වූවාට සැකයක් නැත. ඔවුන් රට සාමාන්‍යකරණයට පත්කර කොරෝනා යනු සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් වශයෙන් සලකා කටයුතු කිරීමට ජනතාවට ඉඩ සලසා දී තිබේ. රට සාමාන්‍ය තත්ත්වයට හැරෙව්වත් එන්නත්කරණය අඛණ්ඩව සිදු කිරීමත්, ආසාදිතයන් හඳුනා ගැනීමට සහ ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමට සියලු පහසුකම් සැපැයීමත් දිගටම සිදුවනු ඇත. ඒ අනුව රටේ දෛනික ආර්ථික කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යාමට සිංගප්පූරුව පියවර ගෙන තිබේ.
එවැනි වැඩපිළිවෙළකට යාමට ලොවේ සෙසු රටවල් නම් තවමත් සූදානම් නැත. වරින් වර විවෘත කෙරුණු, රෝගය හොඳින් පාලනය කරගත් ඕස්ට්‍රේලියාව වැනි ඇතැම් රටවල් පවා යළිත් ලොක්ඩවුන් සීමාවලට අනුගත වී තිබේ. ශීඝ්‍ර ලෙස පැතිරෙන ඩෙල්ටා වයිරසයේ බලපෑම හේතුවෙන් එම රටවල්වලට එකී තීන්දුව ගැනීමට සිදුව ඇතැයි ද වාර්තා විය. මේ නිසා අපේ රට ද එකවරම සියලුම සීමා ලිහිල් කිරීමේදී ඒ සමඟ ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය ද අමතක නොකළ යුතුය. සිංගප්පූරුව වැනි ඉතාම සැලසුම්සහගතව ක්‍රියාත්මක වන ක්‍රමානුකූල විනයගරුක රටකට එතරම් පහසුවෙන් සාමාන්‍යකරණය වීමට හැකි වුව ද ශ්‍රී ලංකාවට එවැනි පියවරක් එකවර ගැනීම පහසු නැත. සිංගප්පූරුවට සාපේක්ෂව අපේ රටේ මරණ සංඛ්‍යාව සහ ආසාදිත සංඛ්‍යාව බෙහෙවින් අධික බව ද අමතක නොකළ යුතුය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා යළිත් වරක් අවධාරණය කර තිබුණේ ශීඝ්‍රයෙන් පැතිරෙන ඩෙල්ටා විකෘතියෙන් ගැලවීමට නම් එන්නත් ලබාගැනීම අත්‍යවශ්‍ය බවය. එසේම මුඛ ආවරණ පැලඳීමත්, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමත් අතිශයින්ම වැදගත් බව ද ඔවුන් පෙන්වා දී තිබිණි. කොතරම් අපහසුතා තිබුණත් අප ද තවමත් යා යුත්තේ එම මාර්ගයේම බව අපේ වෛද්‍ය විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම්වලින් පෙන්වා දෙයි. රට සාමාන්‍යකරණය විය යුත්තේ එම වෛද්‍ය උපදෙස්වලට පටහැනි නොවන ආකාරයට බව යථාර්ථයයි.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
“ඩෙල්ටා” අවදානම නොතකා සිටිනු එපා