අනවශ්‍ය ගැටලු හදාගත් සහල් මිල ප්රශ්නය
සහල් මිල, රජයේ මිල පාලනය, වී මෝල් හිමියන්ගේ මාෆියාව ඇතුළු සහල් මිලට සම්බන්ධ සියලු කතා පසුගිය සති කිහිපය තිස්සේ මෙරට දේශපාලන කරළියේත්, මාධ්‍යවලත් සැර කටගැසුම් බවට පත් වී තිබිණි. හදිසි නීති ප්‍රතිපාදන යටතේ සහල් මෝල් වටකර ගබඩාවල තිබූ සහල් තොග රජයේ භාරයට ගැනීම හේතුවෙන් එම කටගැසුම් තවදුරටත් තෙම්පරාදු විය.