IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ශ්‍රී ලංකා ධජය ලොවට පෙන්වූ දිනේෂ්ට – සමිතට අපේ ආචාරය

ඔලිම්පික් හා පැරාලිම්පික් උළෙලක පදක්කම් පළඳවන උත්කර්ෂවත් මොහොතේ පිටිය සිසාරා වාදනය වන්නේ රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයාගේ රටේ ජාතික ගීය පමණි. එම අසිරිමත් අභිමානවත් ගෞරවණීය අත්දැකීම මෙතෙක් මෙරටට හිමිව තිබුණේ නැත. එම අඳුරු ඉතිහාසය ඒකාලෝක කරමින්, වර්ණවත් කරමින් ක්‍රීඩා විශ්වයේ හිණි පෙතට අපගේ ආදරණීය මාතෘ භූමිය ඔසොවා තැබීමට අභිමානවත් ශ්‍රී ලංකා පුත්‍රයෙක් සමත් විය. ඒ ඉකුත් 30 වැනිදාය. ජපානයේ ටෝකියෝ නුවර මේ දිනවල පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ ‘‘එෆ් 46’’ කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදීය.

අනුරාධපුර, කාගම ග්‍රාමයේ උපත ලද දිනේෂ් ප්‍රියන්ත හේරත් නම් අභිමානවත් ශ්‍රී ලංකා පුත්‍රයා ලක් මව රන් මලින් සරසනු ලැබුවේ එම තරග ඉසව්වේ නව ලෝක වාර්තාවක්ද සනිටුහන් කරමිනි. ශ්‍රී ලාංකිකයකු වීමේ අභිමානය සෑම පුරවැසියකුටම ජනිත කළ දිනේෂ් ප්‍රියන්ත හේරත් සමග ආධ්‍යාත්මික ශ්‍රී ලාංකිකයන් සමග ලංකාදීපය ද අපමණ සොම්නසින් අත්වැල් බැඳ ගනී. දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකා යුද හමුදාවේ 3 වැනි ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් රණවිරුවකු වීමද මේ මොහොතේ සිහිපත් කළ යුතුය.

එම ක්‍රීඩා උළෙලේදීම සමිත දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසි කිරීම (දණහිසට පහළින් - පාදයක් අහිමි) කාණ්ඩයේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින් පදක්කම් සටහනේ ඉදිරියට අප රට රැගෙන යෑමට සමත් විය. තිස් වසරක යුද අග්නියෙන් මේ රට මුදාගැනීමේ සංග්‍රාමයේ ඉදිරි පෙළ සටන්කරුවන් වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් මෙන්ම සමිත දුලාන් කොඩිතුවක්කු ද රට ජාතිය වෙනුවෙන් ගත රුහිරු වගුරා ආබාධිත තත්ත්වයට පත්ව සිටිය ද පසු නොබා නැගී සිටිමින් උපන් බිමට ජයග්‍රහණ ගෙන ඒමට කැපවීම වෙසෙසින් අගය කළ යුතුය. උපන් බිමට ණය නැතිවීම ජීවිතයට අත්පත් කරගත හැකි කෙතරම් ඉහළම ජයග්‍රහණයක්ද යන්න දිනේෂ් ප්‍රියන්ත මෙන්ම සමිත දුලාන්ද මවුබිමෙන් එපිටදී අපට ඔප්පු කර පෙන්වූහ.

ලෝක වසංගතයකට අප රට ගොදුරු වී දසතින්ම දුක් අඳෝනා විලාප නැගෙන සෝබර පරිසරයක  විජයග්‍රහණයක ශුභාරංචියකින් සිත් සතන් අමන්දානන්දයට පත් කර ගැනීමට දිනේෂ් ප්‍රියන්ත මෙන්ම සමිත දුලාන් අගනා ඉඩකඩක් විවර කර දුන්හ. ජයග්‍රහණයෙන්  පසුව ජාතික ධජය සිප වැළඳ එයට නමස්කාර කරන අයුරු රූප රාමු ඔස්සේ දුටු ශ්‍රී ලාංකිකයන්ගේ දෑසට කඳුළක් ගලා නාවේ නම් එය අරුමයකි. මුළු මහත් ජාතියම එක මිටට එක පොකුරට ඒකාත්මික කිරීමට ජයග්‍රහණ පෙළහර සමත්විය. ඒ සම්බන්ධයෙන් එම අභිමානවත් ශ්‍රී ලංකා පුත්‍රයන් දෙදෙනාටත් පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන්ටත් අනුග්‍රාහකයන්ටත් ප්‍රණාමය හිමි විය යුතුය.

1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් ඩන්කන් වයිට් ඔලිම්පික් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත විය. එහෙත් ඩන්කන් වයිට් එම ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ ශ්‍රී ලංකා නාමය යටතේ  නොව ‘‘සිලෝන්” යන නාමය යටතේවීම විශේෂත්වයකි.

ඩන්කන් වයිට්ගෙන් පසුව ඔලිම්පික් පදක්කමක පහස විඳීමට අප රටට වසර 52ක් බලා සිටීමට සිදුවිය. 2006  සැප්තැම්බරයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති ඔලිම්පික් තරගයේදී මුළු ජාතියේම හදවත් මොහොතකට නතර කරවමින් කාන්තා මීටර 200 තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සුසන්තිකා ජයසිංහ සමත් විය. ‘ආසියාවේ කළු වෙළඹ’ යැයි විරුදාවලිය ලත් සුසන්තිකාගෙන් පසුව ඒ හපන්කම පෑමට සමත් වූයේ දිනේෂ් ප්‍රියන්ත හා සමිත දුලාන්ය. සුසන්තිකාගේ රිදී පදක්කමේ සිට දිනේෂ් හා සමිතගේ පදක්කම් පෙළහර දක්වා ගතව ඇති කාලය වසර 21කි. දිනේෂ් හා සමිත හමාර කළේ කෙතරම් දරුණු පදක්කම් ඉඩෝරයක්ද යන්න එමගින් පැහැදිළිය.

දිනේෂ් ප්‍රියන්ත තම තරග ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනු ලැබුවේ නව ලෝක වාර්තාවක්ද සමගිනි. ඒ අනුව දිනේෂ් ප්‍රියන්ත ඉතිහාසගත වන්නේ ශ්‍රී ලාංකේය ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ඕනෑම ආකාරයක ඔලිම්පික් තරගාවලියක රන් පදක්කමක් දිනාගත් පළමුවැනි ක්‍රීඩකයා ලෙසය.

අප රට කුඩා රටකි. ලෝක සිතියමේ අබැටක් තරම් වන අප රටට විශාල ආර්ථිකයක් නැත. එහෙත් විශ්වය ජය ගැනීමට සමත් පෞරුෂයකින් හෙබි ප්‍රජාවක්, මානව සම්පතක් අප සතුය. ඩන්කන් වයිට් මෙන්ම සුසන්තිකා ජයසිංහ ඒ බව ඔප්පු කළහ. අර්ජුන රණතුංගගේ සිට සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්,  මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර හා ලසිත් මාලිංග ඇතුළු පිරිස ඒ බව ඔප්පු කළහ. එහිම නව පරිච්ඡේදයක් ඇරැඹීමට දිනේෂ් ප්‍රියන්ත හා සමිත දුලාන් සමත් වී සිටිති. මුළු ලෝකයම කතා කරන රටක් බවට අප රට පත් කිරීමට දිනේෂ් හා  සමිත සමත් වූහ.

අවශ්‍ය වන්නේ ඉඳහිට ජයග්‍රහණ ගෙනෙන රටක් නොව සිරිතක් වශයෙන් ජයග්‍රහණ ගෙනෙන රටක් බවට අප රට පත් කිරීමය. එයට අවැසි මානව සම්පත අප රට සතුය. අවශ්‍ය වන්නේ දියුණු වැඩපිළිවෙළකි. දිනේෂ් හා ප්‍රියන්ත ගුවන්තොටුපොළේදී මල් මාලා පළඳවා උත්සවශ්‍රීයෙන් පිළිගැනීමෙන් හා සතියක් දෙකක් ගතවනතුරු නොයෙක් ආකාරයේ විසිතුරු මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් සිරිතක් වශයෙන් දිනන රටක් බිහි කළ නොහැකි බව අවධාරණය කරමු.

(***)



අදහස් (1)

ශ්‍රී ලංකා ධජය ලොවට පෙන්වූ දිනේෂ්ට – සමිතට අපේ ආචාරය

Raveendra Wednesday, 01 September 2021 03:54 PM

ඉතාමත්ම හරවත් අදහස් වලින් අද දින කතුවැකිය අංග සම්පූර්ණ වීම සතුටකි. තම සුන්දර තරුණ ජීවිතයේ තමන් උපන් රට වෙනුවෙන් තමන්ගේ රුධිරය, අවයව පූජාකර තම යුතුකම් උපරිමයෙන්ම කර රට රුදුරු ත්‍රස්තයින්ගෙන් බේරාගෙන අඩු පහසුකම් මැද වුණත් ලංකාමාතාව ක්‍රීඩාවෙන් ලෝකයේ ඉහළින්ම තැබූ ඔබ දෙපලට අපි හදවතින්ම සුබ පතන්නෙමු. ඔලිම්පික් තරගවලට තමන්ගේ අවයවවල කිසිදු අඩුපාඩුවක් නොමැතිව සහභාගි වූ මෙන්ම ඉදිරි අනාගතේ සහභාගි වීමට බලාපොරොත්තු වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනේකවිධ හේතු කාරණා කීමෙන් වැළකී ලංකාමාතාව ක්‍රීඩාවෙන් ලෝකයේ ඉහළින්ම තැබීමට ශක්තිය ලැබේවා...!!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 622 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 426 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 330 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1531 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 85 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 701 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 635 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 165 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1186 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site