රට යළිත් විවෘත කෙරිණ. මෙහි ‘යළිත්’ යැයි සඳහන් කළේ වරින්වර රට වැසීමද යළිත් විවෘත වීම් ද සිදුවු හෙයිනි. රට විවෘත වූ ඒ සෑම අවස්ථාවකදීම ‘සියල්ල යහපත්’ යැයි සිතූ අනුවන පුරවැසියන් නිසා රට යළිත් වසා දැමීමට සිදුවිය. ඉතිහාසයයේ එකම දේ යළි යළිත් වන්නේ නම් එය ප්‍රහසනයක් නොව ඛේදවාචකයකි. එහෙයින් රට යළිත් වසා දැමීමට සිදු නොවන ලෙස කටයුතු කිරීමට සෑම පුරවැසියකු ඉදිරිපිටම බරපතළ වගකීමක් තිබේ. හාර ලක්ෂය ද ඉක්මවා ආසාදිතයන් වාර්තා වූ දොළොස් දහස් පන්සියය ද ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වූ රටක ජීවත්වන පුරවැසියාට එම වගකීම වටහා ගැනීම අසීරු නොවනු ඇත.
ඉකුත් අප්‍රේල් මාසය වන විට රටේ යම් තැන්පත් බවක් දක්නට ලැබිණි. ‘දිළිසෙන සියල්ල රත්‍රං නොවේ’. යන්න කියමනක් පමණක් නොව සත්‍යයකි. ‘‘ඇසට පෙනෙන සියල්ල සත්‍යනම් ලොවට විද්‍යාවක් අවශ්‍ය නොවන’’ බව ද එපමණටම ප්‍රත්‍යක්ෂ වූ සත්‍යයකි. එහෙත් අවශ්‍යම මොහොතේ බුද්ධිමත්ව කටයුතු නොකිරීම අනුවණයාගේ සිරිතය. එහෙයින් අප්‍රේල් මාසයේ දක්නට ලැබුණු කොරෝනා පසු බැසීම වසංගතය කෙළවර වී වසන්තය උදාවීම ලෙස වරවා වටහාගත් අනුවණයෝ රටපුරා දඩාවතේ ගියහ. ඒකාන්ත ප්‍රතිඵලය වූයේ අලුත් අවුරුදු පොකුරු බිහිවීමය. එතැන් පටන් කොවිඩ් මරණ වාර්තා වූයේ විදුලි වේගයෙනි. සැබැවින්ම අද හුස්ම ගන්නා සියල්ලෝම අහම්බෙන් දිවි ගලවා ගත්තෝ වෙති. සැබැවින්ම එය හාස්කමකි. ප්‍රාතිහාර්යයකි. එහෙයින්ම එළැඹ තිබෙන්නේ කිසිදු අත්වැරදීමකට හෝ ඉඩක් නොමැති මොහොතකි. මේ මොහොතේ සිදු කරන ඕනෑම වැරැද්දක් නියත වශයෙන්ම මරණයට අත වැනීමකි.
සීමා කිරීම් මැද රට විවෘත කරනු ලැබුවේ කොවිඩ් මාරාන්තික වයිරසයේ බලපෑම මුළුමනින්ම තුරන් වී ඇති නිසා නොවේ. වයිරසයේ යම් පසුබෑමක් ඇතිවී තිබෙන හෙයිනි. අපට හෙට දවස සම්බන්ධයෙන් අනාවැකි කිව නොහැකිය. යම් පසුබෑමකට ලක්ව තිබෙන වයිරසය හෙට දිනයේ දී රළ ගසා මහා ප්‍රවාහයක්ව මතු විය හැකිය. එහෙයින් උපරිම සෞඛ්‍යරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම සෑම පුරවැසියකුගේම වගකීමකි.
රට විවෘත කළ ද පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වේ. අවමංගල උත්සවයකට සහභාගි විය හැකි උපරිම ගණන දහයකි. මංගල උත්සව පැවැත්විය නොහැකිය. සාද ජනහමු සංගීත සංදර්ශන මෙන්ම උපකාරක පන්ති තහනම්ය. බස් රථයක ගමන් කළ හැකි වන්නේ ආසන ගණනට පමණි. මෙම නීති අකුරටම පිළිපදින්නේ නම් මෙම නීති නැති රටක් ඉතා ඉක්මනින්ම උදාකර ගත හැකිය.
යතුරු පැදියක ගමන් කරන විට ‘හෙල්මටය’ පැළඳීම අනිවාර්ය වේ. එය නීතියකි. එම නීතිය කඩකරන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි දඩයක් අය කෙරෙන වරදකි. මෙම නීතිය පනවා තිබෙන්නේ යතුරුපැදිකරුවාගේ ජීවිතය බේරා දීමට මිස දඩ මුදල් අය කිරීමට නොවේ. එහෙත් ඇතැම් යතුරුපැදිකරුවෝ එසේ නොසිතති. ඔවුන් හෙල්මටය පළඳින්නේ පොලිස් නිලධාරියකු දුටුවිටය. මේ නිසාම රටට අහිමිවන තරුණ පරපුර කොපමණ ද යන්න මාධ්‍ය වාර්තාවලින් වුව ද ඔප්පු වේ.
රට විවෘත කිරීමේ දී පනවා ඇති සීමා ද එසේය. මේවා පනවා තිබෙන්නේ මහජනයාගේම ආරක්ෂාවටය. එසේ නොමැතිව වෙනත් අරමුණකින් නොවේ. හොර රහසේ මංගල උත්සව පැවැත්වූ සාද පැවැත්වූ අවස්ථා රට වසා දමා තිබූ සමයේ වාර්තා විය. නිරෝධායන ඇඳිරි නීතිය නොතකා මහා පිරිස් සහභාගි වූ අවමංගල උත්සව ද විය. එමෙන්ම හොර රහසේ උපකාරක පංති වැඩමුළු නැවැත් වූ අවස්ථා ද විය. එසේ පැවැත් වූ වැඩමුළුවකට රැස්වී සිටි දරුවන් විශාල පිරිසකට කොවිඩ් වැළ ඳී තිබූ බව පරීක්ෂණවල දී අනාවරණය විය. අවදානම නොසලකා උද්ඝෝෂණ ද පැවැත්විණි.
වගකීම යනු පවතින තත්ත්වය එයට හිමි නිසි බරින් හඳුනා ගැනීමය. අපි ඉන්දියාවේ තත්ත්වය අත්දුටුවෙමු. එය භාරතයේ විශාලා මහනුවරින් වෙනස් නොවීය. ගංගාවල මිනී පාවී ගියේය. මහ පාරවල්වල මළ සිරුරු දමනු ලැබීය. අසල්වැසියාගේ ඉරණම දැක දැකත් වගේ වගක් නැතිව සිටි අනුවණ පුරවැසියෝ අපේ රටේ කොරෝනා වගුර ගැඹුරු කළහ. මේ ඉතිහාසය අමතක නොකළ යුතුය. අපි සිරිතක් වශයෙන් බොහෝ දේ ඉක්මනින් අමතක කරන්නෙමු. එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ මුළු මහත් රටටමය. කෙනකුගේ වගකීමෙන් බැහැරවීම ඔහුට පමණක් නොව රටේ සෙස්සන්ට ද ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන්නකි.
තමන්ගේ ජීවිතය රැඳී තිබෙන්නේ තමන්ගේ අතේ බව හොඳින් තේරුම් ගත යුතුය. ජීවිත ආරක්ෂා කරදීමට රජයට නොහැකිය. සෙස්සන්ට ද නොහැකිය. එහෙත් තමන්ගේ ජීවිත මෙන්ම අනුන්ගේ ජීවිත ද ආරක්ෂා කරදීමේ අනගිතම අවස්ථාවක් පුරවැසියන් ඉදිරිපිට තිබේ. එය ආශ්චර්යවත් අවස්ථාවකි. එයින් ප්‍රයෝජන ගැනීම පුරවැසියන්ගේ වගකීමය.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රට විවෘත කළ පමණින් යළි සැණකෙළි එපා
සමරේ Sunday, 03 October 2021 04:08 PM
ඉතා හොඳ කතුවැකියක්. මේ ලියන දේ අපේ සියලුම දේශපාලකයෝ පවා තේරුම් ගෙන තමන්ගේ පාක්ෂිකයන්ට මේ ගැන කියාදෙනවා නම් කොච්චර හොඳද. මොකද අපේ සමහරුන් ඔවුන් කතිරය දමන අය කිව්වොත් විතරයි අහන්නේ. අනික් අතට ඕස්ට්‍රේලියාවේ වගේ නිකරුනේ පාරේ යන අයට සහ උද්ඝෝෂණ කරන අයට දැඩි දඬුවම් දෙන්න ඕන. ඩොලර් 500 සිට 5000 දක්වා දඩ ගහන සහ තදබල ලෙස උද්ඝෝෂණ මෙහෙයවන අය උසාවි ගෙනියන නිසාත් අවශ්‍ය තැන හමුදාව යොදවන නිසාත් උදාහරණයක් ලෙස බටහිර සහ ගිනිකොණ සිඩ්නි පළාත් නිසා දැන් සිඩ්නි පළාතේ අඩු වේගන යනවා. ඒ නීති දැම්මා කියලා විපක්ෂය විරුද්ධ වුණෙත් නෑ. ඔවුන් පවා කිව්වේ එන්නත් ගන්න සහ නීති පිළිපදින්න කියා. වැඩියෙන්ම කියන දේ අහන්නේ නැතුව විප්ලව කරන්න ගියේ අන්තවාදී අදහස් ඇති අය. ඔවුන්ගේ ක්‍රියාවන් නිසා තමයි අද මෙල්බර්න් නුවර අවට අය විඳවන්න වෙලා ඉන්නේ. ඒ නිසා අපේ ලංකාවේ අයත් මේ ලිපිය කියවා දෙපාරක් හිතන්න ට්‍රිප් සහ පාටි දාන්න ඉස්සෙල්ලා. තව මාසයක් ඉවසන්න. ළමයින්ගේ විභාග කිරීමට ඉඩ දෙන්න. ඊට පස්සේ ටික ටික එලියට යන්න.
anura Sunday, 03 October 2021 06:33 PM
ඇයි ඔක්තෝබර් 6 වෙනිදාට දැවැන්ත කෙළි පැවැත්වීමට රටට හා ජනතාවට ආදරේ පිරිසක් දැන්ම සූදානම් වෙනවානේ
pakeer Monday, 04 October 2021 11:12 PM
අනේ නිකන් ඉන්න... බලන්න බස් යන හැටි. පොල් පටවලා වගේ හවසට.