පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පත්‍රය මුද්‍රණය වී වෙළෙඳ පොළට නිකුත් වී තිබෙන විට ඉල්ලා අස්වී ඇත. ‘නොවැළැක්විය හැකි හේතු’ සහ ‘‘පෞද්ගලික හේතු’’ සිය ඉල්ලා අස්වීමට තුඩුදුන් කාරණා වශයෙන් ඔහු පෙන්වාදී තිබිණි.
සමාජ මාධ්‍යවල පළවූ වාර්තාවලට අනුව තුෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ ’’මෙහෙම වැඩ කිරීමේ තේරුමක් නැති බවය.’’ මේ වංචාව නැවැත්විය නොහැකි බව ද තමන්ගේ පුටුවේ සිටිමින් කෙළින් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව තමන් තේරුම් ගෙන සිටින බවද කියයි. අමාත්‍යවරයාට අත්සන් කිරීමට අවශ්‍ය වූ ගිවිසුමකට තමන් විරුද්ධ වූ බවද මේ ආකාරයට ‘සෞභාග්‍යයේ දැක්ම’ ක්‍රියාත්මක කළ නොහැකි බව ද සඳහන් කරන ඔහු සතොස ආයතනයෙන් සුදු ලූනු ව්‍යාපාරිකයන්ට දී ඔවුන්ගෙන්ම ආපසු වැඩි මිලට ගන්නා බවත් මේ හොරකම නැවැත්විය නොහැකි බවත් ප්‍රකාශ කර තිබිණි.
තුෂාන් ගුණවර්ධන මහතා පාරිභෝගික සේවා අධිකාරියේ තමන්ට පැවරී ඇති රාජකාරිවල දී වැදගත් තීන්දු තීරණ එහි සභාපතිගේත් සෙසු අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේත් කැමැත්ත මත ගත් නිලධාරියකු බවද සඳහන්ය. එහෙත් මෑතකදී එම තීන්දු තීරණවලට එරෙහිව දැඩි බලපෑම් එල්ල වූ බවද ඇතැම් අවස්ථාවලදී ඔහුට මරණ තර්ජන පවා එල්ල වූ බවද හෙළිව තිබේ. සතොස සුදු ලූනු වංචාවේ විමර්ශන ආරම්භ කිරීමට දැරූ උත්සාහයේ දී ඒ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට තර්ජන එල්ල වූ බවද සඳහන් විය.
පසුගිය සති කිහිපය තුළදී රජයේ ඉහළ තනතුරු දැරූ වත්මන් රජයෙන් පත්වීම්ලද ඉහළ පෙලේ නිලධාරින් කිහිපදෙනෙක්ම ඉල්ලා අස් වූහ. දේශපාලනඥයන් ඇතැම් ඉහළ කළමනාකාරීත්වයෙන් එල්ලවන බලපෑම් හේතුවෙන් තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටු කිරීමට නොහැකිවීම මේ තීරණවලට හේතු වූ බවද ඔවුන්ගෙන් ප්‍රකාශ විය. මේ බලපෑම් එල්ල වන්නේ ජනතාවගේ හිතසුව පිණිස ගනුලබන යහපත් තීන්දු තීරණ සම්බන්ධයෙන් නොව බඩගෝස්තරවාදී දේශපාලන බලවතුන්ගේ මනදොළ සපුරනු පිණිස ගත යුතු වන තීන්දු හේතුවෙන් බව තේරුම් ගැනීමට අමාරු නැත. දේශපාලනඥයන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් නිලධාරින් දංගෙඩියට යාම මේ රටේ විලාසිතාවක් බවට පත්වී ඇතැයි මෙයින් පැහැදිලි වන යථාර්ථයයි.
තුෂාන් ගුණවර්ධන මහතාට ඉල්ලා අස්වන ලෙසට දැඩිව බලපෑම් එල්ල වීමට ආසන්න හේතුව රුපියල් ලක්ෂ 76 ක් වටිනා සුදු ලූනු තොගයක් සතොසින් අයථා ලෙස විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීම බව ප්‍රකාශිතය. එම ජාවාරම මෙහෙය වූ බවට සැකපිට සතොස විධායක නිලධාරියකු ඇතුළු කිහිප දෙනකු වැඩ තහනමට ලක් කළ බව ද කියති. එහෙත් මෙතරම් විශාල වංචාවක් කිසිම බලවතකුගේ සහාය ලැබීමකින් තොරව සිදුකරනු ඇතැයි කිසිවකුත් විශ්වාස කරන්නේ නැත. එකී වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන් ගෙදර යවන තරමට වැඩ සිද්ධවීමෙන් පෙනී යන්නේ මේ වංචාව යට ගැසීමට බලවත් පිරිසක් දැඩි උත්සාහයක් ගන්නා බවය. මේ වංචාවට බලවතුන්ගේ අනු දැනුමක් නොමැති නම් විමර්ශන නිලධාරියා ගෙදර යවා දූෂිත නිලධාරින් රැක ගැනීමට පියවර නොගන්නා බව විශ්වාසය.
පාරිභෝගික සේවා අධිකාරිය වැනි ස්වාධීන ආයතනයක නිලධාරියකුට තමන්ගේ රාජකාරිමය වගකීම ඉටු කිරීමේ දී දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව එය සිදු කළ නොහැකි නම් එම ආයතනවල ස්වාධීනත්ව රැකෙන්නේ නැත. එසේ වනවිට එකී ආයතන කෙරෙහි රටේ ජනතාව තුළ පවතින විශ්වාසය ගිලිහී යයි. ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති වශයෙන් විශ්‍රාමික හමුදා නිලධාරියකු පත් කරන්න ඇත්තේ එහි ස්වාධීනත්වය පිළිබඳ දැඩි විශ්වාසයකින් විය යුතුය. එහෙත් තුෂාන් ගුණවර්ධන වැනි උදාහරණ වලින් අපට පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා අරමුණු කරගත් සෞභාග්‍යයේ දැක්ම සාර්ථක කර ගැනීමට සහය දෙනවා වෙනුවට තමන්ගේ සාක්කු පුරවා ගැනීමට වෙර දරන බලවතුන් පිරිසක් එයට හරස් කපන බවය. ස්වාධීන ආයතනයක රාජකාරිය අවංකව ඉටුකර නිලධාරින් දූෂිත බලවතුන්ට වහකදුරු මෙන් තිත්ත බව අමුතුවෙන් කිව යුතු නැත.
මේ රට කාලයක් තිස්සේ ගිලගෙන තිබෙන දූෂණ සහ මහා පරිමාණ වංචා පිටු දැකීමකින් තොරව මේ රටට අනාගතයක් නැති බව කුඩා දරුවකුට වුව ද තේරුම් ගත හැක. එහෙත් කරුමය වී ඇත්තේ විපක්ෂයේ සිටිය දී ආණ්ඩු පක්ෂයේ බලවතුන් දූෂිත, වංචනික පුද්ගලයන් බවට හංවඩු ගසා එම සටන් පාඨම උපයෝගී කරගෙන බලයට පැමිණි පසු තමන් ද එම මඩ ගොහොරුවේ කප්පිත්තන් බවට පත්වීමය. මේ තත්ත්වය නිවැරදි කර රට යහමගට ගැනීම ජනාධිපතිවරයාට පමණක් කළ නොහැක. අඩුම තරමින් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන්ට පවා කොන් ද කෙළින් තබාගෙන
රාජකාරිය ඉටු කිරීමට අවස්ථාවක් නැත්නම් ‘සෞභාග්‍යයේ දැක්මට අබසරණ’ බව කිව යුතුය.
රජය විසින්ම පත් කරනු ලබන නිලධාරීන්ට දේශපාලන බලපෑම් වලින් තොරව රාජකාරී කළ නොහැකි නම් එය රජයේ පමණක් නොව මුළු රටේම අභාග්‍යයක් බව පෙන්වා දීමට කැමැත්තෙමු. වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් ගෙන යන බවට ජනතාව හමුවේ ප්‍රතිඥා දෙමින් බලයට පැමිණෙන හැම රජයක්ම පාහේ කළේ එම ප්‍රතිඥාව තඹ සතයකට මායිම් නොකර ජනතාවට කොකා පෙන්වීමය. අවසානයේ සිදුවන්නේ අවස්ථාව පැමිණි කල රටේ ජනතාව දූෂිත ආණ්ඩුවලට කොකා පෙන්වීමය. අවංක නිලධාරීන් ගෙදර යවා දූෂිතයන් රැක ගැනීමට කටයුතු කරන හැම දේශපාලනඥයකුටම ඒ බව සිහිපත් කරදීමට කැමැත්තෙමු.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අවංක නිලධාරීන් ගෙදර යවන්නෝ
චන්දිම Tuesday, 21 September 2021 03:48 PM
කවුද හැබෑටම අර තමන්ගේ මාසේ පඩියවත් ගන්නේ නැහැයි කියලා කියන දේශපාලකයා..? මිනිහා තමයිලු මේකේ මහ ගේම්කාරයා...
ajithWednesday, 22 September 2021 07:57 PM
ආණ්ඩුවෙන් මාසේ පඩිය නොගත්තට, වෙන කව්රු හරි පඩි ගෙවනවද දන්නේ නැහැ.