පරිසර අලුත් ඒකකය ඉදිරි පියවරක්
පරිසරය සම්බන්ධයෙන් මේ දවස්වල ඇසෙන්නේම අවර ගණයේ කතාය. කැලෑ කැපීම්, සිංහරාජය ආසන්න ප්‍රදේශවල පරිසරයට හානිකර ඉදිකිරීම්, කඩොලාන පරිසර පද්ධති විනාශකර දැමීම්, කුඹුක් ගස් කපා දැමීම් මේ අතරින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පමණක් නොව සමාජ මාධ්‍ය ජාලවල ද අවධානය දිනාගත් මාතෘකා අතර විය.