මෙම සටහන තබන මොහොත වනවිට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තෑ පන් දහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ. දිනකට හමුවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙදහස සහ තුන් දහස අතර වේ. ඇතැම් දිනෙක එම සංඛ්‍යාව තුන් දහසද ඉක්මවා ගියේය. කොරෝනා ආසාදිතව දිනකට මිය යන සංඛ්‍යාව තැතිගැන්ම ඇති කරන්නකි. මෙම තත්ත්වය බැරෑරුම්ව සැලකිල්ලට ගත යුත්තකි.
මෙම සටහන තබන මොහොත වනවිටත් මුළු රට පුරාම සංචරණ සීමා පනවා තිබේ. එම සංචරණ සීමා 31 වැනිදාට ලිහිල් කරන බවට මුලින් නිවේදනය කළද මෙම සටහන තබන මොහොත වනවිට වාර්තා වූයේ සංචරණ සීමාව ජුනි 7 වැනිදා දක්වා කිසිදු ලිහිලකින් තොරව පවත්වාගෙන යන බවය. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සංචරණ සීමා දින 14ක කාලයක් අඛණ්ඩව පැවැත්වුවහොත් පමණක් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය යම් පමණකට පාලනය කර ගත හැකි බවය.
රටකට අදාළව ගත යුතුවන්නේ දේශපාලන තීන්දු වේ. එහෙත් මහා පරිමාණ ලෝක වසංගතයක් ඉදිරිපිට දී අප ගත යුතු වන්නේ දේශපාලන තීන්දු නොව සෞඛ්‍ය තීරණය. සෞඛ්‍ය විශේෂඥයන් දෙනු ලබන නිර්ණායකවලට අදාලව තීන්දු තීරණ ගත යුතුය. සෞඛ්‍ය විශේෂඥයන් දිගින් දිගටම කියා සිටියේ වහාම රට ‘‘ලොක් ඩවුන්’’ කරන ලෙසය. රජය එය ක්‍රියාත්මක කළේය. සෞඛ්‍ය විශේෂඥයන්ගේ මෙවර නිර්දේශය සංචරණ සීමා ලිහිල් නොකරණ ලෙසය. රජය ඒ අනුව යමින් ක්‍රියා කරන බව පෙනේ.
සංචරණ සීමා පැනවීම ආදිය නිසා ජනතාවට සිදුවන අපහසුතා කෝටියකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සපයා ගැනීම් ආදියට බාධා පැමිණිම ජන ජීවිතය කරකවා අත හැරීමකි. නිවෙසේ වතුර මෝටරය කැඩුණු විට එය අලුත් වැඩියා කර ගැනීමට කාර්මික ශිල්පියකු කැඳවීමට නොහැකි වූ විට එම නිවැසියන් මුහුණ දෙන බියකරු අත්දැකීම වටහා ගැනීමට අමුතු නුවණක් අවැසි නොවේ. එහෙත් එවැනි අවස්ථාවලදී කාර්මික ශිල්පීන් ගෙන්වා ගැනීමට හැකි බව රජයේ නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවෙයි. ඒ එසේ වුවද මෙවැනි ලිහිල් කිරීම් අවභාවිත නොකිරීමට ජනතාව වග බලාගත යුතුය. රාජ්‍ය නිලධාරීන්ද ඇතැම් විට දරදඬු ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ සමාජයේ වගකීම් විරහිත පුද්ගලයන්ගේ හැසිරීම් නිසාය.
සිය වසකට පමණ පසුව පැමිණි ලෝක පරිමාණ මහා වසංගතය ඉදිරිපිට අපට අපගේ හුරුපුදුරු ජීවන රටාව අහිමි වූ බව පළමුව තේරුම් ගත යුතුය. එමෙන්ම එම පැරැණි ජීවිතය අපට යළි කවදා හමුවේද යන්න අනුමාන හැකියාවෙන් එපිට පිහිටියකි.
කෙසේ වෙතත් වසංගතයේ ගැඹුර හඳුනා ගනිමින් කටයුතු කිරීම සියල්ලන්ම සතු අනුල්ලංඝනීය වගකීමකි.
සංචරණ සීමා පැනවීමෙන් අපේක්‍ෂා කරනුයේ ජනතාවගේ අනවශ්‍ය ගමන් බිමන් නතර කිරීමය. රංචු ගැසීම් නතර කිරීමය. ඇති තැන ඇති ආකාරයෙන් හඳුනා ගන්නා සබුද්ධික ජනයා එයට ගැළපෙන පරිදි තම ජීවන රටා සකස් කර ගනිති. එසේ නොවන වගකීම් විරහිත තක්කඩියෝද සිටිති. ඔවුන්ගේ අශිෂ්ට හැසිරීම් නිසා මුළු රටම බරපතළ අනතුරකට ලක්වේ. සියලු සීමා කිරීම් ඒ වෙනුවෙනි. සංචරණ සීමා පැනවීම යනු තීන්දුවකි. එම තීරණය ගැනීම අපහසු නැත. එහෙත් බැරෑරුම් වන්නේ ‘වහපු රට’ පවත්වාගෙන යාමය. කොරෝනා පළමු රැල්ලේදී මුළු රටම මාසයකට වඩා වැඩි කාලයක් වසා දැමුණි. එහෙත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගමට රැගෙන යාමේ යාන්ත්‍රණයක් ඒ සමයේදී හොඳින් ක්‍රියාත්මක විය. තෝරාගත් දිළිඳු පවුල්වලට රුපියල් පන්දහසක්ද දුන්නේය. බැංකුවල ජංගම ඒ.ටී.එම්. යන්ත්‍ර ගමට ආවේය.
එහෙයින් අලුත් ජීවිතය වැඩි අපහසුතාවකින් තොරව ගත කිරීමේ හැකියාව ලැබිණි.
ගමට බඩු ගෙනයාමේ යාන්ත්‍රණය මෙවර ක්‍රියාත්මක වූයේ නැත. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ දැනට පවත්නා සංචරණ සීමා ජුනි මස 7 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන බවය. මෙම වසංගතය සම්බන්ධයෙන් අනාවැකි පළ කළ නොහැකි හෙයින් 7 වැනිදායින් පසු තත්ත්වය කුමක් වේදැයි කිව නොහැකිය.
ඉහත පරිසරය තුළ ජන ජීවිතයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ගමට ගෙන යාමේ පළමු රැල්ලේ පැවැති යන්ත්‍රණය යළිත් පණ ගැන්විය යුතුය. එය එසේ වුවහොත් සංචරණ සීමා පැනවීමෙන් සෞඛ්‍ය අංශ අපේක්‍ෂා කරන ප්‍රතිඵලය ලබා ගත හැකි වනු ඇත. එසේ නොවුණහොත් හැමදාමත් රට වසාගෙන සිටීමට සිදුවනු ඇත.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සංචරණ තහනම දික්කිරීම කාලෝචිතයි
නිවර්තනා Saturday, 29 May 2021 09:11 AM
වසංගතය අසීරුය... එය සාමාන්‍ය ජීවන රටාව එහෙන් පිටින්ම අවුල් කර තිබේ... නමුත් වසංගතය පාලනය කරන අතරතුර පැන නැගෙන ප්‍රශ්න හමුවේ රටේ මෙහෙයුම් පද්ධතිය සංවිධානාත්මකව කාලෝචිත අයුරින් වෙනස් කර ගත යුතුමය... ඊට හුරු වන්නට කලක් ගතවේ.. නමුත් වසංගතයක් ඉදිරියේ අප සිටින බව අමතක නොකළ යුතුමයි.
pakeer Tuesday, 01 June 2021 06:07 PM
මේ සංචරණ සීමා නමට පමනි
chris Thursday, 03 June 2021 05:43 AM
ආර්ථික කටයුතු පවත්වාගෙන යා යුතු තහවුරු කිරීම ආණ්ඩුවේ මතය වී තිබේ. කොරෝනා වසංගතය පාලනයට නම් දින 14ක් ලොක්ඩවුන් සීමා පැනවිය යුතු යැයි වෛද්‍ය මතය වී තිබේ. මෙම මත සෘජුවම එකිනෙකට පරස්පරය. සම්පූර්ණ ලොක් ඩවුන් කිරීමකට යෑමෙන් ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල වන බවත් දුප්පත් ජනතාවට දරුණු දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බවටත් ආණ්ඩුවේ ආර්ථික උපදේශකයන් පෙන්වා දී ඇත.