IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පිළිකාකාරක පොල් තෙල් ගෙන්වීමට ඉඩදුන්නේ ඇයි

පිළිකාකාරක පොල්තෙල් රටට ඇතුළු වී තිබෙන බවට පැතිර යන කතාව පහුගිය දිනවල දැඩි ලෙස සමාජගත වී තිබිණි. එය පාර්ලිමේන්තුවේ දී පවා ප්‍රශ්න කිරීම්වලට ලක්විය. එම කතාවට අනුව විස සහිත පොල්තෙල් රටට ඇතුළු වී දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන්නැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබා දී තිබූ බව ද ප්‍රකාශ විය. එවැනි පරීක්ෂණ පවත්වා ඇත්නම් එහි ප්‍රතිඵල කුමක් දැයි එම වාර්තාව ජනතාවගේ දැනගැනීම පිණිස හෙළිදරව් කිරීම රජයේ වගකීමක් යැයි, අපි සිතමු.

අහිතකර රසායන ද්‍රව්‍ය මිශ්‍ර වූ පොල්තෙල් රටට ගෙන්වා ඇති බව හෙළිකර තිබුණේ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදීය. මෙම පොල්තෙල් රටේ වෙළෙඳපොළට ඇතුළු වී ඇති බවට තොරතුරු ඇතැයි පසුව ප්‍රචාරය වීමෙන් එය ජනතාවට ගැටලු‍වක් ඇතිකර තිබේ. පිටරටින් ගෙන්වා ගබඩා කර පොල්තෙල් සහ පාම් තෙල් තොග අලෙවි කරන දඹුල්ලේ වෙළෙඳහල් දෙකකට සීල් තැබුණේ ද මේ ආරංචිය ද සමඟිනි. මාතලේ පාරිභෝගික අධිකාරිය මගින් සිදුකර තිබූ මෙම වැටලීමේ දී දැනගන්නට හැකිව ඇත්තේ එම ස්ථානවල ගබඩා කර තිබූ පොල්තෙල් සහ පාම් තෙල් තොග ගෙන්වූ ආයතනයක නමක් හෝ ලියැවිල්ලක් හෝ නොතිබූ බවය. එසේ වූයේ කෙසේදැයි වෙනම සොයා බැලිය යුතුය.

පාරිභෝගිකයන් පැත්තෙන් සලකා බලන විට මෙය දැඩි අනාරක්ෂිත එමෙන්ම සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වන ජාවාරමකි. සීල් තබා ඇති තෙල් තොග රටට ඇතුළු වී ඇති බව කියන පිළිකා කාරක පොල්තෙල් දැයි අනාවරණය නොවුණත් මෙය ජනතාවගේ සිත තුළ විශාල සැකයක් ජනිත කිරීමට හේතු වෙයි. එම සැකය දුරු කිරීමට ඇමැතිවරුන්ගේ ප්‍රකාශ පමණක් ප්‍රමාණවත් නැත. පාරිභෝගික ජනතාව තුළ විශ්වාසය ගොඩනැගෙන මට්ටමේ පරීක්ෂණ සිදුවිය යුතුය. එසේ නොවුණොත් වෙළෙඳපොළේ මිලදී ගැනීමට ඇති සෑම පොල්තෙල් වර්ගයක් කෙරෙහිම පාරිභෝගිකයන් බලනු ඇත්තේ සැකයෙනි. එය අර්බුදයක් බවට පත්වීමට වැඩි දවසක් නොයනු ඇත.

මේ අතර පසුව රජය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබුණේ සැකයට භාජන වී ඇති පොල්තෙල් තොගයෙන් එක් බිඳක් හෝ වෙළෙඳපොළට නිකුත් වී නැති බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවය. සැක සහිත පොල්තෙල් තොගය ප්‍රති අපනයනය කරන්නැයි ඒවා ආනයනය කළ සමාගම්වලට දැනුම් දී ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා කියා තිබිණි.

එය එසේ සිදුවෙනවා නම් රටට යහපතකි. එහෙත් ඇමැතිවරයාම කියා තිබූ පරිදි ලංකාවට ගෙන්වා ඇති පිරිසුදු නොකරන ලද පොල්තෙල්වල සියයට 40ක විස සහිත රසායනික අඩංගුය. එයට හේතුව ලෝක වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ ගොස් තිබෙන බැවින් අදාළ සමාගම් රටට ගෙන්වා ඇත්තේ පිරිපහදු නොකරන ලද ලාබ පොල්තෙල් වීමය. මෙරටදී පිරිසුදු කොට වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා අදාළ අංශවල අනුමැතිය ලැබෙන තෙක් එම පොල්තෙල් තොග ගබඩා කර ඇතැයි ද සඳහන්ය. ඒවා වෙළෙඳපොළට නිකුත් වී නැති බව රේගුව සහ ප්‍රමිති ආයතන ද කියා තිබිණි. එය එසේ නම් බියවීමට හේතුවක් නැත.
එහෙත් ලෝක වෙළෙඳපොළේ මිල අධික වීම ශ්‍රී ලංකාවට පිරිපහදු නොකරන ලද, විස සහිත බාල පොල්තෙල් ගෙන්වීමට හේතුවක් විය නොහැක. පොල්තෙල් යනු රටේ ජනතාව සුලබව පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍යයක් බැවින් පිරිපහදු නොකළ, විස සහිත පොල්තෙල් ගෙන්වීම බලවත් වරදක් හැටියට අපි දකිමු. එයට ඉඩදුන්නේ කවුදැයි වහාම සොයා බැලීම ද අවශ්‍යය. අපිරිසුදු බව දැන දැනම එවැනි පොල්තෙල් ගෙන්වීමත් ඒවා ගෙන්වීමට ඉඩදීමත් දෙකම බරපතළ වැරැද්දකි.

අහිතකර පොල්තෙල් වෙළෙඳපොළේ තිබෙන බවට කිසිදු පාරිභෝගිකයකු මෙතෙක් පැමිණිලි ඉදිරිපත් කර නැතැයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා තිබිණි. එය හාස්‍යයට කරුණක් බව කිව යුතුය. අලෙවියට තබා තිබෙන පොල්තෙල්වල පිළිකාකාරක තිබේදැයි පාරිභෝගිකයන්ට හඳුනාගත හැකි නම් ඒවා මෙරටට ගෙන්වා බෙදාහරින පුද්ගලයන්ට ඊට පෙර හඳුනා ගැනීමට හැකි විය යුතුය. පිළිකාකාරක අඩංගු ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්වන්නේදැයි සොයා බැලීමට පාරිභෝගිකයන්ගේ පැමිණිලි ලැබෙනතුරු සිටිය යුතු නැත. එය රේගුවේ සිටම සිදුවිය යුතු කාර්ය භාරයකි.

පිළිකාකාරක පොල්තෙල් ගෙන්වා තිබේ නම් ඒවා රට තුළට ගෙන ඒම නොකරන්නැයි තමා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද බන්දුල ඇමැතිවරයා සඳහන් කර තිබිණ.. එසේ උපදෙස් ලබා දී තිබියදීත් පිළිකාකාරක පොල්තෙල් රට තුළට ඇතුළු වී තිබේ නම් ඒ පිටුපස නිසැකවම තිබෙන්නේ විශාල ජාවාරමකි. රටේ පොල්තෙල් කර්මාන්තය පවා විනාශ මුඛයට ඇද දැමීමට එවැනි ජාවාරම්කරුවන්ට මහ ලොකු කාලයක් යන්නේ නැත. වහාම අහිතකර පොල්තෙල් රටින් පිටකරන තැනට වග බලාගැනීමත් යළිත් එවැනි ජාවාරමකට ඉඩ නොතැබීමත් ඇමැතිවරුන්ගේ වගකීමකි.


(***)



අදහස් (5)

පිළිකාකාරක පොල් තෙල් ගෙන්වීමට ඉඩදුන්නේ ඇයි

SL Tuesday, 30 March 2021 08:10 AM

මේ පොල්තෙල් (මේවට පොල්තෙල් කියන්නත් බැහැ ) මාෆියාව අද ඊයේ වුණු එකක් නොවෙයි ,ලංකාවේ විකුණන කිසිම පොල්තෙල් බෝතලයක ආනයනික පොල්තෙල් ලියලවත් නැහැ.මිනිස්සු හිතන් ඉන්නේ ලංකාවේ සුපිරිසිදු පොල්තෙල් කියල නමුත් යොදන්න ඕනේ හැම වසක් ම දාල තමයි තෙල් ටික දෙන්නේ. පොල්තෙල් වලට පාල්ම් ඔයිල් යොදන්න කියල අවසර දුන්නේ 2015-2019 කාලයේ ගැසට් එකකින් .අපිට විස දෙන්නේ පොල්තෙල් වලින් ම විතරද කරුණාකර ආයතන වලට නඩු දාල ,මෙතෙක් කරපු විනාශ වලට වන්දි ගන්න,ඔවුන්ගේ වත්කම් රාජසන්තක කරන්න.

:       1       2

nihal Tuesday, 30 March 2021 09:56 AM

බාල පෙට්‍රල් ගෙනාවා මතකද? ආණ්ඩුවේ අයම තමයි විෂ පොල්තෙල් ගෙනාවෙත්... සාපවේවි...

:       0       2

RaveendraWednesday, 31 March 2021 06:32 AM

සහතික ඇත්ත. ආණ්ඩුවද පාන්ඩුවද විපක්ෂේ ද නොව කල පව් පස්සෙන් එනවිට ඒ මොකාටවත් ඇඩ්‍රස් නැති වෙන බව අතීතයේ ඕනෑවටත් වඩා උදාහරණ ඇත. සරල මෙන්ම මේ මොහොතේත් සියලුම පුරවැසියන් හට හොදින් නිරීක්ෂණය කරන්නේ නම් බලපත්‍ර සහිත හෝ රහිත ගිනිවතුර කඩ කාරයන්ගේ,වැලි,පස්,ගස් වෙළදාමේ යෙදෙන සත්ගුණවත් තාක්කඩින්ගේ පවුල් ජිවිත වලින්ම මෙලොවදීම ප්‍රතිපල ලබාගෙන ඇති බව පැහැදිලි වෙනවා නොවේද ...?? මුදල් වෙනුවෙන්ම මිනිසුන්ට වස කවන එකද කිසිදු වෙනසක් නොමැත.එවන් තිරිසනුන්ටද ප්‍රතිපල එකහා සමානය.

:       0       0

Raveendra Tuesday, 30 March 2021 12:13 PM

මිනිසා විසින්ම තම වර්ගයාට වස විස කෑමට සලස්වා මුදල් හම්බකර ගැනීම මොනතරම් ඛේදජනකද..?

:       1       2

Upali Thursday, 18 November 2021 12:05 PM

මේ පොල් තෙල් වල අඩංගු වන බැර ලෝහ මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13573 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site