
උණවටුන පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් ඉකුත් 7 වැනිදා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ප්‍රදේශවාසීන් අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ගමේ පදිංචිකරුවන්ට එන්නත ලබා නොදී කොළඹින් පැමිණි පිරිස්වලට එන්නත ලබා දී ඇති බවය.
ලෝකයේ බොහෝ රටවල මේ වනවිටත් ‘කොරෝනා ලොතරැයියක්’ හඳුන්වා දී තිබේ. එමගින් බලාපොරොත්තුවන්නේ කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා ජනතාව පෙළඹවීමය. ඒ අතින් ගත් කල්හි මෙරට ජනයා කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා විශේෂ උනන්දුවකින් පසුවෙති. එය ඉතා යහපත් තත්ත්වයකි. විශේෂයෙන්ම කොරෝනා පළමු වටයේ දී මහත් ව්‍යසනයකට ගොදුරු වූ ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය වැනි රටවල් වර්තමානය වනවිට ඉතා යහපත් තත්ත්වයට පරිවර්තනය වී තිබේ. මෙම තත්ත්වය කොතෙක් සාධනීය ද යත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ එම රටේ ජනයාට මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවක් නැති පරිසරයක් උදාවී තිබෙන බවය. එම රටවල් මෙම සාධනීය තත්ත්වය අත්පත් කරගනු ලැබුවේ එන්නත්කරණයෙන් වීම සම්බන්ධයෙන් අපගේ විශේෂ අවධානයට යොමු විය යුතුය.
මෙරට ජනයා එන්නත්කරණය සම්බන්ධයෙන් උද් යෝගිමත් වීම ඉහත තත්ත්වය සමග යහපත් ප්‍රවණතාවකි. එහෙත් ගාල්ලේ සිදු වී තිබෙන්නේ එම යහපත් ප්‍රවණතාවට අතිශයින්ම බාධාකාරී ක්‍රියාදාමයකි. එන්නත්කරණයෙන් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට නම් රටේ ජන ගහනයෙන් සියයට 60 කට වඩා එන්නත ලබා දිය යුතුය. එමෙන්ම එය කඩිනම් විය යුතුය. අප රටේ එන්නත්කරණයේදී විශාල ගැටලු තිබෙන බව පැහැදිලිය. එක් අතකින් අනිසි දේශපාලන මැදිහත්වීම්ය. ඒ සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයට ඉදිරිපත් කළ මොරටුව නගරාධිපතිවරයා තවමත් රිමාන්ඩ් බන්ධනාගාරයේය. එන්නත් නිසි කලට ඇණවුම් නොකිරීම හා ප්‍රමාණවත් තරම් එන්නත් නොමැතිවීම දක්නට ලැබෙන ගැටලුය. එම ගැටලුවලට අමතරව ‘‘හදා ගන්නා ගැටලුද’’ තිබේ. ගාල්ලේදී සිදුවී තිබෙන්නේ එවැන්නකි.
යම්කිසි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයකින් සේවය සිදුවන්නේ අදාළ බල සීමාවටය. එන්නත ලබා දීමද එසේමය. අදාළ බල සීමාවේ ජනයාට එන්නත ලබා දීමෙන් ඉතිරිවන ප්‍රමාණයක් වේනම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාකර අවශ්‍ය පියවර ගත හැකිය. එහෙත් ගාල්ලේ ජනතාව අප පුවත්පතට පවසා තිබුණේ ගමේ ජනතාව සිටියදී කොළඹින් පැමිණි පිරිස්වලට එන්නත ලබා දුන් බවය.
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාගෙන් අප පුවත්පත මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඒ මහතාගේ පිළිතුර, ‘‘මෙම එන්නත ලැබුණේ ලංකාවේ ජනතාවට එන්නත් කරන්නයි. දැන් බොහෝ ප්‍රදේශවල දෙවැනි මාත්‍රාව ඉවරයි. එහෙත් අප කළමනාකරණය කරගෙන එන්නත් කළ නිසා ඉතිරි වී තිබෙනවා’’ යනුවෙනි. වැඩි දුරටත් ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ ‘‘කොහෙන් විදගත්තත් ඕනෑම ශ්‍රී ලාංකිකයකුට මේ දෙවැනි මාත්‍රාව තිබෙන තුරු අපි විදිනවා. කිසිම කෙනකුට විශේෂයක් නෑ. පළමු මාත්‍රාව විදපු කාඩ්පත් තිබෙන ඕනෑම කෙනකුට එන්නත දෙනවා’’ යනුවෙනි.
කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ මෙරට සෞඛ්‍ය අංශ සිදු කළ හා සිදුකරමින් සිටින මෙහෙවර වර්ණනා විෂයාත්‍රිකාන්තය. ඔවුන්ගේ එම කැපවීම නොවන්නට අප රට විශාලා මහනුවරක් වීමට ඉඩ තිබිණි. ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයද එසේමය. එහෙත් ගමේ ජනතාව සිටියදී කොළඹින් පැමිණි පිරිස්වලට එන්නත ලබාදීම කිසි ලෙසකින් හෝ සාධාරණීකරණය කළ හැකිද?
කොළඹින් පැමිණි පිරිස් කවුද? අපට බැසිය හැකි නිගමනය වන්නේත් ගාල්ලේ ජනතාවගේ චෝදනාවන්හි අන්තර්ගතය වන්නේත් මෙම පිරිස යාළු හිතමිත්‍රාදීන් හෝ ඥාතීන් විය හැකි බවය. ඥාති සංග්‍රහය මෙන්ම මිත්‍ර සංග්‍රහය බොහෝ විපත් රැගෙන එන බවට අත්දැකීම් අපට හිඟ නැත. එම අත්දැකීම්වලින් ඉගෙන ගත යුතු වන්නේ එහෙයිනි. අනික් අතට මේ පිරිස් ගාල්ලට ගියේ කෙසේද? පළාතකින් පළාතකට සංචරණය තහනම්කර තිබියදී මේ පිරිස්වලට ගාල්ලට යන්න අවසර දුන්නේ කවුද යන ප්‍රශ්නයත් අපට අසන්නට සිදුවෙයි.
(***)
2025 නොවැම්බර් මස 21
36
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1000
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගාල්ලේ කොරෝනා එන්නත් හුටපටය
Deepal Nirosh Saturday, 12 June 2021 01:23 PM
මේ සියළු කරුණු කාරණා කැටිකළ විට නිගමනය වන්නේ කොරෝනා මර්දන එන්නත්කරණයට රජයට ආරම්භයේ සිටම කිසිඳු නිශ්චිත හා ඵලදායී වැඩපිළිවලක් නොතිබූ බවයි. අදත් එසේමැයි....!!!