ඉන්දියාවේ පැතිර යමින් තිබෙන ඩෙල්ටා කොරෝනා වයිරසය මෙරට පැතිර යාම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් දී ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. දැනට ඩෙල්ටා කොරෝනා වයිරසය වැළඳී තිබෙන පුද්ගලයන් හමු වූ ප්‍රදේශය හුදෙකලා කර අනෙකුත් පිරිස් ද පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක්කර ආසාදිතයන් සොයා ගැනීම ආරම්භ කරන ලෙසත්, අනෙකුත් ප්‍රදේශවලින් ද ආසාදිතයන් වාර්තා වන්නේ දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ පැවැත්වීම ආදී ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් සෞඛ්‍ය ඇමැතිවරිය උපදෙස් දී ඇති බව ද අප ප්‍රවෘතියෙහි සඳහන්ය.
කොරෝනා මාරක වසංගතයේ බිහිසුණු බව ඉන්දියාවෙන් ඔප්පු විය. සැබැවින්ම ඉන්දියාව මානව ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට ලක් කළේය. එම ඛේදවාචකය මුළු මහත් මානව සමාජයම කම්පනයට ලක් කළේය. මහමග දැවෙන කොරෝනා ආසාදිත මළ සිරුරු, ගංගා මත පාවී ගිය කොරෝනා ආසාදිත මළ සිරුරු මානව ඛේදවාචකයේ ගැඹුර ප්‍රර්ශනය කළේය. එම මාරක වයිරසය අප රට ද ආක්‍රමණය කර තිබේ.
මසකට පමණ පසුව එතෙක් ක්‍රියාත්මක වූ සංචරණ සීමා ඉවත් කෙරිණි. එයින් කියැවෙන්නේ “සියල්ල යහපත් බව” නොවේ. අනතුර එසෙලමය. අහම්බයෙන් සිදු කළ පී.සී.ආර්. පරීක්‍ෂාවෙන් කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් ඩෙල්ටා කොරෝනා ආසාදිතයෝ හමු වූහ. ඉදිරිය වෙන්වනු ඇත්තේ ද එබඳු අහම්බයන්ටමය. තත්ත්වය තේරුම් ගෙන ඒ අනුව කටයුතු කිරීම පුරවැසි ජනයාගේ වගකීමය.
මේ මොහොත තුළ ඇති බරපතළම අවදානම වන්නේ තමන්ගේ ජීවිතය වෙනත් කිසිවකුට බේරා දිය නොහැකි වීමය. ජීවිතය බේරා ගැනීමේ වගකීම මුළුමනින්ම තමන් සතුය. දිනකට දෙදහස ඉක්ම වූ ආසාදිතයන් වාර්තා වන රටක තමන්ගේ ජීවිතය රැඳී තිබෙන්නේ කොතැනදැයි පරීක්‍ෂාකාරී වීම අතිශයින්ම වැදගත්ය. ඊළඟ බිල්ල තමන් විය හැකි යැයි සිතීම අනවශ්‍ය තරමට බියට පත්වීමක් නොව උපරිම ආරක්‍ෂාවට පෙළඹුමක් ලබාගැනීමකි.
රට මුළුමනින්ම අගුලු දා පවත්වාගෙන යා නොහැකිය. කොරෝනා මාරක වසංගතය පසුපසින් මහා ආර්ථික කුණාටුවක් හමා එයි. එම ආර්ථික කුණාටුව සෑම අංශයක්ම තම සැහැසි ග්‍රහණයට ගනු නියතය. ආර්ථිකය කඩා වැටීම කොරෝනා වයිරසයට වඩා බිහිසුණුය. කුණු බක්කි අවුස්සා කෑමට යමක් සොයන යාචකයන් බවට මිනිසා පත්වීමේ ඉරණම ඉදිරියෙන්ය. අප වඩාත් සබුද්ධික විය යුතු වන්නේ ඉදිරියේදී ඒමට නියමිත මහා ව්‍යසන සම්බන්ධයෙනි.
මුළු ලෝකයම කොරෝනා උවදුරට ගොදුරු වී තිබේ. එහෙයින් එක් රටකට උදව් කිරීමට තවත් රටකට හැකියාවක් නැත. සෑම රටකටම ගොඩ යෑමට සිදුවන්නේ තමන්ගේ මහන්සියෙනි. අප රටට අදාළ සත්‍යය ද එයමය. එහිදී පුරවැසියන් සතුව බරපතළ වගකීමක් තිබේ. එම වගකීම පුරවැසියා සියයට සියයක්ම ඉටු කළ යුතුය. මන්දයත් රට වැටීම යනු පුරවැසියා ද වළ පල්ලටම වැටීමකි. වැටෙන රට තුළ තමන්ට පමණක් පැවැත්මක් තහවුරු නොවේ. අවබෝධ කරගත යුතු ගැඹුරු සත්‍යය එයයි.
දැඩි කොන්දේසි මත සංචරණ සීමා ඉවත් කරනු ලැබුවේ මහජනයා ද එම දැඩි කොන්දේසිවලට යටත්ව කටයුතු කරනු ඇතැයි යන අපේක්‍ෂාවෙනි. කොරෝනා මැඩලන මෙහෙයුම ක්‍රියාත්මක කරන අතරවාරයේම රට විවෘතව තබා කටයුතු කිරීමට රජය වැඩි අවධානයක් යොමු කර තිබෙන සෙයකි. වඩාත් නිවැරැදි විධික්‍රමය වන්නේ ද එහෙයිනි. එය සාර්ථක වීමට නම් රටේ පුරවැසියා පූර්ණ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව කටයුතු කළ යුතුය.
බන්ධාගාරගතව සිටි පුද්ගලයකුට ඇප ලැබී ගෙදර පැමිණ තිබිණි. එසේ ඔහු ගෙදර පැමිණ තිබුණේ බන්ධනාගාරයේදී පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර වාර්තාව නිකුත් කිරීමට පෙරය. ගෙදර පැමිණ දින දෙකකට පමණ පසුව පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබුණු අතර, එයින් ඔහු ආසාදිතයකු බවට තහවුරු විය. ඒ වනවිටත් සිදුවිය යුතු විනාශය වී තිබුණී. ප්‍රතිඵලය වූයේ එම ගම්මානයේ පවුල් 100ක් පමණ හුදෙකලා කිරීමය.
මෙබඳු වැරැදි දිගින් දිගටම සිදුවන්නේ නම් කොරෝනාවෙන් තුරන් වූ රට සිහිනයක් පමණක් වනු ඇත. එහෙයින් කිසිදු අත්වැරැද්දකට ඉඩක් තිබිය නොහැක. මේ හෝරාව අතිශයින්ම තීරණාත්මකය. මෙම හෝරාවෙන් පසු එළැඹෙන්නේ යක්‍ෂයාගේ හෝරාවය. එය එසේ වනු ඇත්තේ පුරවැසියා වගකීම් විරහිත ලෙස ක්‍රියා කළහොත් පමණි. එය වළක්වා ගැනීමේ හැකියාව පුරවැසියා සතුව තිබේ.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හෝරාව තීරණාත්මකයි: පරෙස්සම අවශ්‍යයි