රට පුරා තදින්ම ක්‍රියාත්මක කෙරෙන සංචරණ සීමා ලබන 14 වැනිදා සඳුදා දක්වා බල පැවැත්වෙන බව ප්‍රකාශ වී තිබේ. කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ බව නිවේදනය කරමින් කියා තිබුණේ රටේ වසංගත රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සංචරණ සීමා මෙසේ දීර්ඝ කළ බවය. ඒ අතර වෛද්‍ය සංගම් ගණනාවක් රජයෙන් ඉල්ලා සිටියේද රෝග ව්‍යාප්තිය සාර්ථකව පාලනය කර ගැනීමට නම් සංචරණ සීමා දැනට පවතින ආකාරයෙන්ම තවදුරටත් පවත්වාගෙන යා යුතු බවය.
සංචරණ සීමා දීර්ඝ කිරීමේ තීන්දුව රජය මගින් ගෙන තිබුණද එම සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමෙන් වළක්වා ගැනීමේ ලොකුම වගකීම පැවරෙන්නේ ජනතාවට බව නිසැකය. හැකි තරම් ඉක්මනට රෝගය පැතිරීම පාලනය කරගත හැකි නම් එහි ලොකුම අර්ථලාභියා වන්නේද ජනතාවමය. සංචරණ සීමා තදින්ම ක්‍රියාත්මක වීම හේතුවෙන් අහිමි වන එදිනෙදා ආදායම, ව්‍යාපාර පමණක් නොව නිදහස් ලෙස ජීවත්වීමේ අයිතියද යළි අත්පත් කර ගැනීමට නම් රෝගය ව්‍යාප්තවීම දැඩිව පාලනය වී තිබීම අත්‍යවශ්‍යය. එහිදී තමන්ට පැවරෙන වගකීමේ බරපතළකම පිළිබඳව පැහැදිලි අවබෝධයකින් කටයුතු කිරීම සිතා මතා පැහැර හැරියොත් එය තමන්ගේම බඩට පහර ගසා ගැනීමක් බව ජනතාව තේරුම් ගත යුතුය.
කොරෝනා වසංගතය පරාජය කිරීම ශ්‍රී ලංකාවේ අපට පමණක් තනිවම ජයගත හැකි අභියෝගයක් නොවේ. මුළු ලොවම වසංගතයේ හවුල්කරුවන් බවට පත්ව සිටින විට එයින් මිදීමට සෙසු රටවල් දරන උත්සාහය පිළිබඳව ද අපට අවබෝධයක් තිබීම ද අවශ්‍ය වෙයි. රුපවාහිනී නාළිකා ඔස්සේ පමණක් නොව සමාජ මාධ්‍ය පරිහරණය තුළින් ද බොහෝ දෙනා එය දැක බලාගන්නට ඇත. ඉතාම සාර්ථකව වයිරසය ව්‍යාප්තිය පාලනය කරගත් රටවල ජනතාව දිගටම පවත්වාගෙන ආ විනයගරුක බව එහිදී කැපී පෙනෙන ලක්ෂණයක් බව පහසුවෙන් හඳුනාගත හැක. එම රටවලද මුඛ ආවරණ පැළඳීමට විරුද්ධ වූ එසේම ලොක්ඩවුන් ජීවිතවලට කොටු වී සිටීමට අකැමැතිව කැරළි ගැසූ පිරිස් ද සිටියහ. එහෙත් තමන්ගේ ඥාතියා, හිතවතා, කාර්යාල සගයා පමණක් නොව ඔවුන්ගේ සමීපතමයන් පවා වයිරසයට ගොදුරු වී මියැදෙද්දී එම රටවල ජනතාවගෙන් වැඩි දෙනෙක් යථාර්ථය තේරුම් ගත්හ. එන්නතට දැඩි ලෙස විරුද්ධ වූ පිරිස්ද නිහඬව එන්නත ලබාගත්හ.
දැඩි සංචරණ සීමාවලට අනුගත නොවී වයිරසයෙන් ගැලවෙන්නට වෙනත් මඟක් නැති බව තේරුම් ගැනීම ඒ අතුරින් වඩාත්ම වැදගත් සාධකය විය. මෙහි ප්‍රතිඵලය එම රටවල් සාර්ථකව රෝගය පාලනය කරගනිමින් ඉදිරි මාස කිහිපය තුළදී පූර්ණ වශයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තරම් සාර්ථක බවක් අත්පත් කර ගැනීමය. එවැනි විනයක් නොතිබූ ඉන්දියාව ඉතිහාසයේ දරුණුම ඉරණමකට මුහුණදී සිටී. අප තීරණය කළ යුත්තේ විනයගරුකව හැසිරී කොරෝනා සාර්ථකව පාලනය කරගත් රටක් බවට පත්වෙනවාද නැතහොත් විනය පැත්තකට දමා සියල්ල විනාශ කරගත් ඉන්දියාව වැනි රටක් බවට පත්වෙනවාද යන්නය. එකී තීරණය ගත යුත්තේ ජනතාවමය.
නීතිය අනුව කටයුතු කරන්නේ නම් දැඩි සංචරණ සීමා පවතිද්දී පවා මෙතරම් වාහන සංඛ්‍යාවක් සහ ජනතාවක් මහපාරේ සිටීමට ඉඩක් නැත. තරු පහේ හෝටල්වල රටේ නමගිය පිරිස් එකතු වී උපන්දින උත්සව පැවැත්වීමට, බාල් නැටීමට හැකියාවක් නැත. පොලිසි ඇතුළේ පිරිත් සජ්ඣායනා මැද නගරාධිපතිවරුන් වෙනුවෙන් උපන්දින කේක් කැපීමද සිදුවිය නොහැක. අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලු පිරිස් නිවෙස්වලට සීමා වී සිටිය යුතු බවට නීති පනවා තිබියදී මේ ආකාරයට නීති කඩකරන පිරිස් අතින් සිදුවන්නේද කොරෝනා වසංගතය තවදුරටත් ව්‍යාප්ත කිරීමක් පමණි.
කොරෝනා වසංගතය මතුපිටින් පෙනෙනවාට වඩා දරුණු ඛේදවාචකයක් ලොව පුරාම ඇතිකර තිබෙන බව සැඟවිය නොහැකි කාරණයයි. එයින් අපේ රටටද ගැලවීමක් නැත. අද ආණ්ඩුවට සිදුවී ඇත්තේ අනපේක්ෂිත ආකාරයකට අති විශාල ධනයක් කොරෝනා වසංගතය පාලනය කර ගැනීම සඳහා වියදම් කිරීමටය. මේ රටේ මහජනතාවගේ සුබසිද්ධිය සඳහා වැය කිරීමට තිබූ ධනයයි. ආණ්ඩුව කළු ද සුදු ද රතු ද කොළ ද යන්න මෙහිදී වැදගත් නැත. සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වීම යනු ආණ්ඩුවේ ධනය දියවී යාමකි. ආණ්ඩුවට මුදල් නැති වනවිට එයින් බැටකන්නේද ජනතාව මිස වෙන කිසිවකුත් නොවේ. මේ බව තේරුම් ගෙන සංචරණ සීමාවලට හැකිතරම් අනුගත වෙමින් සෞඛ්‍ය නීති රීති පිළිපැදීම සියලු දෙනාගේම වගකීමය.
සති කිහිපයක් නිවෙස්වලින් බැහැරව නොයා සංචරණ සීමාවලට සහාය දීමෙන් රෝග ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය කරගත හැක. මේ කැපකිරීම පොලිසියට අයත් රාජකාරියක් වශයෙන් සලකා කටයුතු කිරීමෙන් වැළකිය යුතුය. හැම ගමකටම, හන්දියකටම, නිවෙසකටම පොලිස් නිලධාරීන් යෙදවිය නොහැක. නීතිය රැකිය යුතු වන්නේ පොලිසියෙන් බේරීමට නොව වයිරසයෙන් බේරීමට බව සිතට ගැනීම අවශ්‍යය. හැමදාම පාරවල් වසාගෙන නිවෙස්වලට වී සිටිනවාට වඩා හැකි ඉක්මනින් පාරවල් ඇරගෙන රට යථා තත්ත්වයට පත්කර ගැනීම හැම අතින්ම හොඳය. ඒ සඳහා යතුර ඇත්තේ අප අතේමය.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොරෝනා පාලනයට ජනතා කැපවීමත් ඉතා අවශ්‍යයි