IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


කොතරම් තරුපටි තිබ්බත් විනයක් නැත්නම් වැඩක් නෑ

මින්නේරිය හබරණ ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ යෙදී සිටි වනජීවී නිලධාරීන් පිරිසකට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේජර් ජනරාල්වරයකුට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව හබරණ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. වනජීවී නිලධාරීන් තමාට අභූත චෝදනා එල්ල කරමින් අපහාසයක් කළැයි එම මේජර් ජනරාල්වරයා ද පොලිසියට පැමිණිලි කර ඇතැයි ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

ඉවසීම, විනය, අනෙකාට ගරු කිරීම, නිහතමානීකම මිනිසකු සතු සාඩම්බර පළඳනාය. එම ගුණාංගවලින් අනූන මිනිසා වැදගත් ශිෂ්ට මිනිසකු ලෙස අනෙකාගේ ගෞරවාදරයට, පිළිගැනීමට ලක්වේ. එහෙත් එම ගුණාංග වේගයෙන් ගිලිහි යන සමාජයක් නිර්මාණය වී තිබේදැයි සැක උපදවන තරමට සිදුවීම් බහුල වෙමින් තිබේ.

අවේලාවන්හි රෝහල්වලට ඇතුළුවීමට උත්සාහ දරා ආරක්ෂක නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගන්නා නූගත්, බීමත් මිනිසුන් සම්බන්ධ ප්‍රවෘත්ති අපමණය. එය එක් උදාහරණයක් පමණි. විනය ගරුක ජාතිගරුක පුරවැසියකු කිසි ලෙසකින් හෝ එසේ නොහැසිරෙයි.  රෝහලේ ආරක්ෂක නිලධාරියා ඉටු කරන්නේ රාජකාරියකි. රාජකාරියේ ස්වරූපය කුමක් වුව ද එයට බාධා කිරීමට වෙනත් අයකුට අයිතියක් නැත. එම රාජකාරියට සහයෝගය දැක්වීම වගකීමය.

තමන්ගේ රාජකාරිය හා සසඳමින් අනෙකාගේ රාජකාරිය හෑල්ලු කරන්නේ නම් එය  වීරත්වය නොව නිවටකමය. තනතුරු තාන්න මාන්න වලින් කොතෙක් ඉහළ ගියද අනෙකාගේ රාජකාරිය හෑල්ලු කර දකින්නේ නම් ඒ අනුව කටයුතු කරන්නේ නම් එය නිවටකම විනා  වීරකම නොවේ. මින්නේරිය හබරණ ජාතික විනෝද්‍යානයේ සිදුවී තිබෙන්නේ ද එවැනිම ක්‍රියාවක් ද යන්න විමසා බැලිය යුතුය.

මින්නේරිය, හබරණ ජාතික වනෝද්‍යානය අවට අලි පැටව් සොරකමක සැලසුමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් රැකවල්ලා සිටිය දී හමුදා කැබ් රථ දෙකක් බටහිර මායිමේ හබරණ ආසන්නයෙන් වනයට ඇතුළු වී ඇතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය. සැක කටයුතු එම වාහන දෙක නතර කරන ලෙස සංඥා කළ ද ඒවා නොනවත්වා ධාවනය කළ බවත්, වනජීවී නිලධාරීන් ඒ අවස්ථාවේ දී ගල්කුලම යුද හමුදා මුරපොළට දැන් වූ විට එම වාහන නතර කළ නොහැකි බවත් එහි ගමන් ගන්නේ යුද හමුදාවේ මේජර් ජනරාල්වරයකු බවත් පිළිතුර ලැබී තිබේ. එම කැබ් රථ දෙක අනුරාධපුර යුද හමුදා කඳවුරකට  ඇතුළු වූ පසු වනජීවි නිලධාරීන් ආපසු හැරී ඇති බවත් පසුව ඔවුන් ලුහුබැඳ පැමිණි යුද හමුදා වාහන කීපයක පිරිසක් වනජීවී නිලධාරින් අතරමග නතර කර ඇත. එම හමුදා නිලධාරීන් කිහිප දෙනාගෙන් අයකු වනජීවී නිලධාරියකුට පහර දුන් බවත් ‘‘සිවිල් එකෙන් ඇවිත් නතර කරන්න කිව්වොත් අපි නතර කරනවාද?’’ ලොවෙත් නෑ,  මේ ආමි එකේ සිස්ටම් එක.

පොලිසියෙන් නතර කරන්න කිව්වොත් අපි නතර කරනවා. මම මේජර් ජනරාල් කෙනෙක්, ලියා ගන්න. උඹ වනජීවී නොවෙයි, මොකේ වුණත් මට අදාළ නැහැ. කන පලනවා.’’ උඹලා තමයි හොරු යනුවෙන් පැවසූ බවත් පොලිස් පැමිණිල්ලේ සඳහන්ය.

එම ප්‍රකාශය කියවන විට පාඨකයකුගේ මනසෙහි සිතුවම් වන්නේ සාඩම්බරකාර පෞරුෂයකින් හොබි ප්‍රතාපවත් යුද හමුදා ජෙනරාල්වරයකු ද ගමේ ගොඩේ කසිප්පු ගොන්නක් බී ගත් විට එක්වරම චණ්ඩි බවට පත්ව මුළු ගමටම ගහගන්න කතා කරන තුට්ටු දෙකේ චණ්ඩියකු ද යන්න තේරුම් ගැනීම අසීරු  නැත.

වනජීවී නිලධාරීන් රැකවල්ලා සිට ඇත්තේ අලි පැටව් හොරකමක් සම්බන්ධ තොරතුරකට අනුවයි. හමුදා වාහන දෙස නොනවත්වා ධාවනය කරවීම යම් සැකයක් උපදවන්නකි. එහෙයින් ඒ සම්බන්ධයෙන් රාජකාරිය කිරීමේ වගකීමක් වන ජීවී නිලධාරීන්ට තිබේ. උසස් හමුදා නිලධාරියා කළ යුතුව තිබුණේ වන ජීවී නිලධාරීන්ට තමන්ගෙන් යම් සහයෝගයක් අවශ්‍ය නම් එය ලබාදීමය. එහෙත් වනජීවී නිලධාරීන් පොලිසියට කළ පැමිණිල්ලට අනුව මේජර් ජනරාල්වරයා හැසිරී තිබෙන්නේ තම නිලයට, තත්ත්වයට සරිලන පරිදි නොවේ. ‘විනය නැති තැන කොඩිවිනය’ යැයි කීවාසේ මෙබඳු නිලධාරීන් මුළු යුද හමුදාවටම කොඩි විනයකි.

(***)



අදහස් (7)

කොතරම් තරුපටි තිබ්බත් විනයක් නැත්නම් වැඩක් නෑ

Raveendra Thursday, 01 July 2021 01:15 PM

"බල්ලන්ට, බූරුවන්ට, හරකුන්ට" ආරක්ෂක අංශවලට රිංගා ගැනුමට අවස්ථාව සලසාදී ඇත්නම් එවන් තිරිසනුන්ගෙන් විනයක් බලාපොරොත්තු වීම විහිළුවකි. මේ පුද්ගලයාද වැදගත් නිලඇඳුමට අශුචි හලාගෙන ඇත. නමක් නැතිවීම නම් තවත් ගැටලුවකි.

:       186       314

sugath Thursday, 01 July 2021 07:13 PM

අද රටේ බොහොමයක් ප්‍රශ්න වලට මුල මිනිසුන්ගේ මාන්නය සහ තව කෙනෙකුට කතා කිරීමට නොදත් කමයි. මේ දෙකටම මුල නූගත් කමයි.

:       72       41

Deepal Nirosh Thursday, 01 July 2021 11:33 PM

වහලක් නැති කළ ගෙයක් කොයින්දෝ... විනයක් නැති කළ දැයක් කොයින්දෝ... ඕන එකටයි එපා එකටයි දෙකටම හමුදාව කැඳවීමේ අනිටු විපාක තමයි මේ මතුවෙන්නේ... දැන්වත් මේ බව තේරුම් ගෙන හමුදාවෙත් අනිකුත් රාජ්‍ය නිලධාරීන්ගේත්, පොදු මහජනතාවගේත් ගෞරවය රැකෙන පරිසරයක් ගොඩනැගීමයි රජයේ වගකීම...

:       0       0

p.d goonawardena Friday, 02 July 2021 09:36 AM

හරි ආදර්ශමත් ලිපියක්.....හැමෝම කියවනවානම් ඉතාමත් හොදයි.....

:       0       9

kamal Friday, 02 July 2021 10:56 AM

කෑළෑ පාළුවන්ට ඉඩදී ලී ජාවාරම් කාරයන්ට ඉඩදී හමුදාවට එරෙහිවීම කෙතරම් විනයවත්ද?

:       473       694

Nuwan Friday, 02 July 2021 02:46 PM

හැමෝට හමුදා පුහුනුව දෙනන ඔනි කිව්වා නේද කවුරුහරි අනේ මන්ද

:       31       17

M.H.Deeganatha Wednesday, 07 July 2021 06:26 AM

හමුදා ධුරයක් දැරූ අයෙකු මේ වනවිට ජනාධිපති ධූරය දරමින් සිටියි. නමුත් පාර්ලිමේන්තුවේ මීහරක් රැල පාලනය කරගැනීමට එතුමන්ට නොහැකියාවෙන්, පොලිසියේ පළමුවත්, අනතුරුව අනෙත් ආයතනවලත් විනය පිරිහීයාමක් දක්නට ඇත. යහපාලනේ, මහජනතාව ප්‍රතික්ෂේප කළ ජනපති හිටන්, අගමැති නැවතත් උත්‍තරීතර යැයි උදම් අනාගන්නා හරක් ගාලට අවතීර්ණව ඇත. ගෞරවනීය ඉල්ලීම, හමුදා විනය ක්‍රියාවෙන්ම දැක්වීමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 622 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 428 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 331 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1531 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 85 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 701 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 635 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 165 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site