IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


පෝර ගැන උද්ඝෝෂණවලින් කියැවෙන දේත් සලකා බලන්න

රසායනික පොහොර ආනයනය අත්හිටුවීමේ රජයේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී හැම අතින්ම ප්‍රායෝගික ගැටලු‍ මතුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. රටේ විවිධ ප්‍රදේශවල ගොවි ජනතාව තමන්ට පොහොර අවශ්‍ය බව කියමින් උද්ඝෝෂණවල නිරත වෙති. තමන්ගේ වගාවට නිසි අවස්ථාවේදී පොහොර දැමීමට නොහැකි වුවහොත් අස්වැන්න පිළිබඳ තබා ඇති බලාපොරොත්තු අතහැර දැමීමට තමන්ට සිදුවනු ඇතැයි ඔවුහු හඬ නගති. එසේම වැඩි මිලට විකිණීම සඳහා මිටි සිය ගණනින් පොහොර සඟවාගෙන සිටි වෙළෙඳසල් හිමියන් කිහිප දෙනෙක්ද පසුගිය දිනවල බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. එහෙත් තවමත් රසායනික පොහොර අර්බුදයට නිසි විසඳුමක් ලැබෙන බවක් දැනගන්නට නැත

රසායනික පොහොර ආනයනය නැවැත්වීම රජය මගින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දුවකි. එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ මේ තීන්දුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන ‘‘සෞභාග්‍යයේ දැක්ම’’ තුළින් ලබාදුන් පොරොන්දුව ඉටුකිරීමක් බවය. එවැනි පොරොන්දුවක් ලබාදුන්නේ රටේ ගොවි ජනතාවගේත් සෙසු පාරිභෝගික ජනතාවගේත් සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමේ පියවරක් වශයෙන් බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.

පොහොර තීන්දුව සම්බන්ධයෙන් පසුගියදා පැවැති ඉහළ මට්ටමේ සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තර්ක කර තිබුණේ වත්මන් රජයේ මෙම රසායනික පොහොර තහනම 1965 කාලයෙන් පසුව රජයක් මගින් ගනු ලැබූ හොඳම තීරණයක් වශයෙන් බව අපගේ ලංකාදීප පුවත්පත පසුගියදා පළ කළ ලිපියකින් හෙළිදරව් කර තිබිණි. මේ කතාවට පදනම වශයෙන් ඔහු පෙන්වා දී තිබුණේ උතුරුමැද පළාතේ 1991න් පසු කාලයේ සිටම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව රසායනික පොහොර සහ කෘෂි රසායනික දියර බවය.

වෛද්‍ය පාදෙණිය මහතාගේ අදහස වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සියලු‍ දෙනාගේම අදහස දැයි අපි නොදනිමු. එසේම කෘෂි විෂයට අදාළ සෙසු විශේෂඥවරුන්ද එම අදහස අනුමත කරන බවක් හෝ නොකරන බවක් හෝ අපි නොදනිමු. ඒ කෙසේ වුවද රටේ සියලු‍ කෘෂි නිෂ්පාදන සඳහා දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික ගොවි ජනතාව විසින් භාවිත කරන ලද රසායනික පොහොර එකවරම තහනමට ලක් කිරීම එම ගොවීන් දියෙන් ගොඩගත් මසුන්ගේ තත්ත්වයට ඇද දැමීමක් බව තේරුම් ගැනීම නම් දුෂ්කර නැත. ඒ බව පාරට බැස පොහොර ඉල්ලා ගොවීන් විසින් සිදු කරන උද්ඝෝෂණවලින් පැහැදිලි වෙයි. තමන්ගේ අස්වනු අඩුවනු ඇති බවට ඔවුන් නගන අඳෝනාව ගණන් නොගෙන සිටීම රජයට කොතරම් දුරකට කළ හැකිද යන්න ලොකු ගැටලු‍වකි.

රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමේ තීන්දුව ගැනීමට පෙර ඊට අදාළ සියලු‍ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගෙන් උපදෙස් ලබා නොගත් බව මතුපිටින් පෙනෙන්නට තිබේ. රජයක් මගින් එවැනි තීරණ ගැනීමේදී තමන්ට හිතවත් දේශපාලන නායකයන් සහ සංවිධානවල නායකයන්ගෙන් පමණක් උපදෙස් ලබාගැනීමෙන් පලක් නැත. මේ සියලු‍ දෙනා රජය ප්‍රතිපත්තිමය වශයෙන් ගන්නා තීන්දුවලට සහාය පළ කරන ඒ වෙනුවෙන් පෙනී සිටින පිරිසක් බව අමතක නොකළ යුතුය. ඔවුන් බොහෝ දුරට ගැටලු‍වේ දිග පළල මනින්නේ තමන්ට ආවේණික මිනුම් දඬුවලිනි. පසුගිය කාලය තුළදී රසායනික පොහොර ගෙන්වීම එකවරම අත්හිටුවීමෙන් පසුව මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ කෘෂිකර්මාන්තය පිළිබඳ හසළ දැනුමැති, ඒ විෂය සම්බන්ධයෙන් පර් යේෂණවල නිරත වන විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දී තිබුණේ මෙවැනි තීන්දු එක්වරම ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම දුෂ්කර වන බවය. එවැනි තීන්දුවකින් ඍජුවම වී වගාව ඇතුළු සියලු‍ කෘෂි නිෂ්පාදනවල අස්වැන්න විශාල වශයෙන් අඩුවීමට ලොකු ඉඩකඩක් පවතින බව ලේඛනගත සාධක සහ සංඛ්‍යා දත්ත ඇසුරින් ඔවුන් පෙන්වා දී තිබිණි. දැනගන්නට තිබෙන පරිදි මේ වනවිට කෘෂි විද්‍යාඥයන් 30කට අධික සංඛ්‍යාවක් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් අදාළ තීන්දුව සම්බන්ධයෙන් වඩාත් විචක්ෂණශීලී සහ සමතුලිත ප්‍රවේශයකට එළඹීම යහපත් වනු ඇතැයි සඳහන් කර තිබේ. වෙනත් සංවර්ධිත රටවල් රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය ප්‍රායෝගිකව හැදෑරීමෙන් මේ බව වඩාත් පැහැදිලි කර ගත හැකි බවද ඔවුන් පෙන්වා  දී තිබිණි.

කෙසේ වුවද රසායනික පොහොර භාවිතය මුළුමනින්ම අතහැර කාබනික පොහොර පමණක් සියලු‍ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතයට ගන්නා රටවල් ලොවෙහි ඇත්තේ ඉතා සුළු වශයෙන් බව ඇතැම් පර් යේෂණ ලිපිවල සඳහන් වෙයි. ඉතා මෑතකදී ලොවෙහි සංවර්ධිත සහ කෘෂිකාර්මික වශයෙන් ඉතා පොහොසත් රටක් වන ස්විට්සර්ලන්තයද රසායනික පොහොර භාවිතය අත්හැරීම සඳහා තීන්දුවක් ගැනීමට මහජන මත විමසුමක් සිදු කර තිබිණි. කාබනික පොහොර පමණක් භාවිත කරන ලොවේ දෙවැනි රට බවට ස්විට්සර්ලන්තය (පළමු රට භූතානයයි.) පත්කර ගැනීමේ සිහිනය දකිමින් සිටි සංවිධාන ගණනාවකගේ ඉල්ලීම පරිදි සිදුකෙරුණු මෙම මත විමසුමේදී එරට ගොවි සංවිධානවලින් අති බහුතරය එම තීන්දුවට එරෙහිව තම මතය ප්‍රකාශ කර තිබිණි. ස්විස් රජය පවා සිටියේ ගොවීන්ගේ පැත්තේය. මේ සියලු‍ දෙනා එම තීන්දුවට විරෝධය දැක්වූයේ තමන්ගේ අස්වැන්න අඩුවීමෙන් සිදුවන හානිය දරාගත නොහැකි වන බව පෙන්වා දෙමිනි. ස්විට්සර්ලන්තය වැනි ධනවත්, සමෘද්ධිමත්, වෛද්‍ය තාක්ෂණයෙන් අගතැන්පත් රටකත් තීරණය එසේ නම් ශ්‍රී ලංකාව වැනි අස්වැන්නෙන් පමණක් යැපෙන මිලියන ගණනක ජනතාවක් වෙසෙන දුප්පත් රටකට සිදුවිය හැකි හානිය ගැන කතා කිරීම පවා පලක් නැත. මේ සියලු‍ කරුණු සැලකිල්ලට ගනිමින් රසායනික පොහොර ගෙන්වීම එකවරම නැවැත්වීමට වඩා පියවරෙන් පියවර එය සිදු කිරීම පිළිබඳව යළි සලකා බැලීමට රජය තවමත් ප්‍රමාද නැත.

(***)



අදහස් (6)

පෝර ගැන උද්ඝෝෂණවලින් කියැවෙන දේත් සලකා බලන්න

රුවන් Monday, 21 June 2021 12:43 PM

හොඳ කතු වැකියක්... රසායනික පෝර සමාගම්වල බලල් අතක් කියයිද දන්නේ නෑ...

:       0       3

ගැමුණු Monday, 21 June 2021 10:25 PM

කිසිම අධ්‍යනයකින් තොරව අඳුරේ අතපත ගෑමකි. අඩුවන අස්වැන්නට වන්දි ගෙවන බව කීවත් එම අඩුව පුරවන විදිහක් ගැන සිතාවත් නැත. එකම විකල්පය රසායනික පොහොර යෙදූ ආහාර අපනයනයයි.

:       0       3

kapila Tuesday, 22 June 2021 03:21 PM

ඔය රටින් ගේන දේවල් කාබනික පොහො දාලා හදපුවද

:       0       0

Gamini Tuesday, 22 June 2021 07:00 PM

රසායනික පොහොර හොදනෑ ඒ පොහොර ගහපු ආනයනික හාල්හොදා දෙන ආන්ඩුවක්

:       0       1

Raveendra Wednesday, 23 June 2021 12:24 AM

කාලීන ගැටලුව පිළිබඳව ඉතාමත්ම හොඳ විග්‍රහයක්. කවුරුන් විරුද්ධ වුවත් මෙය කළ යුතු යයි අප තරයේ විශ්වාස කරන්නේ අපගේ අනාගත පරපුර උදෙසා බව කිව යුතුයි. අප ජීවත්වන්නේ තව ටික කාලයකි. එනමුත් අනාගත පරපුර නිරෝගී පරපුරක් ලෙස ජීවත්වීම දැකීම රටට ආදරය කරන පුරවැසියන්ගේ අවංක සිහිනය නොවේද? අවාසනාවකට මෙය වැඩි පිරිසක් රටේ අනාගත පරපුර වෙනුවෙන්ම ගන්නා තීරණයක් වුවත් එය ඒ ඒ අයගේ දේශපාලන කෝණයෙන් බැලීම අභාග්‍යයකි. "කුමකින් හෝ අප බලය ලබා ගත යුතු යයි කියන තිරිසන් සම්ප්‍රදායක ගොන් විපක්ෂයක්ද සිටීමත් කණගාටුවකි". කෙසේ වෙත්ත කතුවැකියෙහි සඳහන් පියවරෙන් පියවරට හෝ "කඩිනමින්" මෙම තීරණය ක්‍රියාත්මක කළ යුතුමයි.

:       0       0

de silva Thursday, 24 June 2021 08:02 AM

හොඳ ලිපියක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 490 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 387 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 295 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1432 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 74 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 677 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 585 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1176 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site