IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ගම්බද පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන දුෂ්කරතා

කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හපුගොඩ වසමේ පැලවත්ත ගම්මානය හා ආසන්න ගම්මානවල දරුවන්ට දුරස්ථ අධ්‍යාපන කටයුතු කර ගැනීමට අවම දුරකථන සංඥා පහසුකමක්වත් නොලැබීම නිසා බලවත් දුෂ්කරතාවකට මුහුණ දීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. කිලෝ මීටර් පහක් පමණ පා ගමනින් හා ට්‍රැක්ටරයක ගමන් කර වන අලි තර්ජන හා දුෂ්කරතා මැද දිඹුලාගල කන්දට නැග ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්නා දරුවන් පිරිසක් පිළිබඳව දිඹුලාගල වෙහෙරගම ගම්මානයෙන් අප පුවත්පත වාර්තා කළේ ඊයේය. කොළඹ දිස්ත්‍රික්කයට අයත් පාදුක්ක වග ග්‍රාම නිලධාරී වසමේ දරණෑගල ගම්මානයේ නිවෙස්වල දරුවන්ට මාර්ගගත අධ්‍යාපන කටයුතු සඳහා උස් බිම්වල ගල්තලා මත කූඩාරම් තනාගෙන අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට සිදුවීමේ පුවතද ඊයේ වාර්තා කළේ අප පුවත්පතෙනි.

පහසුකම් සපිරි නගරයේ දරුවන්ට මෙන්ම ඉහත දරුවන්ට ලැබෙනුයේ එකම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයකි. එකම සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයකි. එකම උසස් පෙළ ප්‍රශ්න පත්‍රයකි. එහෙත් අධ්‍යාපනයේ තරම් පංති භේදය ඇති වෙනත් ක්ෂේත්‍රයක් නොමැත. කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානවලින් ප්‍රකාශයට පත්ව තිබෙන්නේද එම දරුණු ඛේදවාචකය වේ. මෙබඳු ගම්මාන තව කොතෙක් තිබේද යන්නට සාක්ෂි සැපයූ ප්‍රවෘත්ති ඉකුත් සමයේ එකක් පසුපස එකක් වශයෙන් වාර්තා විය.

දරුවන්ගේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වී වසර එක හමාරකි. රටක සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය බිඳ වැටීම අද හෙට ප්‍රතිඵල පෙන්වන්නක් නොවේ. මෙය මුළුමනින්ම පරම්පරා ගණනකට වන්දි ගෙවීමට සිදුවන තත්ත්වයකි. අද අප රට තිබෙන්නේ එබඳු ඛේදවාචකයක් ඉදිරිපිටය. කොරෝනා වැනි මාරාන්තික වසංගතයක් ඉදිරිපිට මෙසේ සාම්ප්‍රදායික ජීවන රටාව මෙන්ම අධ්‍යාපන රටාව බිඳ වැටීම අපේක්ෂා කළ යුතුය. එහෙත් මෙම තත්ත්වයට මුහුණදීම සඳහා නොවරදින සුළු විකල්ප නිර්මාණය කළ යුතුය.

කොරෝනා වසංගතය හමුවේ බිඳ වැටුණු සාම්ප්‍රදායික අධ්‍යාපනයට විකල්පයක් ලෙස ඉදිරිපත් වූයේ ඔන් ලයින් හෙවත් දුරස්ථ අධ්‍යාපනය වේ. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටකට මෙම විකල්පය ගළපාගත හැකිද යන ප්‍රශ්නය මගහැර යා නොහැක. දුරස්ථ අධ්‍යාපනයට ස්මාට් ජංගම දුරකථනයක් අවැසිය. එමෙන්ම දුරකථන සංඥා තිබිය යුතුය. කොළඹ හා නාගරික ප්‍රදේශවල මෙය ප්‍රශ්නයක් නොවේ. එහෙත් කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන වැනි දුෂ්කර ගම්මාන සැලකීමේදී මෙය මාරාන්තිකය.

එම ගම්මානවල වැසියන් අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ඉගෙනුම් කටයුතු සිදු කරගෙන යාමට දරුවන්ට සිග්නල් ඇති තැන් සොයාගෙන යාමට සිදු වී ඇති බවය. කොරෝනා වසංගතය නිසා දීර්ඝ හුදෙකලා කිරීමට ලක්වීමත් නිසා දන්නා හඳුනන නිවෙසකට යාමට නොහැකි බවය. කඳු මුදුන්වලට ලැබෙනුයේ ඉතා පහළ මට්ටමේ දුරකථන සංඥා බවය. පසුගිය දිනවල පැවැති වර්ෂාව නිසා නිවෙසින් බැහැර වීමට නොහැකිව දරුවෝ දැඩි පීඩනයකටද පත්ව සිටියහ.

මෙම අවනඩුව බැහැර කළ නොහැක. ඔවුහුද මෙරට පුරවැසියෝ වෙති. සමාන සැලකුම් ලැබීමට මෙන්ම සමාන අයිතිවාසිකම් ඔවුන්ට හිමිය. එහෙත් ඔවුන් පවසන්නේ එම ජනතාවට සියල්ල අහිමි බවය. මෙසේ දහදුක් විඳ විඳ ජීවත්වී තේරුමක් ඇද්දැයි යන්න අමතර ප්‍රශ්නයකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මුළු රටේම අනාගත පැවැත්ම සමග බැඳුණු පුවතක් ඉකුත්දා අනාවරණය කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ඉන්දියාවේ මේ දිනවල වේගයෙන් පැතිර යන බී. 1.617.2 හෙවත් ඩෙල්ටා කොරෝනා වයිරස් ප්‍රබේදය අසාදනය වූ පුද්ගලයන් පස් දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බවය.

මෙම පුවත රටේ අනාගතය සමග ඍජුව බැඳුණකි. එමෙන්ම කොරෝනා තුරන් වූ රටක් සම්බන්ධ අපේක්ෂාව සුණු විසුණු කර දැමීමට සමත් පුවතකි. එමෙන්ම මෙම අනාවරණයෙන් පැහැදිලි වන්නේ කොරෝනා මාරාන්තික උවදුර දැන්ම රටෙන් තුරන් නොවන බවය.  එහෙයින්ම පැරැණි හුරුපුරුදු ජීවිතයට දැන්ම යා නොහැකි බවය. සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවට අවතීර්ණ විය නොහැකි බවය. එසේ නම් ඔන් ලයින් අධ්‍යාපන ක්‍රමය තවත් දිග්ගැස්සී යනු ඇත. එය කොතෙක් කාලයකට දැයි අනාවැකි කිව නොහැකිය. කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන  වඩා අති දුෂ්කර ගම්මානවල දූ පුතුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් නොපමාව ලබා දිය යුතුය. එය බලධාරීන්ගේ වගකීමය.

(***)



අදහස් (1)

ගම්බද පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන දුෂ්කරතා

යෙශිනි Saturday, 07 January 2023 01:50 AM

මම තාම ඉගෙනගන්නවා...මගේ පොඩි කාලේ ඉදලා ආසවක් තමයි උගන්වන් එක...හැබැයි මුදලට යට නොවී ආදරයෙන් උගන්වන්නයි මට ඕනි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 510 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17142 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 688 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site