IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


හිතාමතාම ජාතියට වසකවන ජාතිද්‍රෝහියෝ

මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝ 700 ක ප්‍රමාණයක් ලොරි රථයකින් රැගෙන යමින් සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් මැදිහත්වී අත්අඩංගුවට ගැනීමේ පුවතක් අප පුවත්පත ඉකුත්ද‌ා වාර්තා කළේය. වව්නියාව දකුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම මෙහෙයුම කළ බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

මිනිසාගේ ආහාර රටාව හා නිරෝගීකම අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි. අලාභම කර ගන්නා මිනිස් සමාජය සතු පරම භාග්‍ය නිරෝගිකම බව අවිවාද‌ාත්මක සත්‍යයකි. බොහෝ ලෙඩ රෝග සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ ප්‍රධාන උපදේශය වන්නේ ‘ආහාරවලින් පරිස්සම් වන’ ලෙසය. විද්‍යාව කොතෙක් ඉහළ දියුණුවක් ලබා තිබුණ ද තවමත් ‘හඳුනා නොගත් රෝග’ යනුවෙන් විශේෂිත රෝග විශේෂයක් තිබෙන බව ද විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

කොරෝනා මාරක වසංගතය මුළු මහත් මානව සමාජයම තම සැහැසි ග්‍රහණයට ගෙන වසර එක හමාරක් පමණ වේ. පළමුවෙන් චීනයේ වූහාන් නගරයෙන් ඇරැඹුණු කොරෝනා වයිරසය පසුව මහාද්වීප පසු කරමින් දේශසීමා අතික්‍රමණය කරමින් ලෝකය පුරාම ගියේය. මෙම කොරෝනා වයිරසය කෙසේ උත්පාද වූයේ ද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත පිළිතුරක් නැත. එකල ප්‍රබල ලෙස පැතිර ගිය එක් මතයකින් කියවුණේ චීන්නුන්ගේ ආහාර රටාව හා කොරෝනා වයිරසය අතර සමීප සම්බන්ධයක් තිබෙන බවය.

කරුණු කාරණා එපරිදි වන විට මුළු මහත් මානව සමාජයටම ආහාර සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව තිබේ. එසේ තිබිය දී අප රටෙන් වාර්තාවන්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය මිනිසා අතට පත් කිරීමේ ජාවාරම් බහුලව සිදුවන බවය. වව්නියාව දකුණු ප්‍රදේශයෙන් වාර්තා වූයේ එයින් එක් කුඩා සිදුවීමක් පමණී.

කොළඹ මීතොටමුල්ල කුණු කන්දට බහාලන කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සෝද‌ා පිරිසුදු කර නැවත වෙළඳපොළට යවන ජාවාරම් තිබෙන බව වාර්තා විය. ඒවා මහා පරිමාණයෙන් සිදුවන ජාවාරම්ය. ඇතැම් ආහාර ද්‍රව්‍ය හා පානීය ඇසුරුම්වල ලේබල ගලවා ඉවත්කර අලුත් දින සහිත ලේබල් අලවා නැවත වෙළඳ පොළට යැවීම ද කුප්‍රකට ජාවාරම්කරුවන්ගේ තවත් ජඩ මාෆියාවකි.

 නරක් වූ අල කිලෝ සිය ගණනක් ශුද්ධකර නැවත වෙළඳපොළට යැවීමේ ජාවාරමක් අතටම හසුකර ගැනීමේ පුවතක් ඉකුත් සමයේ වාර්තා විය. මෙබඳු සිදුවීම් බහුලවීම රටේ පැවැත්මට මාරාන්තිකය.

බොහෝ නගරවල හෝටල්වල ඉතිරිවන වෑංජන නැවත මුළුතැන්ගෙට ගොස් එළවළු රොටි වී පැමිණෙන බව ප්‍රසිද්ධ රහසකි. කොත්තු රොටි ද එසේමය. කෑම බීමත් ජාවාරම් බවට පත්කර ගන්නා අමන අධම මිනිසුන් සිටින්නේ යැයි හිත හොඳ මිනිස්සු සිතති. එහෙයින් ඔවුහු  කිසිදු සැකයකින් තොරව එම ආහාරපාන භුක්ති විඳිති. තමන්ට වැළඳුණ රෝගය කුමක්දැයි නොදැනම මිය යාමේ ශාපලත් ඉරණම නිර්මාණය වන්නේ එසේය.

‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ යනුවෙන් බුදුපියාණෝ දේශනා කළහ. එයින් කියැවෙන්නේ සෑම සත්වයෙක්ම ආහාරයෙන් ජීවත්වන බවය. ඒ අනුව පැහැදිලි වන්නේ ආහාර යනු ජීවිතය පවත්වා ගෙන යාමට උපකාර වන්නක් බවය. ආහාර නොමැතිවීම කුසගින්නේ මිය යාමට හේතුවකි. ආහාර මිනිසාට අත්‍යවශ්‍ය වන්නේ එහෙයිනි.

ආහාර ගත යුත්තේ ජීවිතය පවත්වාගෙන යාමට බව අදහන ජනයා අතරේ ආහාරය පිණිසම ජීවත්වන නරුමයෝ ද සිටිති. මහජනයාට වස විස කවා තම මඩිය තරකර ගැනීමට පෙළඹෙන්නෝ ඔවුහු වෙති. සැබැවින්ම ඔවුහු සමූහ ජන සංහාරයක නියැලෙන්නෝ වෙති. මෙබඳු පාපතරයන් පැවත එන්නේ හිට්ලර්ගේ පරම්පරාවෙනි. නොඑසේ නම් මානව සමාජයෙන් මෙතරම්ම කෲර ලෙස පළිගැනීමට  ඔවුන්ට සිත් පහළ නොවනු ඇත.

 කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ මතු වූ අලුත් මානයක් ද වේ. එය නම් මෙම වයිරසයට මුහුණ දීමේ දී අපගේ ආහාර රටාව බලවත් සාධකයක් වූ බවය. එය බැහැර කළ නොහැකිය. සැබැවින්ම අප සතුව ඉතා ශක්තිමත් ආහාර රටාවක් තිබේ.

එය ඉතා සෞඛ්‍ය සම්පන්නය. දීර්ඝායුෂ රැගෙන ඒමට සමත් ජවයක් බලයක් අප ආහාර රටාව සතුය. රුපියල් ශතවලට ගිජු වූ පාපතරයන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය වෙළඳ පොළට එවා එක් අතකින් සෞඛ්‍ය සම්පන්න අපගේ ආහාර රටාවේ අභිමානය බිඳ ද‌ායි. අනෙක් අතින් මුළු ජාතියම රෝගී කරවයි. මෙබඳු පාපතරයන්ට රජකාලයේ දඬුවම් ලබාදිය යුත්තේ එහෙයිනි.

(***)



අදහස් (4)

හිතාමතාම ජාතියට වසකවන ජාතිද්‍රෝහියෝ

Raveendra Saturday, 03 July 2021 01:06 PM

තුට්ටු දෙකේ නිවට හිඟන අවලං බිස්නස් පිළිබඳව කතුවැකිය මගින් කර ඇත්තේ ඉතාමත්ම නිවැරදි විග්‍රහයකි. මුදල් පමණක්ම ජීවිතය කරගත් හිඟන්නන් බහුල සමාජයක කෙසේ මේවාට තිත තැබිය හැකිද? එසේ තිත තැබිය හැක. කිසිදු බියකින් තොරව මෙවන් ආයතන නම්ගම්, ඡායාරූප සහිතව, ආයතන අයිති කාරයින්ගේ විස්තරද ඇතුළුව, මේවාට සම්බන්ධ සියලුම ඌරන්ගේ සියලු විස්තර ඡායරූප සමඟම එකදිගට ඵලකරන්නේ නම් මේවාට තිත තැබිය හැක..

:       1       141

විපරමා Saturday, 03 July 2021 01:48 PM

බල්ලෝ මරලා හරි කමක් නැහැ සල්ලි හම්බවෙනවා නම්... ඒ ඇති....

:       1       40

gamunuSaturday, 03 July 2021 06:16 PM

කොළඹ මීතොටමුල්ල කුණු කන්දට බහාලන කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සෝද‌ා පිරිසුදු කර නැවත වෙළඳපොළට යවන ජාවාරම්, ආහාර ද්‍රව්‍ය හා පානීය ඇසුරුම්වල ලේබල ගලවා ඉවත්කර අලුත් දින සහිත ලේබල් අලවා නැවත වෙළඳ පොළට යැවීම ද කුප්‍රකට ජාවාරම්කරුවන්ගේ ජඩ මාෆියාව නවතා දැමීමට කළයුතු වන්නේ මෙවැනි දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ සියලු දෙනාගේ ඡායාරූප රටට පෙන්නුම් කළයුතු සේම ඔවුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර තහනම් කිරීම වේ. කුමන දේශපාලන සම්බාධක හෝ වෙනත් කිසිඳු පුද්ගලයින්ගේ මැදිහත් වීම තිබේද කියා සොයාබලා ඔවුන්ගේ නම් සහ ඡායාරූපද රටට හෙළිදරව් කිරීම මාධ්‍යයේ වගකීමකි. මෙවැනි කටයුතු දිගින් දිගටම ක්‍රියාත්මකව තිබියදී ප්‍රාදේශීය ලේකම්වරුන්, නගර සභා මන්ත්‍රීවරු, ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්, සෞඛ්‍ය අංශයන් සහ මහනගර සභා මේ පිළිබඳව කටයුතු නොකිරීම පිළිබඳව වෙනමම පරීක්ෂණයක් කළ යුතුවේ...

:       0       52

Asliya Saturday, 03 July 2021 09:29 PM

නම්ගම් හෙළි කරන්න බැරිද

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 343 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 876 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1292 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site