ඉන්ධන මිල ඉහළ දැමීම ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් බවට හඟවන ලකුණු පහළ වෙමින් තිබේ. ආණ්ඩුව මගින් ගනු ලැබූ තීරණය ප්‍රකාශයට පත්කළ විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයත් එයට ප්‍රතිචාර දක්වමින් ගම්මන්පිල ඇමැතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ලබාදුන් පිළිතුරත් හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබෙන බව බැලූ බැල්මට පෙනී යයි. ඒ අතරට ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් ද ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. ඉන්ධන මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් බව එහි සඳහන් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මෙරට ආණ්ඩුවේ අයිතිකාර ප්‍රධාන දේශපාලන පක්ෂයයි. ගම්මන්පිල ඇමැතිවරයා ද ඇතුළු සෙසු පක්ෂ නායකයෝ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂවල නායකයෝ වෙති. ආණ්ඩුව මගින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දුවක් ආණ්ඩුවට සම්බන්ධ මේ සියලු දේශපාලන පක්ෂවල ද ප්‍රතිපත්තිමය තීන්දුව බවට පත්වෙයි. කැබිනට් මණ්ඩලය තුළ ද මේ සියලු දේශපාලන පක්ෂවල නියෝජනයක් පවතී. ජීවන වියදම් කමිටුවට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක්ම ඇතුළත් වෙයි. මේ සියලුදෙනා විසින් ගන්නා ලද තෙල් මිල නැංවීමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ වගකීම එක් ඇමැතිවරයකු මතට පවරා තිබුණද එම සාමූහික තීන්දුවේ වගකීම පැවරෙන්නේ සමස්ත ආණ්ඩුව මතටමය. එහිදී ප්‍රකාශක ඇමැතිවරයා තනි පුද්ගලයෙක් පමණි. ඔහුට මාධ්‍ය නිවේදන හරහා පහරදීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ සාමූහික බවක් නොමැති බවය. මේ නිසා ඉන්ධන මිල වැඩිකිරීම ප්‍රකාශයට පත්කළ විෂය භාර ඇමැතිවරයා මෙයට ඍජුව වගකිවයුතු බව ප්‍රකාශ කරමින් ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවට පාලක පක්ෂය මගින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ජනතාවට විහිළු සැපයීමක් මිස වෙන කිසිවක් නොවේ.
උදය ගම්මන්පිල ඇමැතිවරයා ඊට ප්‍රතිචාර වශයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර තිබුණේ මිල වැඩි කිරීමේ තීන්දුව ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුලසුන ගත් ජීවන වියදම් කමිටුව මගින් බවත් ඒ සඳහා මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ එකඟතාව ලැබී ඇති බවත්ය. සාගර කාරියවසම් මහතා මෙම නිවේදනයෙන් පහර දී ඇත්තේ තමාට නොව ඒ මහතාගේ පක්ෂයෙන් බිහි කළ එකම ජනාධිපති වන ගෝඨාභය රාජපක්ෂ සහ එහි නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට බවද ඔහු සඳහන් කර තිබිණි.
මේ කාරණා සාගර කාරියවසම් මහතා නොදැන සිටියා ද යන්න බරපතළම ගැටලුවයි. එය එසේ නම් අපට කිව හැකි වන්නේ ආණ්ඩුව ඇතුළේ සාමූහික තීන්දු ගැනීම සම්බන්ධයෙන් විශාල ගැටලුකාරී තත්ත්වයක් පවතින බවය. වම් අත කරන දේ දකුණු අත නොදන්නා තත්ත්වයක් පවතින විට ආණ්ඩුවේ ඒකමතික බව ජනතාවගේ ප්‍රශ්න කිරීමට ලක්වීම වැළැක්විය නොහැක. එසේම රජයකට ගැනීමට සිදුවන අසීරු, ජනප්‍රිය නොවන තීරණවලින් ජනතාවට සිදුවන බලපෑම් අමතක කරවීමට අටවන නාට්‍යමය උගුල් හැටියට මෙවැනි සිදුවීම් ජනගත වීමද වැළැක්විය නොහැකි වනු ඇත. තෙල් මිල වැඩි කිරීම වැනි බරපතළ තීන්දුවක් තනි ඇමැතිවරයකුට ගත නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොදන්නවා වුණාට මුළු රටම දැන සිටින බැවිනි.
ආණ්ඩුව මගින් ගනු ලබන තීරණ ප්‍රකාශ කිරීම, ආණ්ඩුවෙන් ඉල්ලා අස්විය යුතු වන තරමට බරපතළ වැරැද්දක් නම් ආණ්ඩුවකට මාධ්‍ය ප්‍රකාශකවරුන් කවදාවත් තබාගත නොහැකි වනු ඇත. එසේම ආණ්ඩුවේ වැදගත් තීන්දු තීරණ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කිරීමට කිසිදු විෂය භාර අමාත්‍යවරයකු ඉදිරිපත් නොවනු ඇත. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ ලේකම්වරයා මේ යථාර්ථය නොදැන කටයුතු කිරීම අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කර තිබෙන බව මේ අනුව පෙනී යයි. එය අද රටේ දැනටත් පවතින ව්‍යාකූල තත්ත්වය සමනය කිරීමට කිසිම ආකාරයකින් උදව්වක් වන්නේ නැත.
රටේ පවතින තත්ත්වය අනුව දේශපාලනඥයන්ගේ මත ගැටුම් සම්බන්ධයෙන් වද වීමට ජනතාවට කාලයක් නැත. ඔවුන් මත පැටවී තිබෙන පීඩාකාරී ගැටලු හේතුවෙන් මේ සිද්ධිය ඔවුන් දකිනු ඇත්තේ හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් වශයෙන් පමණි. කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය, කොරෝනා මරණ, දැඩි සංචරණ සීමා හේතුවෙන් අහිමි වී ගිය ආදායම් මාර්ග, අධික ජීවන බර, රැකියාවල අවිනිශ්චිත බව, ගිනිගත් නැව හේතුවෙන් ඇතිවූ සංකීර්ණ ගැටලු, මහවැසි ආපදා ඇතුළු අට අනූවක් දෝෂ භංගකර ගැනීමේ අභියෝගයට ඔවුහු මුහුණ දී සිටිති. ඒ අතරේ ආණ්ඩුව ඇතුළේ මතභේද මහජනතාව හමුවේ ගිනිකෙළි සංදර්ශන බවට පත් කිරීම තරම් ඛේදවාචකයක් තවත් නැත.
තෙල් මිල ඉහළ යාමෙන් පසුව එහි පසුකම්පන පිළිබඳ සංඥා දැන් නිකුත් වෙමින් තිබේ. ගෑස් මිල රුපියල් 700කින් ඉහළ දැමීම, බස්ගාස්තු නැංවීම, පාන් බනිස් මිල ගණන් නැංවීම පිළිබඳ ඉල්ලීම් දැනටම ඉදිරිපත්ව තිබේ. මේ බරපතළ ආර්ථික ගැටලු හමුවේ ආණ්ඩුවේ ඒකාග්‍රතාව පවත්වාගෙන යාමේ වගකීම ඇත්තේ ජනාධිපති සහ අගමැති අත පමණක් නොවේ. ආණ්ඩුවේ ප්‍රධාන සහ හවුල්කාර සියලු දේශපාලන පක්ෂ නායකයන් අත එම වගකීම පැවරී තිබේ. එම වගකීම ඉටුකරනු වෙනුවට ඒවා ගිනිකෙළි බවට පත්කරන්නේ නම් එය නිසැකවම ජනතාවගේ ඉවසීමේ සීමාවන් දැඩිව පරීක්ෂණයට ලක් කිරීමක් බවට පත්වීම වළක්වා ගත නොහැකි වනු ඇත.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනතාවට විහිළු සපයන ආණ්ඩුව
LDK FERNANDO Wednesday, 16 June 2021 02:12 PM
කොහොමත් සේරම විහිලුකාරයෝ තමා
fairoos Wednesday, 16 June 2021 06:59 PM
හැමදාම ලංකාවට වුණේ ඕක තමයි.
rocky Thursday, 17 June 2021 04:21 PM
සංචරණ නීති අස්සේ සතොසක දොරවල් බලෙන් කඩලා අරක්කු බෝතල් 800 කට පිල්ලි ගැහුව එ කේ විහිලුවක් නොවෙයි