සංචරණ සීමා දික් කරනවා ද ලිහිල් කරනවා ද යන තීරණ අතරේ රට දෝලනය වෙමින් තිබියදී කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ලබන 21 වැනිදා අලුයම 4.00 දක්වා සංචරණ සීමා දීර්ඝ කරන බවය.
සංචරණ සීමා පිළිබඳව කිසිදු හැඟීමකින් තොරව කටයුතු කරන පිරිස් හේතුවෙන් පවතින තත්ත්වය තවදුරටත් ව්‍යාකූල වීමට ඉඩ තිබෙන බව හැම අතින්ම පෙනෙන්නට තිබිණි. පසුගිය බ්‍රහස්පතින්දා (10) එක් දිනක් තුළ සිදු වූ මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගියේය. ඊට අමතරව හෝටල්වල පාටි දැමීම, කොළඹ ඇතුළු නගර සහ නගරාසන්න ප්‍රදේශවල කානිවල් දැම්මාක් මෙන් වාහන නවතා ලොරි සහ වෑන් රථ වටා රොක් වෙමින් බඩු මිලදී ගන්නා දර්ශන, අධිවේගයේ දින දෙකක් තුළ වාහන ලක්ෂයකට වඩා ගමන් කිරීම වැනි සිදුවීම්වලින් පෙනී ගියේ සංචරණ සීමාවලට අනුගත වීමට වඩා තමන්ගේ වැඩේ කරගැනීමට ජනතාව උනන්දු වී සිටි බවය. ඉදිරියේදී සංචරණ සීමා ඉවත් කිරීමේදී මේ තත්ත්වය වෙනස් නුවූවොත් රට බරපතළ අනතුරක වැටීමට ඉඩ තිබෙන බව කිව යුතුය.
දැඩි නීති රීතිවලින් හැමදාම බැඳී සිටීමට කැමැති කිසිවකුත් නැත. එසේ නම් කළ යුතු වන්නේ එම නීති රීතිවලින් ගැලවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මිස ඒවාට එරෙහිව කටයුතු කිරීම නොවේ. සුපිරි හෝටල්වල සිට පෞද්ගලික නිවාස දක්වා සාද දැමීම් සිදුවන බව මාධ්‍ය ඔස්සේ අනාවරණය වෙයි. කොළඹ ෂැංග්‍රිලා, ක්‍රෙස්කැට් මොනාච් වැනි සුපිරි ගණයේ හෝටල් තුළ පමණක් නොව කැස්බෑව වැනි පළාත්වල මංගල උත්සව ශාලා තුළ පවා සාද දමන පිරිස් වෙති. මේවා පිළිබඳව පොලීසියට තොරතුරු ලැබුණු විට පමණක් වැටලීම් සිදුකිරීමත් සහභාගි වූ පිරිස් නිරෝධායනයට යොමු කිරීමත් සිදු වුව ද පොලීසිය හැම තැනකම නැත. මේ නිසා පොලීසිය නොදැන කොතරම් සාද දැමීම් රට පුරා සිදුවනවාදැයි කිසිවෙක් හරිහැටි නොදනිති. එහෙත් ඒ සෑම සාදයකින්ම කොවිඩ් මර්දනයට හෝ සංචරණ සීමා ඉවත් කරගැනීමට කිසිදු සහායක් නොලැබිණි. එයින් සාද පොකුරු බිහිවූවාදැයි දැනගැනීමට තව දින කිහිපයක් යනු ඇත.
සංචරණ සීමා දිගින් දිගටම මහජනතාව අතින් කඩවීම පිළිබඳව වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාගෙන්ම පැමිණිලි ලැබෙමින් තිබේ. ඔවුන් රජයට බලකරන්නේ ජනතාවගේ හැසිරීම දැනට වඩා පාලනය නොවුණොත් සංචරණ සීමාවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වන බවය. ඒ අනුව දිනෙන් දිනම කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යන අවස්ථාවක සංචරණ සීමා ලිහිල් කිරීම සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන බව බැලූ බැල්මට පෙනී යයි. එහෙත් රට හැමදාම වසාගෙන සිටීම ද කළ නොහැක. රට ඉක්මනින් විවෘත කරගැනීමේ වැඩි වගකීමක් ජනතාව අතේ තිබෙන බව ද මෙහිදී කිව යුතුය.
දක්ෂිණ අධිවේගයේ පැය 48කදී ලක්ෂයකට අධික වාහන සංඛ්‍යාවක් ධාවනය වී තිබුණේ පසුගිය සතියේය. එතරම් වාහන සංඛ්‍යාවක් ධාවනය වීමෙන් පවා පෙනී යන්නේ සංචරණ සීමා ඇතැම් වාහනවලට බල නොපාන බවය. මේ එක් වාහනයක එක පුද්ගලයකු ගමන් කළත් එම දින දෙකේ පමණක් ලක්ෂයක පිරිසක් නිවෙස්වලින් බැහැරව සමාජය සමඟ එක්වී සිටින බව තහවුරු වෙයි. වෛද්‍ය නිලධාරීන් පිරිසකගේ අනුමැතිය ඇතිව කොළඹින් ගිය පිරිසකට ගාල්ලේදී සිදු වූ එන්නත් කිරීම ද එවැනිම සංචරණ සීමා කඩමින් පුද්ගලයන් සමාජගත වූ අවස්ථාවකි. එහෙත් එම පිරිසට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව දැනගන්නට නැත.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ කොවිඩ් ආසාදිත හා ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව ද ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බවය. ජනගහනයට සාපේක්ෂව වාර්තා වන ආසාදිතයන් සහ මරණ සංඛ්‍යා සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටීම එයට හේතු වී තිබේ. මේ තොරතුර හෙළිකළ මාධ්‍ය සාකච්ඡාවේදී සංගමයේ උපසභාපති වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කර තිබුණේ රටේ සංචරණ සීමා පනවා ඇති බව කියා තිබුණ ද මාර්ගවල පවතින තත්ත්වය අනුව එවැන්නක් නොපෙනෙන බවය. මේ සීමා කඩකරන හැම මොහොතකම අපට නැතිවන්නේ අපේ හෝ ආදරණීයයන්ගේ ජීවිත බව සියලුදෙනා මතක තබාගත යුතු බව ද ඔහු ප්‍රකාශ කර තිබිණි.
මේ අතර රට පුරා සංචරණ සීමා ඉවත් කෙරෙන්නේ දැඩි කොන්දේසි මත යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක සඳහන් විය.
මේ ප්‍රකාශ හෝටල්වල පාටි දමන, මහාමාර්ගවල අනවශ්‍ය ගමන් බිමන්වල යෙදෙන සියලුදෙනාම තදින් සිතට ගත යුතු බව පෙන්වා දිය යුතුය. හෙට දවසේ සියලුදෙනාගේ යහපත උදෙසා අද දවස කැපකිරීමට නොහැකි නම් අප සියලුදෙනාටම ගෙවන්නට සිදුවන වන්දිය ඉතා විශාල බව අවබෝධ කරගැනීම අවශ්‍යය. කණ්ඩායමක් එකතු වී දමන සාදය ෂැංග්‍රිලා හෝටලයේ කළත්, නිවෙසක් ඇතුළේ සිදුකළත් ප්‍රතිඵලය විය හැක්කේ එකමය. අවශ්‍ය වන්නේ එවැනි අවස්ථාවලට ඉඩ නොදීමය. මෙවැනි සිදුවීම් කොළඹ නගරයේ පමණක් නොව ඈත දුෂ්කර ප්‍රදේශවල පවා සිදුවන බවත්, ඒවායින් වැළකී සිටින තරමට සංචරණ සීමා ඉවත් කරගැනීම ඉක්මන් කරගත හැකි බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.
රට සම්පූර්ණයෙන් වසා දමා වැඩි කාලයක් තබා ගැනීමට සිදු වුවහොත් එය විශේෂයෙන් රටේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි පීඩනයක් ගෙනදීමට හේතුවන බව පැහැදිලිය. එහෙත් රෝගයේ ශීඝ්‍ර පැතිරීම පාලනය කරගැනීමකින් තොරව රට විවෘත කිරීම මරුට අත වැනීමකට දෙවැනි නැත. සංචරණ නීති ඉවත් කෙරුණත් අප අවට වයිරසය පැතිරෙන බව අමතක කර කටයුතු කරන යම් අයෙක් වෙතොත් ඔහු සිදුකරන්නේ රටටම ද්‍රෝහිකමකි.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සංචරණ නීතියට අවනතව උවදුර ඉක්මනින් පිටුදකිමු