වාරියපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගෙන ආ පොල් පොහොර මිටි 47ක් එම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරියාගේ පෞද්ගලික වෙළෙඳසැලට වංචනිකව රැගෙන ගොස් එම පොහොර වැඩි මිලට ගොවීන්ට විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ගොවිජන සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. ගොවිජන මධ්‍යස්ථානයෙන් ගොවීන්ට රුපියල් 1,500ක මුදලට අලෙවි කරන පොහොර මිටියක් මෙම ගොවිජන සංවර්ධන නිලධාරියා රුපියල් 2,500 – 4,000ක මිල ගණන්වලට අලෙවි කරන බවද පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් බවද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
‘සොරකම’ ජාතික ක්‍රීඩාවක්ව ප්‍රගුණ කරන්නේදැයි සැක සිතෙන තරමට මුළු මහත් සමාජය පුරාම සොරකම පැතිර ඇති බව පෙනෙන්නට තිබේ. ඒ සම්බන්ධ උදාහරණ රටේ උත්තරීතරම ආයතනය යැයි විරුදාවලි ලත් පාර්ලිමේන්තුවේ සිට ගමේ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් සතොසෙන් ඇතුළු බොහෝ ස්ථානවලින් අසන්නට දකින්නට ලැබේ. එමෙන්ම ප්‍රබුද්ධ දෑහිතකාමී ජනී ජනයාගෙන් සොරකමට එරෙහි දැවැන්ත විරෝධයක්, පිළිකුලක් ප්‍රදර්ශනය වුවද සොරුන්ට ඒ සම්බන්ධයෙන් වගේ වගක් නැත. එහෙයින්ම සොරු මහා දවාලේත් මහා රාත්‍රියේත් සොරකම් කරති. වාරියපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් වාර්තා වූයේ ඉන් එක් සිදුවීමක් පමණි.
රජයේ සහනාධාරය යටතේ රුපියල් 1,500කට ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ගොවීන් සඳහා අලෙවි කිරීමට ඇති මෙම පොහොර වාරියපොළ ගොවිජන සංවර්ධන නිලධාරියා, ගොවීන් මිලදී ගත් විදියට ව්‍යාජ නම් ගම් යොදා රුපියල් 1,500 ගණනේ මිලදී ගෙන තම පෞද්ගලික වෙළෙඳසැලෙන් වැඩි මිලට විකුණා ඇත. පොහොර හිඟයක් ඇති වූ විට මිල කීය වුවත් පොහොර මිලදී ගැනීමට ගොවියා පෙළඹේ. තමන්ට ලැබුණු පොහොර සහනාධාරයත් වංචාකර ඇතැයි ගොවියා දන්නේ නම් ඔවුන් ගොවිකම අත හරිනු ඇත.
පොහොර නැතැයි පවසමින් ගොවියන් මහ මග උද්ඝෝෂණය කරන අවස්ථා ඕනෑ තරම් තිබේ. එකම හේතුව නොවූවත් පොහොර හිඟයට මෙවැනි සොරකම්ද ප්‍රධාන හේතුවක් බව පැහැදිලිය. අවසානයේදී ගොවියා පොහොර ලබා ගැනීමට තමන් වෙත පැමිණෙන බව හොරා දනී. ‘‘සොරකම’’ ගනුදෙනුවක් බවට පත්වන්නේ එසේය.
රජයේ සේවකයා නියත වශයෙන්ම නීතිගරුක විය යුතුය. යුක්තිගරුක විය යුතුය. මනා විනයකින් පසුවිය යුතුය. සත්‍යවාදී විය යුතුය. ශිෂ්ට සම්පන්න විය යුතුය. රජයේ සේවකයාට අදාළව අප සමාජය තුළ නිර්මාණය වී ඇති අභිමානවත් රූපකාය එසේය. එබඳු රජයේ සේවකයෝ ඉතිහාසයේ සිටියහ. වර්තමානයේද සිටිති. එහෙත් අතරින් පතර මතුවන සොරුන් තක්කඩියන් නිසා එම රූපකාය දුර්වර්ණ වී යයි. සමස්ත රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පවතින විශ්වාසය විසුණු කර දැමීමට මෙබඳු එක් සිදුවීමක් වුවද ප්‍රමාණවත්ය.
විලිබිය යනු මිනිසාට ආවේණික ධර්මතාවකි. විලිබිය හෙවත් ලජ්ජාව යන න්‍යාය උපකාර වන්නේ වැරැදි නොකර සිටීමේ පෞරුෂය නිර්මාණය කර ගැනීමටය. සොරකම් කිරීමට, වංචාවක් කිරීමට ලජ්ජාවක් හා භයක් වේ නම් කිසිවෙක් හෝ එයට නොපෙළඹෙති. මේ මහා ගුණය රාජ්‍ය සේවකයා තුළ ඉහළින්ම ප්‍රදර්ශනය වේ. එහෙත් අවාසනාවකට එම ගුණය තිබේදැයි රජයේ සේවයට බඳවා ගැනීමේදී පරීක්ෂාවට ලක් නොවේ. එබඳු පරීක්ෂාවකට ලක් වන්නේ නම් වාරියපොළ ගොවිජන සංවර්ධන නිලධාරියාට රාජ්‍ය සේවයට එක්වීමේ වරම අහිමි වන්නට ඉඩ තිබිණි.
ජනයාගේ සහනාධාරයත් ගසා කන්නේ නම් එබඳු පාපතරයකුගේ මනස කෙතරම් දිළිඳුද යන්න හඳුනා ගැනීම අසීරු නැත. මහ පොළොව සමඟ හැපෙමින් හා දහසක් දුෂ්කරතා මැද ගොවිතැනෙහි යෙදෙමින් වගාවන් හි නියැළෙමින් තම දරුපවුලත් රක්ෂා කර ගනිමින් රටේ ආර්ථිකයටත් දායක වෙමින් පුරවැසි වගකීම් ඉටු කරන අහිංසක ගොවි ජනයාගේ පොහොර සහනාධාරයත් ගසා කන බවට පළවන ප්‍රවෘත්ති අවංක පුරවැසියාගේ ළය විනිවිද යන කිණිසි තුඩක් බවට පත්විය යුතුය. එහෙයින් මෙබඳු චෞර කප්පිත්තන්ට කිසිදු සමාවක් හිමිවිය යුතු නැත.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පෝර මිටියෙනුත් ගසාකන චෞර රාජ්‍ය නිලධාරියෝ
Rocky Friday, 18 June 2021 02:59 PM
මෙම කතුවැකිය අතිශයින්ම අගය කරමි... ස්තුතියි..!!!
Wwaagta Saturday, 19 June 2021 12:50 PM
ඇයි රජයේ බොහෝ ආයතනවල වැඩ නොකර විවිධ දීමනා ලබාගනිමින් රටේ සංවර්ධනයට කිසිම දෙයක් කරන්නේ නැහැ.
ප්‍රියන්ත Sunday, 20 June 2021 11:13 AM
යාන වාහන, ආදායම්, සියලුම දීමනා, සැප සම්පත් ඇති දේශපාලන නායකත්වය ද වැරදි මග යනවිට ඔවුන් යටතේ පාලනය වන රාජ්‍ය සේවයෙන් මීට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු විය නොහැකිය...
nimal Monday, 21 June 2021 04:04 AM
මහ බැංකුව මහ දවල් කොල්ලකාපු අය නිදැල්ලේ
Mangala Monday, 21 June 2021 11:32 AM
ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙවෙයි. මේ නිළධාරියාව අධීකරණයට ඉදිරිපත් කලාම ඇප දුන්නද නැද්ද? ඔය වංචාව වගේ නෙවෙයි කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරන අයටත් ඇප දෙන තත්වයක්නේ රටේ තියෙන්නේ.