IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


රිය අනතුරින් පසු එරොප්පේ වචන කතා කරන්න ගිහින් ජංජාලයක්

(නයිනමඩම - චන්දන ප්‍රනාන්දු)

යුරෝපීය රටක වචන උච්චාරණයක් ලංකාවේදී භාවිතා කරන්න ගොස් සිදුවූ අපූරු ජංජාලයක් පිළිබඳව සිදුවීමක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.

කොළඹ හලාවත මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන දෙකක් වෙන්නප්පුව නගරය ආසන්නයේදී අනතුරකට ලක්වීමෙන් වරද සිදුවූ යැයි හැඟෙන වාහනයේ සිටි තරුණ යුවළක් තමන්ගේ වරද පිළිබඳව අවබෝධයක් නැතිව ඉදිරියෙන් ගිය වාහනයේ රියැදුරාට හා පිරිසට දොස් කියමින් සිට ඇත.

මේ අවස්ථාවේ ඉදිරියෙන් ගිය රියැදුරා හා වාහනයේ සිටි අයෙක් අනතුරේ ස්වභාවය හා අනතුරේ වැරදිකරු ගැන අනතුරට ලක්කළ වාහනයේ සිටි යුවළට කොතරම් පැහැදිලි කරන්න උත්සාහ කළත් එය සාර්ථක වී නැත.

එහිදී එකවරම එහි සිටි තරුණ කාන්තාවක් පපිගේ වැරද්දක් නෑනේ පපි හොඳට වාහනය එළෙවුවනේ පපිට පුළුවන් කියලා දන්නවනේ. අනෙක පපිට ඔනේම රටක වාහන එළවන්න ලයිසන් තියෙනවනේ. ඒ නිසා පපි නම් වරද පිළිගන්න එපා යනුවෙන් පවසමින් සිටින ආකාරය කණ වැකුණු අනතුරට ලක්වී සිටි වාහනයේ දෙදෙනා එතකොට ඔයාලගේ තාත්තා වාහනේ එළවමින් ආවේ කෝ දැන් තාත්තා. ඔයාලා අනතුර වුණ ගමන්ම තාත්තා කොහෙද යැවුවේ යනුවෙන් ප්‍රශ්න ගොඩාක් අසා ඇත්තේ මෙම අනතුර ගොඩින් බේරා ගන්න බැරිවීම නිසා හා අනතුරෙන් තමන්ගේ වාහනයට වූ හානිය ගැන එම තරුණ යුවළ එතරම් සැලකිල්ලකින් කතා නොකිරීම හේතුවෙනි.

එහිදී තරුණ කාන්තාව මම පපි කීවේ අපේ තාත්තට නොවෙයි තාත්තා වාහනයේ හිටියේ නෑ. මම මගේ මහත්තයටයි පපි කීවේ. යනුවෙන් පවසද්දී තමයිලු කරුණු අවබෝධ වුණේ. මොකද මේ යුවල යුරෝපීය රටක සේවයට ගිහිල්ල නිවාඩුවට ලංකාවට ආ වෙලාවේ තමා මේ අනතුරට මුහුණ දීලා තියෙන්නේ. ඉතින් යුරෝපයේ කතා කරන භාෂාවම ලංකාවේදී භාවිතා කරපු නිසාලු ස්වාමි පුරුෂයාට පපි කියලා තියෙන්නේ.



අදහස් (7)

රිය අනතුරින් පසු එරොප්පේ වචන කතා කරන්න ගිහින් ජංජාලයක්

RAHEEM Monday, 14 August 2017 07:32 AM

ඔහේ පලයන්... ඒ රොප්පේ භාෂාවෙන් මිනිහට කියන්නේ පපී නම් බිරිඳට කියන්නේ සොපී කියලද?

:       1       85

Thusha Monday, 14 August 2017 10:06 AM

යුරෝපයේ චිරාත්කාලයක් ජීවත්වෙන උගත්, නිහතමානී මිනිසුන් ලංකාවට නිවාඩුවට ආපුවාම දන්නවා ලංකාවේදී හැසිරෙන විදිහ කතාබහ කරන විදිහ... සමහර කළු සුද්දෝ ලංකාවට ආපුවාම පෙන්නන්න හදනවා තමන් අනිකුත් අයට වඩා අමුතු ජාතියේ කොටසක් බව.. මට මතක් වෙනවා ප්‍රස්ථාව පිරුලක්." පිරුණු කලේ දිය නොසැලේ"

:       0       35

අසෝක ජයතිලක මිලානෝ Monday, 14 August 2017 12:58 PM

ඉතාලි ජාතිකයෝ ලංකාවට අවාම බොහෝම අමාරුවෙන් සහ අසාවෙන් අහම්බෙන් ඉගෙනගත් සිංහල වචනද භාවිතා කරමින් නිහතමානීව හැසිරුනත් අවුරුදු කීපයක් එහෙ සාදුකින් වැඩකර යන්තම් එකතු කරගත් මුදලින් නිවාඩුවට එන අය අනුන්ට පෙන්වන්න හදන්නේ තමන් කෝටිපතියන් බවයි. එයද මදිවී ඉංග්‍රීසියෙන්ද කතාකරන ආසාව පහළවී කතාකරන්න ගොස් හත්පොලේ ගාගනී.

:       0       33

අසෝක ජයතිලක මිලානෝ Monday, 14 August 2017 12:58 PM

ඉතාලි ජාතිකයෝ ලංකාවට අවාම බොහෝම අමාරුවෙන් සහ අසාවෙන් අහම්බෙන් ඉගෙනගත් සිංහල වචනද භාවිතා කරමින් නිහතමානීව හැසිරුණත් අවුරුදු කීපයක් එහෙ සාදුකින් වැඩකර යන්තම් එකතු කරගත් මුදලින් නිවාඩුවට එන අය අනුන්ට පෙන්වන්න හදන්නේ තමන් කෝටිපතියන් බවයි. එයද මදිවී ඉංග්‍රීසියෙන්ද කතාකරන ආසාව පහළවී කතාකරන්න ගොස් හත්පොලේ ගාගනී.

:       0       18

priyantha Monday, 14 August 2017 01:26 PM

අපේ ගෙදර පපී කියන්නේ බලුකුක්කට... අනේ ඉතින් මේ මහත්තයත් බලු පැටියෙක් වගේද?

:       1       42

AYESHA SILVSA Tuesday, 15 August 2017 07:11 AM

අයියෝ මේ මිනිස්සුන්ට සිංහලත් කතා කරන්න බැනේ රට ගියහම

:       0       43

hesa Sunday, 20 August 2017 04:04 PM

ඉතාලියේ විතරක් නෙවේ. මොන රටකට ගියත්, ලංකාවේම උන්නත්, කොහෙත් ඉන්නවා සිංහල උච්ඡාරණය බැරි, නමුත් සිංහල බසින්ම ඉගෙන ගත් බොරු සෝබන අය තමයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 524 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 569 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 656 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 896 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 499 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 870 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 111 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1312 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 335 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site