(නයිනමඩම - චන්දන ප්‍රනාන්දු)
යුරෝපීය රටක වචන උච්චාරණයක් ලංකාවේදී භාවිතා කරන්න ගොස් සිදුවූ අපූරු ජංජාලයක් පිළිබඳව සිදුවීමක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.
කොළඹ හලාවත මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන දෙකක් වෙන්නප්පුව නගරය ආසන්නයේදී අනතුරකට ලක්වීමෙන් වරද සිදුවූ යැයි හැඟෙන වාහනයේ සිටි තරුණ යුවළක් තමන්ගේ වරද පිළිබඳව අවබෝධයක් නැතිව ඉදිරියෙන් ගිය වාහනයේ රියැදුරාට හා පිරිසට දොස් කියමින් සිට ඇත.
මේ අවස්ථාවේ ඉදිරියෙන් ගිය රියැදුරා හා වාහනයේ සිටි අයෙක් අනතුරේ ස්වභාවය හා අනතුරේ වැරදිකරු ගැන අනතුරට ලක්කළ වාහනයේ සිටි යුවළට කොතරම් පැහැදිලි කරන්න උත්සාහ කළත් එය සාර්ථක වී නැත.
එහිදී එකවරම එහි සිටි තරුණ කාන්තාවක් පපිගේ වැරද්දක් නෑනේ පපි හොඳට වාහනය එළෙවුවනේ පපිට පුළුවන් කියලා දන්නවනේ. අනෙක පපිට ඔනේම රටක වාහන එළවන්න ලයිසන් තියෙනවනේ. ඒ නිසා පපි නම් වරද පිළිගන්න එපා යනුවෙන් පවසමින් සිටින ආකාරය කණ වැකුණු අනතුරට ලක්වී සිටි වාහනයේ දෙදෙනා එතකොට ඔයාලගේ තාත්තා වාහනේ එළවමින් ආවේ කෝ දැන් තාත්තා. ඔයාලා අනතුර වුණ ගමන්ම තාත්තා කොහෙද යැවුවේ යනුවෙන් ප්‍රශ්න ගොඩාක් අසා ඇත්තේ මෙම අනතුර ගොඩින් බේරා ගන්න බැරිවීම නිසා හා අනතුරෙන් තමන්ගේ වාහනයට වූ හානිය ගැන එම තරුණ යුවළ එතරම් සැලකිල්ලකින් කතා නොකිරීම හේතුවෙනි.
එහිදී තරුණ කාන්තාව මම පපි කීවේ අපේ තාත්තට නොවෙයි තාත්තා වාහනයේ හිටියේ නෑ. මම මගේ මහත්තයටයි පපි කීවේ. යනුවෙන් පවසද්දී තමයිලු කරුණු අවබෝධ වුණේ. මොකද මේ යුවල යුරෝපීය රටක සේවයට ගිහිල්ල නිවාඩුවට ලංකාවට ආ වෙලාවේ තමා මේ අනතුරට මුහුණ දීලා තියෙන්නේ. ඉතින් යුරෝපයේ කතා කරන භාෂාවම ලංකාවේදී භාවිතා කරපු නිසාලු ස්වාමි පුරුෂයාට පපි කියලා තියෙන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ පලයන්... ඒ රොප්පේ භාෂාවෙන් මිනිහට කියන්නේ පපී නම් බිරිඳට කියන්නේ සොපී කියලද?
යුරෝපයේ චිරාත්කාලයක් ජීවත්වෙන උගත්, නිහතමානී මිනිසුන් ලංකාවට නිවාඩුවට ආපුවාම දන්නවා ලංකාවේදී හැසිරෙන විදිහ කතාබහ කරන විදිහ... සමහර කළු සුද්දෝ ලංකාවට ආපුවාම පෙන්නන්න හදනවා තමන් අනිකුත් අයට වඩා අමුතු ජාතියේ කොටසක් බව.. මට මතක් වෙනවා ප්‍රස්ථාව පිරුලක්." පිරුණු කලේ දිය නොසැලේ"
ඉතාලි ජාතිකයෝ ලංකාවට අවාම බොහෝම අමාරුවෙන් සහ අසාවෙන් අහම්බෙන් ඉගෙනගත් සිංහල වචනද භාවිතා කරමින් නිහතමානීව හැසිරුනත් අවුරුදු කීපයක් එහෙ සාදුකින් වැඩකර යන්තම් එකතු කරගත් මුදලින් නිවාඩුවට එන අය අනුන්ට පෙන්වන්න හදන්නේ තමන් කෝටිපතියන් බවයි. එයද මදිවී ඉංග්‍රීසියෙන්ද කතාකරන ආසාව පහළවී කතාකරන්න ගොස් හත්පොලේ ගාගනී.
ඉතාලි ජාතිකයෝ ලංකාවට අවාම බොහෝම අමාරුවෙන් සහ අසාවෙන් අහම්බෙන් ඉගෙනගත් සිංහල වචනද භාවිතා කරමින් නිහතමානීව හැසිරුණත් අවුරුදු කීපයක් එහෙ සාදුකින් වැඩකර යන්තම් එකතු කරගත් මුදලින් නිවාඩුවට එන අය අනුන්ට පෙන්වන්න හදන්නේ තමන් කෝටිපතියන් බවයි. එයද මදිවී ඉංග්‍රීසියෙන්ද කතාකරන ආසාව පහළවී කතාකරන්න ගොස් හත්පොලේ ගාගනී.
අපේ ගෙදර පපී කියන්නේ බලුකුක්කට... අනේ ඉතින් මේ මහත්තයත් බලු පැටියෙක් වගේද?
අයියෝ මේ මිනිස්සුන්ට සිංහලත් කතා කරන්න බැනේ රට ගියහම
ඉතාලියේ විතරක් නෙවේ. මොන රටකට ගියත්, ලංකාවේම උන්නත්, කොහෙත් ඉන්නවා සිංහල උච්ඡාරණය බැරි, නමුත් සිංහල බසින්ම ඉගෙන ගත් බොරු සෝබන අය තමයි.