(බෙන්තොට ජේ. ඉඳුරුවගේ)
විදේශීය භාෂා දැනුම නැතත්, විදේශීය සංචාරකයනට මගපෙන්වන්නන් ලෙස කටයුතු කරමින් සංචාරකයන්ගෙන් කීයක් හෝ ලබා ගැනීමට පුරුදු වූ තරුණයෝ මෙරට සංචාරක පුරවරවල සිටිති.
එවැනි මගපෙන්වන්නකු විදේශීය සංචාරකයකුගේ ප‍්‍රශ්නයකට දුන් අපූරු හයිබි‍්‍රඩ් පිළිතුරක් ගැන දකුණේ සංචාරක පුරවර පෙදෙසකින් අසන්නට ලැබිණි.
මගපෙන්වන්නා සමග ප‍්‍රදේශයේ සිරි නරඹමින් ගමන් කරමින් සිටියේ ජර්මන් ජාතික යුවළකි. මාර්ගය අයිනේ සෙනඟ වටවී සිටි ස්ථානයක් දුටු විදේශිකයා ඔහුගේ භාෂාවෙන් හා අභිනයෙන් මග පෙන්වන්නාගෙන් සෙනඟ වටවී බලන්නේ මොනවා දැයි විමසීය.
මගපෙන්වන්නා වහාම එතනට කිට්ටු වී බැලූවිට එතන අහිකුණ්ඨික තරුණයකු නයෙකු හා රිළවකු නටවමින් සිටිනු දුටුවේය.
ඒ ගැන විදේශිකයාට කියන්නට ප‍්‍රමාණවත් විදේශ භාෂා දැනුමක් නොමැතිව සිටි මගපෙන්වන්නා, දිස් ඉස් නයාස් ඇන්ඞ් රිළාස් ඩාන්සින් යැයි උපායශීලීව පිළිතුරක් දුන්නේ අවට සිටි අය ද සිනහ ගන්වමිනි.
විදේශික යුවළද ඕයස් යයි කියමින් එතනට ළං වී නයි හා රිළා නැටුම බලා නයි නටවන්නාට ද මුදලක් දමා මගපෙන්වන්නා සමග මාර්ගයේ ඉදිරියට ගියේය.
පසුව මගපෙන්වන්නාගේ මිතුරන් ඔහුගෙන් මචං නයාස්, රිලාස් ඩාන්සින් බලමුද යයි ප‍්‍රශ්න කරන විට ඔහු දැන් තවත් අපූරු උත්තරයක් දෙනවාලූ.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
භාෂාව බැරිවෙලා සුද්දන්ට අලූත් නැටුමක් පෙන්නලා
himal Wednesday, 13 September 2017 09:17 AM
විදේශිකයන්ගේ භාෂාවක් වැරදි වැරදි හරි කතා කරනවට හිනා වෙන එකම රට ලංකාවද? ලෝකයේ වෙනත් රටවලත් සමහර වෙලාවට අපි ගියාම ඒ මිනිස්සු කැඩි කැඩි හරි අපේ භාෂාවෙන් කතා කරොත් අපිට කොච්චර සතුටුද?