ඔහු වයස්ගත පුද්ගලයෙකි. ගැමි ජනවහරේ එන වචන යොදා කතා කරීමට පුරුදුවූවෙකි. එසේවුව ද මෑත කාලයේ පටන් කනට ඇසෙන එක එක විදියේ ඉංග‍්‍රීසි වචන යොදා කතා කිරීමට උත්සාහ ගත්තේ මහත් අභිමානයෙන් යුතුවය.
එක් දවසක් ඔහු නගරයට ගොස් අවශ්‍ය භාණ්ඩ වර්ග කීපයක් ද මිලදී ගෙන නිවස වෙත පැමිණියේය. ඒ මොහොතේ සිය පුතු හදිසියේම ගමනක් යාමට යතුරුපැදිය පණගන්වන ආකාරය ඔහුට දක්නට ලැබුණි. පුතු අමතා ‘‘කොහේද බැහැරක්ද? හැබැයි බලාගෙන යන්නේ දැන් මම එනකොට රැබිට්ලා (හාවුන්) දෙන්නෙක් මේ පැත්තට එනවා දැක්කා’’ යැයි කීය.
පුතාට එය හරිහැටි නොතේරුන බැවින් ‘‘කවුද ආවේ’’ කියා ඔහු ඇසීය. ‘‘රැබිට්ලා දෙන්නෙක්’’ යනුවෙන් තාත්තා කීවේය. ‘‘ඒ මොකුන්ද?’’ පුතා නැවතත් ඇසීය.
‘‘මේ දැන් ආවා, පොලිසියේ රැබිට්ලා බං’’ යැයි තාත්තාගේ ප‍්‍රකාශයෙන් පුතාට සිනහා නවතා ගැනීමට නොහැකි විය. ‘‘රැබිට්ලා නෙවෙයි තාත්තේ ට‍්‍රැෆික්ලා’’ යනුවෙන් පුතා එය නිවැරදි කර කීවද පියා එය ගණන් නොගෙන ‘‘මොකුන් හරි ආපු එකනේ මම කිව්වේ’’ යනුවෙන් කේන්තියෙන් ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම අය වගේ ලියන්නේ මෝඩ අදහස්මනේ? (නි)
අපේ ටෙලි නාට්‍යවල වල ලොකු හයි ෆයි පවුල්වල එංගලනතේ ඉඳන් ආවයි කියන චරිත රඟපාන නළුනිලියන් වැරදි වචන, උච්චාරන හරියට පාවිච්චි කරනවා. ඕවා බලන නොදන්න තරුණ ළමයිනුත් ඒක හරියි කියලා එතැන් පටන් පාවිච්චි කරනවා. මේක සමාජයට දෙන වැරදි ආදර්ශයක්. පිටපතක් ලිව්වම හරි ඉංග්‍රිසි ලියන්නත් වගබලාගත යුතුයි. (අ)
ඉගෙනගැනීමට වයස් සීමාවක් නැහැ. වැරදි වැරදි හරි ඉංග්‍රීසි වැනි ජාත්‍යන්තර භාෂාවක් ඉගෙනගන්න උත්සාහ කරන එක හොඳයි. (නි)
මට නම් හොඳට ඉංග්‍රීසි පුළුවන් (නි)
ඉක්මනින් මුල අමතක වෙන්නේ මොන පැත්තේ අයටද කියලා දන්නවනේ (නි)
ඕක සිනාසිය යුතු කාරණයක් නෙමෙයිනේ.එහෙම බැලුවොත් කොච්චර ඉන්නවද අපේ මවු භාෂාවවත් හරියට උච්චාරණය කරගන්න බැරි අය.අන්න ඒ වගේ අයටනේ අපි හිනාවිය යුත්තේ.(අ)
රංගන ඔබ හරියට හරි. මමත් දැකලා තිබෙනවා. නිලියට හෝ නළුවාට හරියට උච්චාරණය බැරි නම් ඒ ගැන පොඩි පුහුණුවක් දීලා හරි නිවැරදිව ඉංග්‍රීසි දෙබස් කියව්වේ නම් හොඳයි. විශේෂයෙන්ම බහුතරයක් උදවිය ස්කුල් , ස්පීක් වගේ වචන ඉස්කුල් ඉස්පෝක් ආදී විදියට උච්චාරණය කරන්නේ. මොඩල් කියන වචනය මොඩලර් කියනවා. මේවා අහන දකින කුඩා ළමයින් පවා වැරදි උච්චාරණය ඉගෙන ගන්නවා. (අ)
අපි සිංහල කතා කරද්දි ඉංග්ලිෂ් වචන කොච්චර දානවද? ඇයි එතකොට ඒකෙ අනිත් පැත්ත කරපු පස් කමිං අවුට් කිව්ව එකා හත් පොලේ ගහන්න හැදුවේ? ලැජ්ජයි සිහලුනි (නදී)
ඉංග්රීසි චිත්‍රපටි වලට සිංහල උපසිරැසි දැමීම නතර කළයුතුයි. (නි)
මේවා සිනාසිය යුතු දේවල් නොවේ .වයසට යනවිට උච්චාරණය වෙනස් විය හැක.තරුණ අයත් "අපේ බැච් එක " වෙනුවට "අපේ බැජ් එක" කියලා කියන්නේ (නි)
භානු හරි ඉගෙන ගන්න වයස් සීමාවක් නැහැ. අපේ අම්මට වයස 74 යි. දැනට අවුරුද්දකට කලින් පිටරට ඉන්න අය්යාට ස්කයිප් කරන්න ඉගෙන ගන්න පරිගණක භාවිතය පටන් ගත්තා. දැන් එයාට වර්ඩ් පවර් පොයින්ට් ආදී පැකේජ් අන්තර් ජාලයේ තොරතුරු සොයන්න පුළුවන්. හදිස්සියට මගේ ලියුම් ටයිප් කරලාත් දෙනවා. වයසයි කියලා නිකම් හිටියා නම් මොකද ? ඉංග්‍රීසි ගැනත් මගේ අදහස් ඒකමයි. වැරදි වැරදි හරි ඉගෙන ගත්තොත් පාඩුවක් නැහැ. (අ)
මම දවසක් සීය කෙනෙකුගෙන් ඇහුව වට් හැපන්ඩ් සීයේ කියල ?සීයට හොදටම කේන්ති ගිහින් මට කිව්වා වට්ටපන් බලන්න කියල . (ස)
පහන්, කොහෙද අනේ ඔයා හිටියේ? ඔයාල නැතුව මේ තීරය පාළුවෙලා (නි)
ආ....නරි වරිගේ කෙනෙකුත් මිලානෝ වල ඉඳලා අදහස් දමලා තියෙන්නේ? (නි)
වැරදීම සිනාසිය යුතු දෙයක් නොවේ (නි)
ලංකාවේ ආණ්ඩුවේ ඉස්කෝල වල ඉගෙන සහ විශ්ව විද්‍යාල වලින් මෙහෙට සංක්‍රමණය වුන අයට ඉංග්‍රීසි ලොකු ප්‍රශ්නයක්. ඒ අයට මේ නිසා ඉගෙන ගත දේ ට අදාළ රැකියාවක් සොයා ගැනීමත් ප්‍රශ්නයක්. (නදී)
ජීවිත කාලයේම ඇත්තේ ඉගෙනගත යුතු ජීවිතයකි (නි)
අසෝකාගේ අදහස මම ගොඩක් අගය කරනවා !(අ)
තව සුප්‍රසිද්ධ තරුණ නිළියක් ඉන්නවා. එයාට (ලිප්ස්ටික්) කියන්න දන්නේ නැහැ. ලොකුවට ඇඳගෙන ඇවිල්ලා කියන්නේ ( ලිෆ්ටික්) කියලා. (නි)
ලංකාවේ ප්‍රවෘත්ති කියන අයත් වරද්දනවා නම් අනෙක් අය ගැන කවර කතාද? (නි)
ලංකාවේ කෙනෙක් වැරදියට ඉංග්‍රීසි කතා කලොත් උඩ පැන පැන කට්ටිය හිනා වෙනවා. මම ජීවත් වෙන රටේ ඉංග්‍රීසි මව් භාෂාව නොවන අයෙකු වැරදි වැරදි හරි ඉංග්‍රීසි කතා කලොත් ඒ උත්සාහය අගය කරමින් ඔහු කියන්නේ මොනවාදැයි තේරුම් ගැනීමට ඉතා සාවධානයෙන් මෙහි මිනිස්සු උත්සහ කරනවා. (අ)
මට නම් මේ පුවතට හිනා යන්නේ නැහැ. අපි ඉංග්‍රීසි විශාරදයන් නෙවෙයිනේ. උගන්නන ගමන් අපිත් තවම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. (අ)
මේ පුවතට තියෙන ප්‍රතිචාර බලන්නත් ආසයි. නමුත් අපේ වැඩි දෙනෙක් බලන්නේ සිංහල වැරදුනාට කමක් නෑ ඉංග්‍රීසි වරදින්න බෑ කියලයි. ඉංග්‍රීසි වුණත් විවිද රටවල ශබ්ද කරන හැටි, ලියන හැටි, තේරුම වෙනස්. උදාහරණ තමයි එංගලන්තය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව. බ්‍රිතාන්‍යයේ වුණත් විවිද ප්‍රදේශවල ශබ්ද වෙනස්. අපේ අයට ඕන අනෙක් කෙනා පහත් කරලා තමන් ලොකුයි කියල පෙන්නන්න. (අ)
ඉතින් හේවාවිතාරනගේ ඔය කියන බුද්ධිමත් අදහස අපිට දැනගන්න ලියන්නකෝ (නි)
නෙලුම්ගෙ කීම හරි,වැටෙන කොට හිනාවෙන්නයි අපේ ගොඩක් අයබලා ඉන්නෙ. (අ)
නියම කතාවක්! (නි)
මේක පොඩි වැරදීමක්. හිනාවෙන්න දෙයක් නෙමෙයි නේද? මොකද අපි ඔක්කොම සියල්ල දත් නොවේනේ (නි)
මේක සුළු දෙයක් (රොහාන්) (නදී)
අපේ රටේ උදවියගේ ඉංග්‍රීසි දැනුම ඉංග්‍රීසි මව් භාෂාව නොවූ බොහෝ රටවල අයට වඩා ඉහල මට්ටමක තියෙන්නේ. මාත් සමග ඉන්දියන් ජාතිකයන් රැසක් වැඩ කරනවා. ඔවුන්ගේ ඉංග්‍රීසි උච්චාරණය හරිම අපැහැදිලියි. ර ශබ්ධය හැම වචනයකම. දැන් ලඟදි නේද අපේ කෙනෙක් ඉංග්‍රීසි කථික තරඟයකින් ලෝකයේ පළවෙනියා වුනේ. ඉතින් ඇයි අපි අපිවම පහතට හෙලා ගන්නේ. ? (අ)
පුතා තාත්තාව නිවරදි කළ හැටිත් එච්චරම නිවැරදි නැහැ. (නි)
මට නම් පිටරට ඉන්න කාවවත් ඇලජික් නැහැ. නන්දන පනාගොඩ මිලානෝ, ඔබගේ අදහස් මම මිට කලිනුත් දැක තිබෙනවා. ඔබ රැකියාව කරන තැන පවතින දැඩි දුර්ගන්දය හේතුකොටගෙන දෝ මිනිස් වර්ගයා පිලිබඳ කිසියම් වූ වයිරයකින් ඔබ සිටින බව පෙනෙන්න තිබෙනවා. ඔබව යහමගට ගැනීමේ පරමාර්ථයෙනුයි මගේ ඒ කලින් අදහස ඉදිරිපත් කලේ. එකම ස්ථානයේ රැකියාව කරන ඔහුගේ සගයින්ගේ අදහස් මට එතරම් වැදගත් නැහැ. (නදී)
වෙන කෙනෙක් සිනාසුනා නම් කමක් නැහැ.පුතා හිනා වෙලා පත්තරෙත් දමල. කාටද ආඩම්බර?(අ)
කවුරුවත් මේ පුවතේ අරුත තේරුම්ගන්නේ නැති හැටි? (නි)
කෝ අද රූපවතී අක්කගේ ප්‍රතිචාර නැහැනේ (නදී)
මිලානෝ,සුද්දෙකුත් අදහසක් දමල, අපට හිතාගන්න පුළුවන් ඒ කළු සුද්දගේ තරම. මිලානෝ වල කිව්වට අදහස නම්, අන්ගෙන්ම ආපු එකක්. ආරේ ගති නෑරේ කියන්නේ ඕවට තමයි. (අ)
රංගන, නිශානි ඔබ දෙදෙනා ටෙලි නාට්‍ය බලන අතර ඉතා සියුම්ව මේවා ගැනත් අවධානය යොමු කර ඇති බවක් පේනවා. ලස්සන උස නළුවෙක් ඉන්නවා එයා සොරි කියන එකට කියන්නේ ශොරි කියලා. ගෝඩ් ලෝඩ් කියන කොටත් හරි තැන හරි උච්චාරණ නාවොත් වැරදී තෙරුමක්නේ දෙන්නේ. ශාලාවක් ළඟට ආපු දෙන්නෙක්ව හොයන කෙනෙකුට කිව්වලු." අයි සෝ දෙම් ගොයින්ග් ඉන් ටු ද හෝල් ඒ කියන්නේ හිලක් ඇතුලට ගියා කියන හැගිමක්ලු ලැබිලා තියෙන්නේ. (නදී)
මේ සිද්ධිය මට දැනගන්න ලැබුණේ මම සෞදියේ ජෙඩා නගරයේ සේවය කරපු කාලේ, දිනක් එම සමාගමේ සේවය කල බංගලාදේශ ජාතිකයෙක් ඔහුගේ ප්‍රධානියා වෙත පැමිණ තම මවුබිමට යාමට අවසර ඉල්ලා තිබුනද නිවාඩු අනුමතවී නොතිබිණි, ඔහුට පසු පැමිණි සේවකයෝ ඒ වනවිටත් නිවාඩු ගොස් තිබුණි, තරමක් කේන්තියෙන් ප්‍රධානියා වෙත පැමිණ ඔහු කියා සිටියේ හැමෝම නිවාඩු යනවා ඇයි මාව යවන්නේ නැත්තේ කියාය, ඔහු ඉංග්‍රීසියෙන් ප්‍රධානියා අමතා සර්, ඒව්රි බොඩි ගොයින් වැකේෂන් වයි මයි බොඩි නොට් ගොයින් යනුවෙනි,(අ)
තමාගේ තාත්තාට තමාම අපහාස කරන එක හොද දෙයක් නෙවෙයි. (අ)
මෙහෙම වැරදි වැරදි හරි ඉංග්‍රීසි කතාකරන්න උත්සහදරනවා නම් අපි එම මනුස්සයට හිනා නොවී කියාදෙන්න ඕනේ. චීන්නුන්ට,ජපනුන්ට,ප්‍රංසජාතින්ට, අරාබිකරයේ බහුතරයකට වම දකුණ ඔව් නෑ කියා තේරුමවත් දන්නේ නැහැ. (අ)
පහන් ඔය ගොඩ දවසකින් ඇවිත් අපිව හිනැස්සුව නේද...? දිගටම ලියන්න (අ)
පහන් ගේ කතාවට මට හිනාව නවත්ත ගන්න බැරුව ගියා (අ)
ඉතාලියේ ඉන්න සමහර ලංකාවේදී ඉංග්‍රීසි මෙලෝ හසරක් නොදත් අයත් ලංකාවට ගියාම බැරි බැරි ගානේ ඉංග්‍රීසි කතා කරන්න ගිහිල්ල හත්පොලේ ගා ගන්නවා. ඒ අය හිතන්නේ මුහුඳෙන් එහාට ගිය ගමන් ඉබේම ඉංග්‍රීසි කතා කෙරෙනවා කියලා. (අ)
දෙයක් වැරදුනාම හිනා වෙන්න හොද නැහැ.., අනුන්ට හිනා වෙලා හෝ රිදවල ලබන සතුට තාවකාලිකයි...!! අනෙක වැරදිලා තියෙන්නේ ඉංග්‍රීසි මිසක් සිංහල නොවෙයිනේ.....? (අ)
රංගන, කිශානි ඔබ දෙපලගේ කතාවන් සම්පූර්ණ ඇත්ත. අපි ලොකුවට හිතාගෙන ඉන්න සමහර නළු නිලියන් ඉතාමත්ම සරල ඉංග්‍රීසි වචන වැරදි විධියට උච්චාරණය කරන විධිය ඇහුවම අපටම ලජ්ජා හිතෙනවා. සමහර උද්වේගකර සහ ප්‍රේමනීය ජවනිකා මේ විදියට 'ඉස්කූල්' 'ඉස්ටොප්' වැනි උච්චාරණ නිසා හාස්‍යයෙන් කෙලවර වන්නේ. අධ්‍යක්ෂක බලාපොරොත්තු වෙන දෙය ප්‍රේක්ෂකයාට ලැබෙන්නේ නැහැ බක බක ගාලා බඩ අල්ලාගෙන හිනා වෙනවා මිසක්. (නදී)
මිලානෝ වල බල්ලා බුරන්නෙත් ලංකාවේ බල්ලා බුරන විදිහටම තමයි නේද? වෙනසකට තියෙන්නේ සද්දේ ටිකක් වැඩියි. සමහර විට එහෙ කන කෑමට වෙන්න ඇති. (ස)
ඉතාලියේ අය නම් ඉංග්‍රීසි කතා කරනකොට ඒවායේ අරුත අසභ්‍යයි වගේ. සමහර වචන උච්චාරණය කරන ආකාරය වෙනස් (නි)
අපේ මව් භාෂාව සිංහල නිසා වෙන ඕඈම භාෂාවක් ඉගෙන ගන්න කොට වැරදි සිදු වෙනවා. (අ)
ලංකාවේ අයට ඉංග්‍රීසි කිව්වම හරි ලොකුයි. සිංහල වචන පහෙන් තුනක්ම ඉංග්‍රීසි දාල සිංග්ලිෂ් තමා කතා කරන්නේ. එත් යුරෝපයේ රටවල් වල මේ තත්වය වෙනස්. ඔවුන් තමාගේ මව් බසට ඉංග්‍රීසි එකතු කරලා කතා කරන්නේ නැහැ. ඉංග්‍රීසි වැඩිය ගණන් ගන්නේ නැහැ. (ස)
කොහේ ගියත් මෙහෙමනේ (දී)
මෙය සිනහ විය යුතු දෙයක්වත්, විමර්ශනයකට භාජනය විය යුත්තක්වත් නොවේ. මේ වැනි සුළු දේවල් වලටත් හිනාවෙන එක අපේ රටේ බහුතරයකගේ පුරුද්දක්. පුතා හිනාවෙලා ඒ මදිවට පත්තරේටත් දානව කියන්නේ මොන අසමත්ජාති වැඩක්ද. බරක් ඔබාමා ටත් ඉංගිරීසි වරදින එකේ මේක සුළු වැරැද්දක්, සාමාන්‍ය දෙයක්. (නදී)
හැමෝම තමන්ගේ ස්වාධීන අදහස් පල කරද්දී සංජය කියන කෙනා විතරක් ලියපු අයගේ හතර වරිගේ පරික්ෂා කරන්න පටන් අරගෙන. මට මතකයි මෙයා මීට කලිනුත් පුවතකට වෙනත් රටක ඉඳල අදහස් පල කළා. කෙනෙකුට උපහාස කතාවක් කිව්වා. . මම හිතන්නේ පිටරට සිට ලියන අයව ඇලර්ජික් ද කොහෙද .(අ)
මෙතන බුද්ධිමත් සංවාදයක් ඇතිවේගෙන එනකොටම අර "පිටරට " ඇලර්ජික් සංජය පැනලා මෙතනත් කෑවා. කලින් පුවතකත් ඔය ටිකමයි වුනේ.(අ)
දැන්වත් කට්ටිය වාද විවාද නවත්වලා නිදාගත්තොත් නේද හොඳ? (නි)
අපි හිනාවෙන්න ඕනේ අපිට හරියට සිංහල බැරිනම්; එ්ක තමයි අපේ මව්බස! ඉංග්‍රීසි ඊට පස්සේ: ඒක වැරදුනාට හරියට ශබ්ද කරන්න බැරි උනාට හිනාවෙන්න දෙයක් නැහැ! මේ රටේ සිංහල කියන දරුවන්ට තියා සමහර දෙමව්පියන්ටත් හරියට සිංහල බැරිකොට! (ස)
පවු. වචනයක් වැරදුනා කියලා හිනාවෙන්න එපා (නි)
පහන් කාලෙකින් නේද? ෂෙරිෆ් ගේ කතාවටත්, පහන්ගේ කතාවටත් හොදටම හිනාවුණා. (නදී)
අපේ එප්.එම් සුකිරිබටිල්ලන්ගේ කතා අස අසා හිටියොත් ඔය වගේ වැරදි ඕනේ තරම් අල්ලගන්න පුළුවන්. උන් සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම මරණවා. (නදී)
ඉතින් මේක උපහාසයට ලක් කරන්න ඕනද ? අපි කතා කරන්නේ බකිංහැම් මාළිගයේ ඉංග්‍රීසිද ? (ස)
මම අසා ඇති පරිදි විදේශීය භාෂාවක් කතාකරන විට වැරදුනොත් තමන්ගේම මිනිසුන්ට හිනාවෙන එකම ජාතිය අපේ අය පමණයි! (නි)
මේක විහිලුවට ලක් කරන්න ඕන දෙයක් නෙවෙයි. මම ඉන්න රටේ විවිධ ජාතින් කැඩිච්ච ඉංග්‍රීසි වලින් කතා කරද්දී ඉංග්‍රීසි මව් භාෂාව වූ උදවිය ඉතා සාවධානව ඔවුන් කියන්නේ මොකද්ද කියල අසාගෙන සිටිනවා. පුළුවන් හැටියට ඉංග්‍රීසි කතා කිරීම ගැන අගය කරනවා. (ස)
1948 දී ලංකාවෙන් සුද්දෝ පිටව යනවිට අපේ මිනිසුන්ට තදබල හූනියමක් කරලා ගිහින්ද කොහේද? ඉංග්‍රීසියෙන් කියන ඒවා අපේ මිනිසුන්ට තේරෙන්නත් හැබැයි නැවත උත්තර දෙන්න බැරිවෙන්නත්. (නි)
එකිනෙකාට අපහාස කරගන්නේ මෝඩයෝයි. මොවුන්ට ඉංග්‍රීසි තියා සිංහලවත් හරියට බැහැ. (නි)
මම ස්වෙච්චා සේවයක් විදියට වැඩිහිටියන් කිහිප දෙනෙකුට ඉංග්‍රීසි භාෂාව සඳහා සති අන්තයේ උදව් කරනවා. ඔවුන්ගෙන් සමහරු සීයලා ආච්චිලා. ඒත් ඔවුන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබෙන උනන්දුව තරුණ අයට වඩා වැඩියි. (අ)
ලංකාවේ වගේම පිටරටවල වලටත් දැන් විවිධ වර්ගවල මිනිසුන් ගොඩබැස තියනවා. එහෙම අය ලංකාවේ හිටියත් පිටරට හිටියත් බුරනවට හෝ හු කියනවට වැඩිය දෙයක් කරන්න බැහැ. මමත් ඉන්නේ මිලාන් වල තමයි. ලංකාවෙන් හුරතලේට ඇතිකරන්න ගෙනාපු බල්ලෙක් මෙහෙත් ඉන්නවා. ඒ බලු කරදරේ තමයි ඉවසන්නම බැරි.(අ)
මේක සිනාවිය යුතු කාරණාවක් නොවේ (නි)
අනේ යන්න රවී මෙතන නිකම් බොරු කතා කියන්නේ නැතුව (නි)
මෙන්න පුත්තු.තාත්තගේ නම හොඳට රකිනවා. (අ)
ගණන් ගන්න එපා. අපි ඔහොම යමු... (නි)
අනෙක් කෙනෙකුට ඉංග්‍රීසි බැරි වුණා කියල හිනා වෙන්න අපි ඉංග්‍රීසි විශාරද ෂඩ් භාෂා පරමේශ්වර ද ? (අ)