විදේශ රටක සිට තම ලොකු දුව එවූ බීම කුඩු පැකට්ටුවක් සුවඳ දුම් කුඩු යැයි සිතා ගිනි කබලක දමා දුම් ගැසු පියකු පිළිබඳව අපූරු පුවතක් තංගල්ලට නුදුරු ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබිණි.
අගනුවර ප‍්‍රධාන පෙළේ ආයතනයක සේවය කළ මෙම දියණිය විදේශ රටක සේවය කරන නිලධාරියෙකු හා මිතුරුවී විවාහයෙන් පසු එතෙර පදිංචියට ගියාය.
එහි ගිය පසු පවුලේ අයට විවිධ දේ පාර්සල්කොට එවූ ඇය පසුගියදා විවිධ වර්ගයේ කුඩා බීම සහ විලවුන් වර්ග එවා තිබිණි. ඒවා අතර සුවඳ කුඩු පාර්සලයක්ද විය.
එහි වූ උපදෙස් කියවා ගත නොහැකිවූ පියා පිටත තිබූ ඡුායාරූප ඇසුරින් මෙය නිවාසවල අපල දුරු කිරීමට ගන්නා සුවඳ කුඩු බව හඳුනාගෙන ගිනි කබලට දමා නිවෙස දුම් ගැස්සුවේය.
දියණිය ගෙදරට කතා කළ දිනෙක මේ ගැන කීවිට දුව පැවසුවේ මෙය රසවත් බීමක් සඳහා වු කුඩු වර්ගයක් බවය. එහෙත් මෙය නොපිළිගත් පියා ඒවායේ දුම් ඇල්ලීමෙන් නිවසේ සියලූ අපල උපද්‍රව නැතිවී ගිය බව දුවට කීවාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘතිම පාන වර්ග අැඟට අගුණයි. (නි)
මේ වගේ දුලා හදපු එකේ වැරැද්ද තාත්තගේ නේද? මොනවාහරි දෙනකොට විස්තර කරලා එවන්න තිබුනානේ (නි)
කොහොම නමුත් හොඳ දෙයක් වෙලා තියෙනවා. මෙය පානය කළා නම් අපල වැඩි වෙනවා. (ස)
අනේ මේ කව්ද මගේ නමින් ලියන්නේ? මං ගොඩක් ආදරෙන් කියන්නේ, අර සමදරාට කළ දේ මට කරන්න එපා. (නි)
මටනම් ඒ පියා ගැන ආඩම්බරයි . ඔහු මව සොයාගැනීමක් කරලා තියන්නේ. ඔය විස සහිත රට කිරි පිටි වඩාත්ම සුදුසු වන්නේ අපල දුරුකරගැනීමට දුම් ඇල්ලීමටයි. මෙය නවතම සොයා ගැනීමක්. ඔහු එය තහවුරු කරලත් තියෙනවා. ඉතින් අපි හැමෝම ඒ පියාට සුභ පතමු . (දී)
අම්බලන්ගොඩ ඉන්දු සමග මම එකඟ වෙනවා. මේ දේවල් බොනවට වඩා දුම් ඇල්ලීමට ගත්ත එක හොඳයි. (ස)
මටත් මේ තාත්තා ගැන දුකක් තමා හිතෙන්නේ.හැබැයි මුලු ගෙදරම පළතුරු සුවඳ ඇති. ඒකත් නරක නෑ. පුංචි වෙනසකට වගේ. (ස)
මෙතන මට නම් පෙනෙන්නේ පියාගේ නොදැනුවත්කමට වඩා, ඉගෙනගත්ත දුවගේ නොදැනුවත්කමයි. අපිට වඩා හොඳින් දෙමවුපියන් ගැන දන්නේ එයානේ. ඉතින් එයාට හිතාගන්න බැරි වුණාද කියවගන්න බැරි දෙයක් යැව්වම තාත්තට ඒක තේරුම් ගන්න බැරිවෙයි කියලා. (නි)
එක තාත්තා කෙනෙක් තමන්ගේ රට ඉන්න දුවට ලිපියක් යවලා කියලා තිබුණලු, 'සිංහලෙන් කතා කරන රේඩියෝ එකක් මිසක් ඔය දෙමළෙන්,ඉංග්‍රීසියෙන් කතාකරන ඒවා එපා කියලා' (නි)
අපි මේ වගේ දේවල් වලට හිනාවෙන්න නරකයි. (නි)
සිංහල අයගේ තිබෙන නුවණක්කාරකම තමයි මේවායින් මොනවට පැහැදිලි වෙන්නේ. (නි)
නිකන් විකාර කියවන්න එපා. අපේ වයසක දෙමාපියන් රට වැඩ දන්නේ නැහැ. ඒක නිසා දෙමාපියන්ට වරදිනවා.එයාලට ගරහන්න එපා. පව්. (නි)
එම තාත්ත අන්ධ මත විශ්වාසකරන කෙනෙක්දද (දී)
ඔය නම් කිව්වේ අපේ මාමණ්ඩිය ගැන වගේ කතාවක්. අපේ මාමණ්ඩි ජීවිතේටම බටර් හෙවත් මාගරින් දැකල තිබුණ් නැහැ .මගේ නෑනා ගෙනාපු බටර් කෑල්ල සබන් කියල හිතාගෙන සරමක් හෝදලා තිබුණා. අදටත් ඒ ගැන මතක් වෙලා අපි හිනා වෙනවා. (ස)
මොකක්ද හිල්මි ඉන්දියන් හමුදාව අපේ රටට ආවේ. කවද්ද සුනාමි වලට ද (ස)
චන්දි, බොරු නොකිය ඉන්න. මේක වෙලා තියෙන්නේ ඔයාටනේ . ඔයාගේ නෑනා මට කිව්වා. ඔයාගේ නම් හැඳි මිටේ මොලේ. (ස)
බෙන්තර ගඟෙන් එහා පැත්තෙ මේවා අරුම පුදුම දේවල් නෙමෙයි.(නදී)
අම්මෝ! මේ චන්දි අක්කා බොරු හද හදා කියනවා. පොල් ප්‍රශ්නයකට මහත්තයා අල්ල ගත්තා. දැන් මාමණ්ඩි අල්ලගෙන (නි)
චන්දි, හැමදාම මොකක් හරි බොරුවක් ලියනවා. (ස)
අනේ සුලොච්, මට නම් ඔය ගැන හරිම දුකයි. මොකද ඔය වගේ නුවණක්කාරයෙක් මේ ලංකාවේ ඉපදුන නිසා. පව්!!!! (නි)
මට නම් ඒ කතාවේ තිබෙන දේ ටිකක් සංවේදියි. අපි මොනවා කිවුවත් කළත් අපේ තත්ත්වයත් ඕකම තමයි. ඒ පියා දුව රට යවන්න උගන්වන්න කෙතරම් වෙහෙසක් ගන්න ඇද්ද? (නි)
අනේ මට නම් දුක හිතුනා මේ තාත්තා ගැන (නි)
මට නම් තාත්තා ගැන දුක හිතුණා (නි)
ඔය ඉන්දියන් හමුදාව අපේ රටේ ඉන්න කාලේ බිත්තර ෂැම්පු බීපු කතාව ඔයාලට මතක නැද්ද? (නි)
එහෙනම් මම බොරුනේ කියන්නේ. මම නොලිය ඉන්නම් වැඩේ හරිනේ. බෙන්තර ගඟෙන් එහා ඉපදුන අය වැදගත් මිනිස්සු. අපි බොරු කියල ඔයාලගෙන් සල්ලි ගන්නද ? (ස)
මේකට මෙම මනුස්සයට හිනා වෙලා, මෝඩයා කියල වැඩක් නැහැ. රට ගිහින් පියාට එවන්න තිබුණේ පියා දන්නා දෙයක්. අඩුම ගානේ අතිවිශේෂ දෙයක්. (ස)
පියාට තව ටිකක් කල්පනා කරන්න තිබුණනේ (නි)
බොරුවක් ඇත්ත වගේ ලියන්න පුළුවන් කමත් දක්ෂ කමක් නෙවෙයිද ආයිබෝවන්? (ස)