මාවනැල්ල ප‍්‍රදේශයේ එක්තරා ගමක මැදි වයසේ පසු වූ පුද්ගලයෙකි. තිදරු පියකු වූ හෙතෙම බැංකුව වෙත ගියේ තමන්ට ලැබුණු චෙක් පත මාරු කර තම බැංකු ගිණුමට බැර කිරීමටය. එහි ගිය ඔහුට ගමන් මල්ල පරීක්‍ෂා කර බලද්දී දෙලොව රත්විය.
චෙක්පත නැති බව ඒත්තු ගියේය. පසුව ඔහු බැංකුවේ සිටම සිය බිරියට දුරකථන ඇමතුමක් දුන්නේය. ‘‘මට චැක් එක ගෙන්න අමතක වුණා. දැන් පන්සලේ හාමුදුරුවෝ ටවුමේ පිරිවෙනට එන වේලාව ඒ ත‍්‍රීවිල් එකේ පරිස්සමට ඔතලා ඔය චැක් එක එවන්න’’ තම සැමියාට අතපසු වුණු චෙක්පතට බිරිය සිතා ඇත්තේ වාහනයේ ජැක් එක කියායි.
ඒ වන විටත් නිවසේ ඇති අබලන් වාහනයට ජැක් එක සවි කර ඉදිරිපස රෝද ගලවා තිබූ අතර ඇය අසල්වැසි වැඩිහිටියකුගේ උදව් ඇතිව ජැක් එක ගලවා පාර්සල් කර සුරක්‍ෂිතව පිරිවෙන් යෑමට පැමිණි හමුදුරුවන්ගේ ත‍්‍රීරෝදයට දමා පිටත් කළාය. නගරයේ සිටි සැමියා ත‍්‍රීරෝද රිය එනු දැක සිනාවකින් ඒ අසලට පැමිණියේය.
”දැන් ඉතින් බා ගන්න” යැයි ඔහුට පවසද්දී ඔහු එකවරම වාහනයේ ජැක් එක දැක තිගැස්සී බලන කල්හි චෙක් එකට බිරිය එවා ඇත්තේ ජැක් එක නිසා කර කියා ගැනීමට දෙයක් නොමැති කල්හි හෙමින් ජැක් එක බා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ සල්ලි... (ම)
ඇඬෙනවා (බ)
බිරිඳ නිතරම බස්වල යන කෙනෙක්ද දන්නේ නෑ... (ර)
"ජැක් ඇන්ඩ් ජිල් , වෙන්ට් අප් ද හිල්" කිව්වලු (බ)
වැඩේටනම් සිනහ යනවා . එහෙත් කොමන්ට් දැක්කම නම් කලකිරෙනවා. බවලත් උදවියට සමච්චල් කරන්නේ ඔය ලියන අයගේ මවත් ඒ ගනයේ කියලා නොදැනද.? (ර)
මනෝරි ට දැන් බුබායිවල ඇත්තේ පොරක් ලිෆ්ට් එකක් වෙන්න ඇති.? (ර)
සමදරා, මනෝරි දැන් පරණ තිබුන ජැක් ගැන කල්පනා කරනවා නේද? (නි)
කාන්තාවන්ට වගකීම් පැවරීම තවම නොකළ යුතුයි මේකෙන් හැමෝම අදහස් කරන්නේ නැහැ නමුත් බහුතරයක් එහෙමයි (බ)
මෙහෙමයි, අපේ සිංහල භාෂාවේ අඩුවක් තියෙන බව පේනවා මෙවැනි දෙයකට (චෙක්) සිංහල වචනයක් නොමැති කමින් (බ)
අයියෝ සල්ලි (නදී)
ගම්වල ඉන්නා ගැමියන් සහ ඔවුන්ගේ බිරින්දන් ඔය ඉංග්‍රිසි වචන ගෙන උච්චාරණය ගෙන නොදෙනීම නිසා සිදුවූ වැරද්දක් , චෙක් පොතවත් කියා පැහැදිලි කරානම් වරදින්නේ නැහැ. එතකොට පොතක් කියා විමසා අහනවා සොයනවා (ම)
ගණන් ගන්න එපා ඔහොම දේවල්ද වැරදෙන්නේ... (ර)
හොඳ වැඩේ පඬිය වගේ චෙක් එක නොකිය චැක් එක කිව්වට... (ර)
ගණන් ගන්න එපා සුබෝදිනි, මාතෘකාව වෙනතකට හරවන එක එයාගේ සසර පුරුද්දලු (නි)
මටත් ඉස්සර වැඩට යන කොට හොද ජැක් එකක් තිබුනා (නදී)
චෙක් එක දන්නේ නැතුව මෙයා ජැක් එක දන්නේ කොහොමද දන්නේ නැහැ (ම)
අයියෝ, බවලත් කෙනෙක් වැඩකට අත ගැහුවොත් ඉතින් හබක් තමයි (නදී)
පොඩි ජැක් එකක් වෙන්න ඇති. ඒකයි ත්‍රීරෝද රියේ යවන්න පුළුවන් වුණේ (නි)
දැන් මෙතන කතාව තියෙන්නේ චෙක් එකක් සහ ජැක් එකක් ගැනයි.සමදරා මොකද වලිගය පාගාගෙන ඉන්නේ? (නි)
බිරිඳ නිතරම බස් වල යන කෙනෙක්ද දන්නේ නැහැ, කියලා සමදරා ඇහුවේ මොනවා මතක්වෙලාද දන්නේ නැහැ. (නි)
සමන්ති තමයි හරියටම තේරුම් අරගෙන තියෙන්නේ (නි)
හාමිනේ ටිකක් මෝඩයි,සැමියාගෙන් අහන්න තිබුනේ "මහත්තය බැංකුවට නේ යනවා කීවේ,ඉතින් දැන් මොකටද ජැක් එක ගෙන්න කියන්නේ "කියල, (බ)
මනෝරි,ලංකාවෙදිද? දුබායි වලදීද....? ලංකාවෙ නම් පංචිකාවත්තේ පාර්ට්ස් තිබෙනවා. ඔය වැලි කතරේ නම් ඉතින් කොහෙන් හොයන්නද? (නි)
දැන් ඉතින් මේ දෙන්නට පස්සේ මේක මතක්වෙලා සිනහ වේවි. (නි)
හාමිනේ හිතුවද දන්නේ නේ , එයාගේ සැමියා බැංකුවේ කාට හරි ජැක් එකක් ගහන්න යනවා කියලා (හේ)