රත්තරං මාල වළලූ භාණ්ඩ මිලට ගැනීමට වයඹ ප‍්‍රදේශයේ පිටිසර ගම් ප‍්‍රදේශයකට ගිය තරුණ වෙළෙන්ඳන් දෙදෙනකු ගම පුරා රන් භාණ්ඩ සොයා ඇවිද යද්දී විදේශ රටකට ගොස් ආපසු පැමිණි තරුණියක් ළඟ තිබූ රන්මාලයක වටිනාකම දැන ගැනීමේ අදහසින් ඇය එය වෙළෙන්දන්ට පෙන්වා ඇත.
වෙළෙන්දන් රන්මාලය අතට ගෙන ඔවුන් ළඟ තබාගෙන සිටි රන් ආලේපිත බාල වර්ගයේ මාලයක් කොළයක අකුලාදී මෙය දින තුනක් යනතුරු අකුලා තබන මෙන් පවසා තරුණිය ගේ රන්මාලය රැුගෙන යතුරු පැදියේ නැගී වේගයෙන් ගොස් ඇති බව පැවැසේ.
රුපියල් අසූ දාහක් (80,000) පමණ වටිනා රන්මාලය අහිමි කරගත් තරුණිය කරකියා ගතහැකි දෙයක් නොමැතිව කණස්සල්ලෙන් පසුවෙයි.
සිද්ධිය පිළිබඳව රිදීගම පොලිසියට පැමිණිලිකොට ඇතත් මේ දක්වා මාල හොරු සම්බන්ධව කිසිම හෝඩුවාවක් නැතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙහාන් ගේ කවියට මට හිනා යනවා. (අ)
කොහොමද මෙහෙම හුවමාරුවක් කළේ තරුණිය බලා ඉන්දෙද්දීම ? එහෙම නම් ඒ තරුණිය මාලය තරුණයන් අතේ තියෙද්දී එතනින් ටික වෙලාවකට හරි බැහැර වෙන්න ඇති. මාලය අතේ තියාගෙන තරුණියගෙන් බොන්න වතුර ඉල්ලුවාද දන්නේ නැහැ. (දිල්)
පුදුම දේවල්නේ දැන් අහන්න තියෙන්නේ (නි)
අපේ අක්කලත් ඉතින් රට ගිහින් ආවහම තියන බඩු ටික අනිත් අයට පෙන්වනකම් ඉවසිල්ලක් නැහැ. මම දන්නා ගැහැනු කෙනෙක් ඉන්නවා ලංකාවේ හරි දුප්පත්. දැන් රට ගිහින් අවුරුදු 25ක් විතර වෙනවා. ලගදී ගෙදර ආවා. ඇවිත් කියනවා අම්මෝ රස්නේ මට නම් මෙහෙ ඉන්න බැහැ ඉක්මනටම නැවත යන්න ඕනෙලු, මට කියන්න හිතුනා (නදී)
කොච්චර ආභරණ පලන්දාගෙන සැරසිලා හිටියත් මෝඩකම වහන්කරන්න බැ .කොහොම නමුත් ඔයදේ කරපු අය රන් ආභරණ සම්බන්ද විශේෂ හොරු ජාතියක්. ඔවුන් නැවත නැවතත් කුමන හෝ මේ ආකාරයේ හොරකමක් කරනු ඇති ..කල්පනාවෙන් .....(නදී)
ගැහැණියගේ නුවණ හැඳි මිටේ කිවුවලුනේ (නි)
මේ සිද්දිය වගේම දෙයක් අපේ ගෙවල් ලග නැන්දා කෙනෙකුටත් උනා හොරාව නම් තවම ඇල්ලුවේ නැහැ (දී)
ඇයි කාන්තාවන් මෙච්චර මෝඩ වැඩ කරන්නේ? (නි)
අපේ ගමෙත් රට ගිහින් ආ කෙනෙකුට ඔයදේම වුණා (නි)
නුවණ හැඳි මිටේ දිගලුනේ ඉතින්. හැබැයි ගයානිගේ කවිය නම් මරු. (නදී)
සුදුම සුදු සමදරා නැන්දේ දැන් එන්න කල් හරි නේද? (දී)
'වන්නි තිලක්' දැන් නොම එයි මේ පැත්තේ. එනමුත් 'බන්දුලගේ' සලකුණු මෙහි ඇත්තේ. තැබුවට වෙන කෙනෙක් හයියක් නැති අත්තේ. තම සතු වටින දෙය තමනුයි රැක යුත්තේ (නදී)
ලංකා තිලක් ඉස්සර ආවේ වන්නි තිලක් කියලා. මෑන් ඉන්නේ කැනඩාවේ මයේ හිතේ. ඔවු ටිකක් වයසක මෑන් (දී)
රුපියල් අසූ දාහක් (80,000) පමණ වටිනා මාලයක් (දී)
රත්තරන් ගැන කාන්තාවන් දන්නේ නැහැ කියුවහම පුදුමයිනේ (දී)
ගමේ ගොඩේ ගෙයි මුල්ලේ ලජ්ජා බයට හැදුනු ගැණු ළමයි ඔහොම්මම තමයි.නිකම්ම රැවටෙනවා..ඉතින් කවුද මේ ගනු ළමය..??? කුසුම්ද අනුශ්කද නෙලුම්ද පහින්දිදීද එහෙම නැත්නං නීලුද..සමහර විට චම්පිකා වෙන්නත් ඇති.. (දී)
මලෙන් ගියා ඇති. (අ)
විදේශගත වෙලා ලෝකය ගැන දැන ගෙන ආපු උදවියත් ලංකාවේදී මෙහෙම රැවටෙනවාද ?මේ දේ කොහොම වුනාද කියලා අපැහැදිලියි . මොනවා වුනත් නන්නාදුනන මිනිස්සුන්ට තමන්ගේ රන් අභරණ පෙන්නන්න යන මෝඩ පහේ බවලත් උදවිය තවමත් ඉන්නවාද ? උදේහවා මාධ්‍ය වලින් ඇහෙන්නේ පලවෙන්නේ මාල කඩා ගෙන යන සිද්ධි නේ ! (දී)
ඕකනේ කියන්නේ ගෑනුන්ගේ මොලේ හැඳිමිටේ කියල. (අ)
මට සමාවෙන්න මෙහෙම කියනවට ."" මෝඩකමට බෙහෙත් නැහැ ."" (දී)
මෙහෙම අයට රත්තරන් නැතිවෙන තරමට හොඳයි (නි)
මෙච්චර දැනුවත් කරලත් තවත් මේවට අහුවෙනවනේ (නි)
එතකොට ලංකා තිලක් පිටරට ඉන්න අයට සමච්චල් කරන්නේ එයත් පිටරට ඉන්න ගමන්ද? ඒක තමයි පිටරට ඉන්න උදවිය මෙතන අදහස් ලියනකොට ලංකාවේ ඉන්න කාටවත් නැති අමාරුවක් එයාට තියන්නේ. (නි)
ආ මෙන්න අපේ බන්දුල තුමා අයෙත් ලංකා තිලක් නාමයෙන් ගොඩ බැහැලා. අරෙහෙ නාය යනවා, කුඩු ගේනවා, පාලම් කැඩෙනවා , මොනවත් දන්නේ නැහැ. හැබැයි බවලතියකට අලකලංචියක් වුනොත් අහල පහල අයටත් කලින් කුලප්පු වෙනවා. අනේ හොඳයි ! (දී)
මේ ඉන්නේ තරුණියෝනේ ඒ නිසා ඔමරි පපා උන්නා මිසක් වෙන දෙයක් හිතන්න නැතුව ඇති (දී)
අද කාලේ මෙහෙම ගෙවල් වලට එන අයව විශ්වාස කරන්න පුලුවන්ද? (නි)
ලංකා තිලක්,මගේ නම චම්පික.එදා මගේ නම චම්පිකා කියලා පළවෙද්දී ඔබතුමා කුලප්පු වුණ එක මතක් වෙලා මට දැනුත් හිනායනවා. මීට පස්සේ පාඨක සභාවේ බවලත් උදවියගේ ලැජ්ජා බය මනින්න යන්න එපා. (නි)
ලංකා තිලක් අද නම් හොඳටම නානවා (නි)
අපොයි තිලක් කවදා ඉඳලාද මේ ලජ්ජා බය ඇති මහිලාවක් හොයන්නේ? දැන් වයස කීයද (නදී)
අනේ හසන්ත, කියලාවත් කරගන්න බැරි වැඩක්. ලංකා තිලක්ගේ කන් කරච්චලය එතකොටවත් නවතීවි. නැතිනම් මේ පුවතේ දැක්වෙන තරුණියගේ රත්තරන් බඩු හොයලා දෙන මුවාවෙන් එහෙට යන්න බැරිකමකුත් නැහැ. (නි)
අනේ ලංකා තිලක් එහෙනම් බවලතියක් කියලා චම්පික ගේ ලජ්ජා බය මනින්න ගිහින් වැඩේ වැරැද්ද ගත්තා. ඔය ටික කවදා හරි වෙන බව අපි දැනගෙන හිටියා. (දී)
මඟුල් ගෙදරක යන්න බිරිඳ පැය ගණනක් තිස්සේ සැරසෙනවාලු. සැමියාට තරහා ගිහින් මෙහෙම කිව්වාලු. සුරිය මුදුන් වෙනතුරු රෙදි තේරිල්ල... සාරිය හොඳ මදිය කියමින් දෙඩවිල්ල... කාරිය ඉවර නැත තවමත් හැඩවිල්ල... බාරිය නැතුව මම යමි අම්මාපල්ල...... (නි)
මම ලංකා තිලක්ටඔ හුගේ වයසට ගැලපෙන සුන්දර මනාලියක් තමා මම යෝජනා කලේ . ඒකට වෙන්න ඇති නෙලුම් ඔය ප්‍රතිචාර දක්වා තියෙන්නේ . (දී)
මොකද්ද ලංකා තිලක් මේ කරගත්තේ? චම්පිකව චම්පිකා කරගෙන... අපොයි අපොයි සභාවේ පිරිමි අපිටත් ලැජ්ජයි. (නි)
අනේ බලන්නකෝ ලංකා තිලක් උන්නැහේ අපේ පාඨක කාන්තාවන් ගැන මෙතරම් සද්භාවයෙන් කටයුතු කරද්දී ඔහුටමනේ මෙහෙම බාල්දි පෙරලෙන්නේ. (නි)
ලැජ්ජා බයෙන් යුතු බවලතියක් පතලා. .. ලංකා තිලක් රන් බඩු සෙව්වේ පැනලා ... හෙළ ඇඳුමකින් සැරසී වටපිට නොබලා ... යනකොට චම්පිකා මෙහෙ චම්පික වීලා... (නි)
පුවතින් දැක්වෙන තරුණියගේගේ නුවණ හැඳි මිටේ කියන්න ගිහින් මම එහෙමම ඒ වචන ටික ගිලගත්තා. අපේ ලංකා තිලක් උන්නැහේ චම්පිකව චම්පිකා කරගත්ත එක දැනගෙන මට කට උත්තරත් නැතුව ගියා. (නි)
කොහොමද ලංකා තිලක් හිතුවේ මේ පුවතින් දැක් වූ තරුණිය අපේ පාඨක සභාවේ කාන්තාවක් කියලා. ඔබ ඒ කාටවත් තෑගි කළ රන් මාලයවද්ද මේ උස්සාගෙන ගිහින් තියෙන්නේ? (නි)
මෙහෙම වංචා කරලා සල්ලි හොයන්නේ කාට කන්න දෙන්නද (දී)
ඔබ දන්නවද සමහර කාන්තාවන් මැදපෙරදිග ගියාම අඩු වැටුපට වැඩ කරන්නේ. එත් සිකුරාදාට ඉන්දින්, පකිස්ටන්, බංගලි, අය එක්ක අතිකාල වැඩට යනවා. ඒ ගියාම රත්තරන් බඩු, අහාර, ඇඳුම් පැළදුම් ඉල්ලා ගන්නවා. සමාජය අනුමත නොකරන අතිකාල වැඩ කරලා උපයන රත්තරන් බඩු මේ විදියට නැතිවෙනවා. මහන්සියෙන් උපයන දේ හොරු ගන්නේ නැහැ. (දී)
අපේ අම්මගේ මුද්දකුත් ඔය වගේ අරගෙන ගියා. (දී)
සුජානි එහෙම නැද්ද? (දී)
ඔය ගැහැණුන්ගේ නුවන හැඳිමිටේ දිගයි කියන අය මේ කාලේ සිදුවෙන දේවල් දැක්ක නම් ලියයි, "පිරිමින්ගේ නුවන තේ හැඳි මිටක් තරම් වත් දිග නැහැ " කියල. නැත්නම් ඉතින් ගැහැණුන්ගේ කරේ තියන මාල හොරකම් කරන්න පිරිමින්ට ලජ්ජා නැද්ද. තිලක් අයිය ගැහැණු හිතක් හොරකම් කරන්න මොනතරම් වෙහෙසෙනවද කියලයි මම මේ කල්පනා කළේ. (දී)
දරුවන්ට කන්න දෙන්න තිලක සිරි (දී)
වටිනාකම නොදන්නා රන් මාලයට රුපියල් 80000 ක වටිනාකමක් දුන්නේ කව්ද? (නදී)
අද කාලෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න හොද නැහැ,(දී)