ලව් කරන්න පන්දාහක රීලෝඞ් කොන්දේසියක්
ඔහු තිස් හතර හැවිරිදි වියේ පසුවන තරමක් මෝඩ පහේ අවිවාහකයෙකි. පියාගේ ඇවෑමෙන් පසු හැත්තෑ තුන් හැවිරිදි මව සමඟ ජීවත් වූ මොහු ගමේ කවුරුත් ඉතා කුළුපගව ඇසුරු කළේය. දිනක් ගමේ තරුණ පිරිසක් සමඟ කතාබහ කරමින් සිටින විටදී ඔවුන් ඔහුට යෝජනා කළේ අපි හැමෝම ගැහැනු ළමයි එක්ක යාළුවෙලා ඉන්නවා වාගේ ඔයත් ගැහැනු ළමයෙක් එක්ක යාළුවන ලෙසය.